මත්තලින් රට යන අයට වට්ටම්..

September 17, 2020 at 12:40 pm | lanka C news
මත්තලින් රට යන අයට වට්ටම්..

ඉදිරියේ දී මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට වට්ටම් ලබා දීමට රජය සුදානම් වෙයි. මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සාකච්ඡා කරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සංඛ්‍යාලේඛන අනුව වාර්ෂිකව දිවයිනෙන් විදේශ රැකියා සදහා පිටව යන සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවයි. ඉන් 20% පමණ මත්තල ගුවන් තොටුපළ ආශ්‍රිත දිස්ත්‍රික්ක 09 කින් පිටත්ව යන බව අධ්‍යනයකින් හෙළි වී තිබේ. එම දිස්ත්‍රික්ක වන්නේ ගාල්ල, මාතර, හම්බන්තොට, මොණරාගල, බදුල්ල, අම්පාර, රත්නපුර, කල්මුණේ, මඩකලපුව යන දිස්ත්‍රික්කයි. මෙම යෝජනාව සදහා කැබිනට් අනුමැතිය හිමි වු බවත් ඒ අනුව අදාළ සාකච්ඡා පැවැත්වෙන බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

කොවිඩ් 19 හේතුවෙන් මේ වන විට ගුවන්තොටුපළ වසා තිබුණ ද නැවත ගුවන්තොටුපළ විවෘත කිරිමත් සමග රැකියා සදහා විදෙස්ගත වීම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.ඒ සදහා කාලයක් ගත විය හැකි වුවද එලෙස විදෙස්ගත වන ශ්‍රමිකයන් සංඛ්‍යාව යථා තත්ත්වයට පත්වන විට මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුව ඇති බව ද ඇමතිවරයා කියයි.

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ සක්‍රීය ගුවන් තොටුපළක් බවට පත් කිරිම වත්මන් රජයේ ප්‍රමුඛ අපේක්ෂාවයි. කොවිඩ් 19 හේතුවෙන් වසා දමා ඇති ගුවන් තොටුපළ නැවත විවෘත කිරිමේ දි මත්තල ගුවන් තොටුපළ සදහා ද වෙනම වැඩපිළිවෙලක් සංචාරක අමාත්‍යාංශ ඇමති මණ්ඩලයට දැනටමත් නිර්දේශ කර තිබේ. ඒ අනුව දැනට කොවිඩ් 19 අවධානමට වැඩි වශයෙන් ලක් ව ඇතැයි හදුනාගෙන ඇති රටවල ගුවන් මගීන් මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ හරහා දිවයිනට ගෙන්වා ගැනීමට සැලසුම් කර තිබේ. එය සිදු කෙරෙන්නේ සෞඛ්‍ය අංශවල පූර්ණ අධික්ෂණය යටතේයි.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ලෝකයේ විවිධ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීමේදී ද මත්තල ගුවන්තොටුපළ විශේෂ කාර්යභාරයක් ඉටු කරන බව පැවසු ඇමති ප්‍රසන්න රණතුංග මහතා 15 දක්වා ගුවන් ගමන්වාර 198 කින් මගීන් 8200 ක් මත්තල ගුවන්තොටුපළ හරහා දිවයිනට පැමිණ ඇතැයි ද කීවේය.

– ප්‍රදීප් අනුර කුමාර

19,449 views

5 Comments to “මත්තලින් රට යන අයට වට්ටම්..”

  1. Lakmal says:

    Kattiya yavanda issaravel pitaratavala asarana vela inna aya gennanda vidihak hadanda

  2. Jagath says:

    හැමදේම බෙලිඅත්තට දැන්

  3. aniwa says:

    aniwa sir we need to force people to use mattala and increase air fare when fly from Katunayaka.
    Jaya wewa gota sir !

  4. shortcircuit says:

    ඇයි මෙහෙම විහිළු සපයන්නෙ තමන්ට ළග ගුවන් තොටුපළෙන් නොයා පරංගියා කොට්ටෙ ගියා වගේ කරල වට්ටම් දෙන්න. මේ රටේ මිනිස්සු ඔක්කොම තමයි ජනාධිපතිවයි අගමැති ඇතුළු කට්ටිය තෝරල තියෙන්නෙ ඒ මුළු රටටම යම් සමානාත්මතාවයකින් සළකන්න. මත්තල ගුවන් තොටුපලකට සුදුසු තැනක් නොවෙයි නමුත් වරායකට හම්බන්තොට හොදයි ඒකයි චීනා ඒක ඇල්ලුවෙ. මත්තල ඕක හදද්දි සත්තු කීයක් මැරුණද අධිබල විදුලි රැහැන් වලට වදුරෝ රිලව් දඩු ලේන්නු කීයක් මැරුණද කුරුල්ලො ප්ලේන් වල කීයක් හැපුනද පරිසරවේදීන් එපා කියද්දි ඊට වඩා සුදුසු තැන් රටේ නෑ වගේ එතනම හැදුව. පව්කාර ප්‍රොජෙක්ට් සාර්ථක වෙනව අඩුයි.

    • සුදු පුතා says:

      HongKong වරාය සහ ගුවන්තොටුපල ලඟම Shenzhen වරාය සහ ගුවන් තොටුපල හදද්දී ගොඩක් ය චීන නායකයන්ට හිනා වුනා. ඒත් දැන්? ඒ ගැනත් හොදට හොයල බලන්න. මත්තල ඔබ තුමා කියන වගේ ලොකු ප්‍රශ්ණ නැහැ. මත්තල commercial airport එකක් කරන්න පුළුවන් මාගම්පුර වරායත් එක්ක.

Main News