මත්තල ගුවන්තොටුපල ලෝකයේ නාවිකයන් හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් කරයි..

July 2, 2020 at 5:30 pm | lanka C news
මත්තල ගුවන්තොටුපල ලෝකයේ නාවිකයන් හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් කරයි..

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙළඳ නැව් වල නාවිකයන් හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීමට රජය සූදානම් වෙයි . ඊට අවශ්‍ය පියවර දැනටමත් ගෙන ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

පසුගිය මාසය තුල මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණ ඇති ගුවන්යානා සංඛ්‍යාව 13කි . රෝමයේ සිට පුද්ගලයින් 155 දෙනෙකු රැගත් ගුවන්යානයක් ඊයේ මත්තලින් දිවයිනට පැමිණි අතර අද හීතෲ ගුවන්තොටුපලේ සිට 90 ක් මත්තලින් දිවයිනට පැමිණියේය. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙන්ම වෙලඳ නවික නාවිකයෝ ද මත්තල ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණ තිබේ. මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ඇරඹීම සදහා මේ වනවිට සූදානමින් සිටියි. ඒ සඳහා ජාත්‍යන්තර ගුවන් සමාගම් කිහිපයක් එකඟත්වයක් පල කර තිබේ. ඔවුන් සමඟ තවදුරටත් සාකච්ඡා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටුනායක ගුවන්තොටුපලින් පැමිණෙන සියළුදෙනා පී.සී.ආර් පරීක්ෂාවට ලක් කෙරේ. එම පරීක්ෂණ වාර්තා ලැබෙනතුරු පැය 06 කට ආසන්න කාලයක් ගුවන්තොටුපල ආසන්නයේ රඳවා ගෙන සිටිමට සිදුව ඇත. මේ තත්වය තුල කටුනායක ගුවන්තොටුපලේ දිනකට ගුවන් මෙහෙයුම් කළ හැක්කේ උපරිමයෙන් ගුවන්යානා 3 – 4 ක් පමණි. මේ නිසා මත්තල ගුවන්තොටුපල ද භාවිතා කරමින් විදෙස් ගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වීමේ කටයුතු කඩිනම් කිරීමට පියවරගෙන ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර ගුවන් සමාගම් මත්තලට ගමන් කිරීම දිරිමත් කිරීම සඳහා රජය ඔවුන්ට සහන රැසක් ද ලබා දී ඇති බවයි.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල ආරම්භ කලේ 2013 මාර්තු මස 18 වෙනිදයි. එය ඉදිරි කිරීමට වැය කල මුදල ඇමරිකානු ඩොලර් මිලියන 209 කි. පසුගිය යහපාලන රජය විසින් මෙම ගුවන්තොටුපලේ ගුවන් මෙහෙයුම් සම්පූර්ණයෙන්ම නතර කල අතර එහි වී ගබඩා කිරීමට කටයුතු කලේය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව මත්තල ගුවන්තොටුපල සක්‍රීය ගුවන්තොටුපලක් බවට පත් කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගත් බවයි . ඉදිරි නව රජය යටතේ මත්තල ගුවන්තොටුපල තුල ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට අවශ්‍ය ඉදිරි පියවරා ගන්නා බව ද ඇමතිවරයා සඳහන් කරයි.

– ප්‍රදීප් අනුර කුමාර

36,654 Viewers

18 Comments to “මත්තල ගුවන්තොටුපල ලෝකයේ නාවිකයන් හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් කරයි..”

  1. දේශප්‍රේමී says:

    මොන දහං ගැටයක් හරි ගහලා මත්තල සක්‍රිය කරන්න හදන්නෙ.
    කටුනායක ගුවන් තොටුපලේ පීසීආර් පරීක්ෂණ පහසුකම් වැඩි කරනවා වෙනුවට මගීන්ව මත්තල යවනවා..

    මීට කලින් මාගම්පුර වරායටත් කලේ ඕකමයි,, අලුතින් නැව් ගෙන්වන ක්‍රියා මාර්ග ගන්නවා වෙනුවට කොළඹ වරායට ආපු වාහන නැව් මාගම්පුරට යැව්වා. අලුතින් ආදායමක් උත්පාදනය උනේ නෑ.

    නාවිකයන් හුවමාරැ කරන්න විතරක් නැව් සමාගම් වරායකට එන්නෙ නෑ,, මේක මේ මිනිස්සු අන්දන්න කියන මගඩි කතාවක්.

    • Tikka says:

      නොදන්න කමටමයි ලොකු උන්නැහේ මේ අහන්නෙ.. උඹලයි ගෙදර පස්සා දොරක් නැතැයි…? ගල් ගුහාවක වාසෙට පල..

      • Jay Jay Chandra says:

        කරුණවෙන්
        ශ්‍රී ලක්දිව මව් වහන්සේට ගරු කරන්න. එවිට වදපූ දෙමව්පියන් ටද පින්.

    • ක්‍රිමිනල් says:

      Our Rajitha ගෞරවනීය ඇමතිවරයා සෑම විටම මේ රටේ සිදුවන ඕනෑම දූෂණයකට එරෙහිව ය.

      දූෂිතයින්ගෙන් බොහෝ දෙනෙක් මෙම අවංක ඇමති රජිතට නිතරම චෝදනා කරති.

      ඔහුගේ ආදරණීය පුතා සහ අපේ ඇමති දිගු කලක් ජීවත් වේ

    • ප්‍රේමනාත් says:

      දේශප්‍රේමී, උඹ පේඩි සජියගෙ වහලෙක්ද, පුංචම්මගෙ වාහෙගෙ වහලෙක්ද?

    • රට වැසිය says:

      දේසප්‍රේමී බලපන් ඔලුවෙ අං තට්ටුවක් තියේද කියල ..

  2. ක්‍රිමිනල් says:

    වර්තමාන රජයට COVID 19 පාලනය කළ හැක්කේ JVP හි මඟ පෙන්වීම හා සහායෙනි.

    අනිවාර්යයෙන්ම 2 වන සහ තුන්වන රැල්ල පැමිණිය යුතුය. එය අපගේ ජේවීපී සහ එක්සත් ජාතීන්ගේ මහත් අපේක්ෂාවයි.

    2 වන සහ 3 වන තරංග පාලනය කළ හැක්කේ UNP සහ JVP සඳහා පමණි.

    ජනතාව ජේවීපී සහ එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දිය යුතුයි

    • ත්‍රීවීල් says:

      මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා

    • ත්‍රීවීල් says:

      මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපාමෝඩයො

  3. Manoj says:

    හොඳ වැඩක් .

    මේ ගුවන්තොටුපල sea freight – Air freight කරන්නත් Air freight – sea freight කරකරන්නත් යොදා ගන්න පුළුවන් ඉන්දියන් සාගරයේ තියෙන හොඳම මෙහෙයුම් මූලස්ථානය .

    මේක කොහොම හරි වැඩි දියුණු කර ගන්න .

    ඕන ගණන් ඒ වෙනුවෙන් ණය ලබාදීමට විදේශ බැංකු සූදානම් .

    ඉතාම ලේසියෙන් මේ ආයෝජනය පියවා ගන්න පුළුවන් .

    • දේශප්‍රේමීයකු says:

      Sea freight/ Air freight කියන වචන දෙකේ තේරැමවත් දන්නවද?

      මෝඩ කතා කියන්න එපා

  4. kkuruwita says:

    අම්මප මේ රනිල සජිය ජේවීපී රොත්ත මොන තරම් හීන බුද්ධියක් තියෙන , රට වෙනුවෙන් යමක් අලුතින් හිතන්න මොලය නැති අමුම අමු මීහරක් නිසා නේද මුලු ලෝකෙටම විහිලුකාර ජෝකර්ලා වෙලා මත්තල ගුවන් තොටුපලේ වී ගබඩා කලේ. ලැජ්ජ නැතුව බොරු කියමින් අපිව අන්දමින් ආය බලය ඉල්ලන හැටි බලන්නත් අප්පිරියයි.

  5. Dikman Aiyya says:

    ….destroying public property brings bad luck and curse,…see the state of YAHAPAALANA fellows today,….see their faces…like they are strait from hell,…endless legal battles jail terms sickness,…this is the curse…Should never do those…they destroyed Mattala,…thats a huge curse

  6. Think Tank says:

    This is a great idea, this will lead to the development of rural areas that were limited only to the capital city, Colombo.

  7. Gone gota says:

    Bullshit, Only couple of airliners coming to Mattala Airport. Others have rejected coming to the airport due to safety reasons as high risk of bird striking.