මත්තලත් සමාගමකට දෙනවා.. කොළඹ වරායේ නැගෙනහිර, ත්‍රිකුණාමල තෙල් ටැංකි ඉන්දියාවට..
July 31, 2017 at 11:20 am | lanka C news
හම්බන්තොට මත්තල ගුවන් තොටුපල පුද්ගලික සමාගමකට පවරාදිමට අවධානය යොමු වී ඇති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අලුත්ගමදී මාධ්‍ය වෙත කියා සිටියේය.
මෙම වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන්නේ ගුවන් සමාගමේ ලාභය ඉහළ නැංවීම සදහා බවද ඔහු සදහන් කලේය.
මේ අතර කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ සදහන් කලේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය හා ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පවරාදීම සදහා ආණ්ඩුව කඩිමුඩියේ සූදානම් වන බවයි.