මත්තල ගුවන් තොටුපළට සංචාරකයන්ට එන සහන පැකේජ…

October 20, 2021 at 8:40 am | lanka C news
මත්තල ගුවන් තොටුපළට සංචාරකයන්ට එන සහන පැකේජ…

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළට සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සදහා නව වැඩපිළිවෙලක් සැකසේ. ඒ අනුව සංචාරක පැකේජ හදුන්වා දීමට ඉදිරියේ දි කටයුතු කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

දැනටමත් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණෙන ගුවන් යානා සදහා විශේෂ සහන පැකේජ හදුන්වා දි තිබේ. ගුවන් තොටුපළ අපනයන බදු වසර දෙකක කාලයක් සදහා නිදහස් කර ඇති අතර ගොඩ බෑමේ හා නවතා තැබිමේ ගාස්තු සදහා ද වසරක සහන ලබා දී ඇත. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංචාරක ආකර්ෂණය හිමි ගුවන් තොටුපළක් ලෙස ප්‍රවර්ධනය කිරිමේ දි ගුවන් තොටුපළ ආශ්‍රිත හෝටල් පහසුකම් වැඩි දියුණු කිරිම සම්බන්ධයෙන් ද විශේෂ අවධානය යොමු ව ඇතැයි ඇමතිවරයා සදහන් කරයි.

මත්තල ගුවන්තොටුපළේ පහසුකම් වැඩි දියුණු කිරීමට ද රජය කටයුතු කරමින් සිටි. එහි අංග සම්පුර්ණ භාණ්ඩ පිරික්සුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සදහා පවතින නඩත්තු ගොඩනැගිල්ල නවීකරණය කිරීමට කටයුතු යොදා ඇත. ඒ සදහා ඇමති මණ්ඩල අනුමැතිය ද හිමිව තිබේ. ගුවන් යානා අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරිමට ද කටයුතු යොදා ඇති අතර විදේශීය ගුවන් යානා වලට සේවා සැපයීම එහි අරමුණයි. ඉදිරි කාලය තුළ සුළු නඩත්තු කිරිම් මත්තල ගුවන්තොටුපළ තුල සිදු කිරීමට ද අපේක්ෂිතයි. ගුවන් යානා නඩත්තු කිරිම්, එන්ජින් අලුත්වැඩියා කිරිම් සදහා ශක්‍යතා අධ්‍යනයක් ද සිදු කර තිබේ. ඊට අදාළ යටිතල පහසුකම් සහ අනෙකුත් පහසුකම් සම්පුර්ණ කිරිමට කටයුතු කරමින් සිටින බව ද ඇමතිවරයා සදහන් කරයි.

ගුවන් භාණ්ඩ මෙහෙයුම් සේවා මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ තුල පුළුල් කිරිමට ද අපේක්ෂා කෙරේ. ඒ අනුව ඉදිරියේ දී සතියකට භාණ්ඩ ගුවන් යානා 06 ක් පමණ කියාත්මක කිරිමට සැලසුම් කර ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි. මේ වන විටත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම භාණ්ඩ හැසිරවීමේ සේවා සැපයීම ආරම්භ කර තිබේ. පුළුල් ගුවන් යානා 03 ක් ඇතුළු ව ගුවන් යානා 07 ක් පමණ ගුවන් භාණ්ඩ ප්‍රවාහනය සදහා යොදවා ගෙන ඇත. ඉදිරි වසර තුළ මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළ වඩාත් සක්‍රීය ගුවන් තොටුපළක් බවට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව ද ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.

– ප්‍රදීප් අනුර කුමාර

17,013 views

9 Comments to “මත්තල ගුවන් තොටුපළට සංචාරකයන්ට එන සහන පැකේජ…”

  1. ගමේ මනුස්සයා says:

    අහල තියෙන විදියට සත්තු නිසා ගුවන් යානා ගොඩබෑමේ අවදානම නිසා එන්නෙ නෑ කියන්නෙ.පැකේජ දුන්නහම අවදානම නොතකා ගුවන්‍ යානා ගොඩබාන්න අදහස වෙනස් වෙයිද.

  2. Banda says:

    තොටුපළ අපනයන බදු වසර දෙකක කාලයක් සදහා නිදහස්…. ??????

  3. LalithM says:

    කොමිස් ගහන්න හදපු වරාය ගුවන්තොටුපල පිට්ටනිය රැස්වීම් ශාලා මේ ඔක්කොටම ණය වලට අපේ මුලු විදේශ ආදායම ගෙවල මිනිස්සුන්ට ජීවත්වෙන්න බැරි තැනට දැම්ම.දැන් පැකේජ දුන්නම කටුනායකට එන ආදායම නේද ඔය නැතිකරන්න හදන්නේ.කරපු වැරදි පිලිගන්න බැරුව තව තවත් බොරු ෂෝ දමල ජන්දය කොල්ලකෑම.මෙහෙමත් තිරිසන් ක්‍රියා අපේ රාජපක්ෂ අනුගාමික මෝඩයන්ට තාම තේරුම්ගන්න බැරිද.

    • Carbon says:

      Nidahas adyapanaya, Nidahas Saukya, 84% GDP eka yanne rajaye padi wishrama watup gewanna.Hamadama rajapakshalata bana bana idapan gon wahanseela tika.Rata naya wenne ratata daranna bari raajya sewakayo nisa.225ma ain karath rata eka thana.

    • Dilith says:

      ගුරැ උද්ගෝසනේ නිසා රෙද්දේ බඩගිය ජෙප්පන්ගේ මෝඩ චුුන් පවි මෙහෙම හරි ලැජ්ජාව වහගනිල්ලා….

    • Sajja says:

      LalithM යමක් ලියන්න කලින් ගණන් හදා බලන්න. මත්තල ඉදිකිරීම් වැය ඩොලර් මිලියන් 196 යි.
      වසරක පොලිය මිලියන් 11 යි. වාරිකය 20 ට අඩුයි. අවුරුද්දකටම ගෙවන්න තියෙන්නේ මිලියන් 30 යි.
      අවුරුද්දක කිරි පිටි ආනයනය මිලියන් 400 යි.
      මාසෙකට විදෙස් ප්‍රේෂණ මිලියන් 500 යි.

      තේරෙනවාද මන් ද.

  4. wikum says:

    Have they at least arranged Sri Lankan Air ways flights to Mattala Airport at the moments? They are just talking only, no real applications.

  5. Saman kumara says:

    කටුනායකට එන අදායමත් නැති කරල..රටට එන ආදායමත් නැති කරනවා

  6. B r wijesingha says:

    ලක්ස 7ක් හිටපු රාජ්‍ය සේවය රටට දරන්න බැරි විදිහට ල්කස 15කරේ රාජපක්ෂ තමයි

Main News