මත්තල ගුවන් තොටුපල ගුවන් යනාවලට වසරක් නොමිලේ…

September 13, 2020 at 6:48 pm | lanka C news
මත්තල ගුවන් තොටුපල ගුවන් යනාවලට වසරක් නොමිලේ…

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් යානා ගොඩබැස්සවීමේ හා ගුවන් යානා නතර කිරීමේ ගාස්තු අය කිරීම වසරකට සම්පූර්ණයෙන් ම අත් හිටුවයි. මත්තල ගුවන් තොටුපළට ජාත්‍යන්තර ගුවන් යානා ගෙන්වා ගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඊට අදාළ නියෝග ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරිණි.

ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් වල දී උපරිම පිටත් වීමේ බර මෙට්‍රික් ටොන් 1 ක් සදහා අය කෙරෙන ගොඩබැස්සවීමේ ගාස්තුව ඩොලර් 4 කි. ගුවන් යානා නතර කිරීමේ ගාස්තුව වන්නේ ගොඩබැස්සවීමේ ගාස්තුවෙන් 10%කි. මීට අමතරව මත්තල ගුවන් තොටුපළේ ගුවන් තොටුපළ අපනයන බද්ද අය කිරීම වසර 02 ක් සදහා සම්පූර්ණයෙන් ම අත්හිටුවීමට ද රජය තීරණය කර තිබේ. ඊට අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමි විය. මේ වන විට මුදල් අමාත්‍යාංශය ඊට අදාළ ඉදිරි කටයුතු ද සිදු කරමින් සිටින බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඇමෙරිකානු ඩොලර් 60 ක් වන ගුවන් තොටුපළ අපගමන බද්ද අය කෙරෙනුයේ ගුවන් මගීන්ගෙනි. ඒ ඔවුන්ගේ ප්‍රවේශ ප්‍රත මිලෙන් සැලකිය යුතු ප්‍රමාණයකි. කලාපීය තරගකරුවන් හා සැසදීමේ දී ගමනාන්තයක් ලෙස සංචාරකයන්ගේ ආකර්ෂණයට අහිතකර ලෙස බලපාන බව ද අධ්‍යන මගින් හෙළි ව ඇතැයි පවසන ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහනාදායී ගුවන් සමාගම් ද මත්තල ගුවන් තොටුපළ අපගමන බද්ද කිසියම් කාලයකට අතහැර දැමීමට හෝ අඩු කිරීමට සලකා බලන ලෙස ඉල්ලීම් කර තිබු බවද පවසයි.

මීට අමතරව මත්තල ගුවන් තොටුපලේ බිම් මෙහෙවර සේවා සදහා වට්ටම් අනුපාතයක් ලබා දීමට ද තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ වල බිම් මෙහෙවර සේවා (Ground Handling) ගාස්තු සෙසු කළාපීය ගුවන් තොටුපළට වඩා ඉහළ අගයක් ගනී. එය මත්තලට ජාත්‍යන්තර ගුවන් සමාගම් ආකර්ශනයට බාධාවක් බැවින් මෙම තීරණයට එළඹි බව ඇමතිවරයා කියයි. ශ්‍රී ලංකන් සමාගම මේ සම්බන්ධයෙන් මේ වන විට කටයුතු ද කරමින් සිටි.

මත්තලට පැමිණෙන ගුවන් යානා සදහා සහන මිලට ඉන්ධන ලබාදීමට ද රජය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් ඛණිජ තෙල් සංස්ථාව සමග දැනටමත් සාකච්ඡා කර ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. මෙම සහනය ලබාදීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ඉදිරියේ දී මේ සම් බන්ධව ඛණිජ තෙල් සංස්ථාව සාධණීය ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි අපේක්ෂා කරන බව ද රණතුංග මහතා කියයි.

මේ සියළු පියවර ගන්නේ  මත්තල ගුවන් තොටුපළ සක්‍රීය ගුවන් තොටුපළක් බවට පත් කීරීම සදහා බව පවසන ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඉදිරි මාස 06 ක කාලය තුළ මෙරට දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපළ ලෙස මත්තල ගුවන් තොටුපළ දියුණු කිරීම සිය අපේක්ෂාව බව ද පවසයි.

– ප්‍රදීප් අනුර කුමාර

39,380 views

9 Comments to “මත්තල ගුවන් තොටුපල ගුවන් යනාවලට වසරක් නොමිලේ…”

  1. kolla says:

    mee kuppa airport ekata ballekwat enne naa 😀 lankawata ena adayamat adu karanne mee gubbayamata enne mokaada?

  2. බේබි කුසුම් says:

    ඔය මොන සෙල්ලම් දැම්මත් ගුවන් යානා මත්තලට එන්නේ නෑ ඕයි.
    මඟින් නැත්නම් මොන ගුවන් යානයද හිස්ව එන්නේ.
    පරයා.

    • Aurora says:

      පව් මේ කලකන්නි හොම්බ බිම ඇනෙන්න පරාද වුන එකේ අමාරුවට විලාප තියනවා ඇරෙන්න වෙන කිසි දෙයක් දන්නෙ නැති සිපෛයො. මුන් හිතන් ඉන්නෙ ගුවන් තොටක් වරායක් හදපු ගමන් ලෝකෙ තියන තරමක් ගුවන් යානා සහ නැව් එනව කියල. කොලබ වරාය අඅවුරුදු 800 සහ කටුනායක සුද්දන්ගෙ කාලෙ සිට තමයි මේ තත්ත්වයට ඇවිත් තියෙන්නෙ.

    • Nimal says:

      කුසුම් බේබි
      බොළ උබලගේ අර නාකි කොටළුවා කරපු වැඩ හින්ද නෙවේද මේ ඔක්කොම, ඌ airport එක වී ගබඩාවක් කලා බොලාට අමතකද

  3. john the baptice says:

    විදේශ රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන්ට සහන බදු සමග වාහනයක් ගේන්න ඉඩ සලස්වන්න

  4. Chaminda අයියා says:

    Well done sir! ඉතාමත්ම අගනා තීරණයක් ජයවේවා මැතිතුමනි! ගුවන් තොටුපොළක වී ගබඩා කරපු කාලකන්නි අමනයන්ට ගහපු කනේ පාරක්. රට දියුණු කරන්න මනා දැක්මක් ඇති රජයක් ලෙස පේනව.

  5. senanayake says:

    If air port was built with a proper business plan and location we dont have to free service to attract business. most of the MR projects with china only squeezed us economically rather than making profits. common people think he developed the country but they are misled big time.

  6. Krishan Senarath says:

    ලංකාවේ තිබෙන සැම පහසුකමක් තියෙන ගුවන්තොටුපොල මත්තලයි ගුවන් යානයක් ගුවන්ගතවිමකදි අවස්ථා කිහිපයක් තිබේ කටුනායක එක් අවස්ථාවටක් පමණයි තිබෙන්නේ ගුවන්පථය සිමිත නිසා මත්තල කිලෝමීටරයක දිගින් යුක්තයි මත්තලට හයිවේ තිබෙන නිසා පහසුවෙන් ලගාවෙන්න පුළුවන් එය ජයග්‍රහණය කල හැකි ගුවන්තොටුපොලකි මත්තල

  7. SIRISENA says:

    ඕක ඇමති තුමා ගුවන් සමාගම් වලට කතා කරලා කියනවා. පොඩි මාකටින් පාරක් දෙනවා හොඳයි. නිකන් බය්යන් චුන් කරලා වැඩක් නැහැ . මොකා ගත්තත් හොඳ තීන්දුවක්. සිංගප්පුරු ගුවන් සමාගම පැය පහකට වඩා වැඩි වෙලවක් රැඳී සිටින මගීන්ට නොමිලේ සංචාරයක් දෙනවා මාසයක විසා එකක එක්ක. මමත් ඒක අත්විඳලා තියෙනවා. ලංකාවට එන ගුවන් යානා සේවකයන්ට නොමිලේ එක දවසක සංචාරයක් දුන්නා නම් මාල දිවයින් යන්නේ නැහැ .