මත්තල ගුවන් තොටුපලත් විදේශයකට දෙන්න සියල්ල සූදානම්..- ජවිපෙ

January 3, 2020 at 12:40 pm | lanka C news
මත්තල ගුවන් තොටුපලත් විදේශයකට දෙන්න සියල්ල සූදානම්..- ජවිපෙ

කොළඹ ෂැංගිලා හෝටලය ආසන්න අක්කර තුනක ඉඩම මෙන්ම මත්තල ගුවන්තොටුපල ද විදේශිකයන්ට ලබාදීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කළේ රටේ රාජ්‍ය සම්පත් ආරක්ෂා කරන බවට පොරොන්දු දී බලයට පැමිණි ආණ්ඩුව අද මේ ආකාරයෙන් කටයුතු කරමින් සිටින බවය.

පසුගිය ආණ්ඩුව ද අදාළ ඉඩම විදේශයකට ලබා දීමට ගත් උත්සාහය තම පක්ෂයේ විරෝධය නිසා නැවතී ගිය බවද ඔහු පැවසීය.

දැනටමත් මත්තල ගුවන්තොටුපල විදේශීය ආයෝජකයෙකුට ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බවත් ඊට ආයෝජකයෙක් සොයමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

රනිල් මෛත්‍රී ආණ්ඩුව විසින් විකුණනු ලැබූ දේවල් පවා නැවත ලබා ගන්නා බවට පොරොන්දු දී බලයට පත් වූ ආණ්ඩුව මාස දෙකක් ගත වීමට පෙර රජයේ සම්පත් විදේශිකයන්ට ලබාදීම ආරම්භ කර ඇතැයි ද ඔහු තවදුරටත් පැවසුවේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජනතාවගේ ජනවරමට පිටුපාමින් රජයේ දේපල කුණුකොල්ලයට විකුණමින් විකිණීම ආපසු හැරවීමට කටයුතු කළ යුතු යැයි ද ඔහු තව දුරටත් සඳහන් කළේය.

270 views

31 Comments to “මත්තල ගුවන් තොටුපලත් විදේශයකට දෙන්න සියල්ල සූදානම්..- ජවිපෙ”

  1. Crazy says:

    When are you guys going to stop this nonsensical behaviour???

  2. දැයට හිතැති says:

    පලයං යකො යන්න බොරු නොකිය. උඹල කොහේද හිටියෙ හම්බන්තොට වරාය දෙන කොට. රනිල්ට කටට දීගෙන හිටියෙ උඹගෙ මහ එකා

  3. JSJ says:

    Munta den kiyanne dewal ne. Pissuwen wage kiyawanawa. Elaga Chandedi 3 nethi wenawa.

Main News