මත්තල ගුවන් තොටේ වැදගත්කම වූහන් මෙහෙයුමෙන් හෙලිවෙයි…

February 2, 2020 at 1:20 pm | lanka C news
මත්තල ගුවන් තොටේ වැදගත්කම වූහන් මෙහෙයුමෙන් හෙලිවෙයි…

රටේ ජාතික ගුවන්සේවයක් හා දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපලක් තිබීමේ වැදගත් කම වුහාන් වල සිරවී සිටි ශ්‍රී ලංකිකයින් මෙරටට ගෙන ඒමේ සිද්ධියෙන් තහවුරු වුයේ යැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

කොරෝනා වසංගතය හේතුවෙන් වුහාන් ප්‍රදේශයේ සිටි ශ්‍රී ලංකීය සිසුන් ඇතුළු 33 දෙනා මෙරටට රැගෙන ඒම සදහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ ශ්‍රී ලංකන් ගුවන් යානයේ කාර්යමණ්ඩලයට ප්‍රණාමය පුද කරමින් ඇමතිවරයා මේ බව සදහන් කලේය. ඒ වෙනුවෙන් කැපවූ ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ වෙතද සිය ප්‍රණාමය පල කරන බවද ඇමතිවරයා සදහන් කලේය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙහිදි කීවේය.  “හැමෝම බැනපු හැමෝම විවේචනය කරපු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්යමණ්ඩලය මේ සදහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූයේ වුහාන් ප්‍රදේශය වසා දැමීමෙන් පස්සේ අපේ රටට තමයි මුලින්ම අවස්ථාව ලැබුනේ අපේ කණ්ඩායම ශ්‍රී ලංකාවට ගෙන්න ඒ ශ්‍රී ලංකා හා චීනය අරත පැවති මිත්‍රත්වය නිසා විශේෂයෙන්ම වත්මන් රජය චීනය අනුගමනය කරන මිත්‍රශීලි ප්‍රතිපත්තිය නිසයි. අපට මේ අවස්ථාව ලැබුනේ.

අපි මේ ගුවන් යානයේ ගිය කාර්යමණ්ඩලයත් විශේෂ පරික්ෂාවකට ලක් කලා ඔවුන්ට විශේෂ පුහුණුවකුත් දුන්නා ගුවන් යානයත් විෂබීජානු හරණට ලක් කලා කර්යමණ්ඩලය සම්බන්ධයෙන් අපි තවදුරටත් ඉන්නේ අවධානයෙන් ඒ නිසා ඒ ගැන කිසිවෙකු බිය විය යුතු නැහැ.

මම දැක්කා එක්සත් ජාතික පක්ෂය කියනවා ආණ්ඩුව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවට එන එක වලක්වන්න ගත්ත පියවර ප්‍රමාණවත් නැහැ කියලා පාස්කු ප්‍රහාරය එල්ල වන බව බුද්ධි අංශ කියද්ධි කිසිම පියවරක් නොගෙන මර නින්දේ හිටපු එක්සත් ජාතික පක්ෂය අද නින්දෙන් ඇහැරිලා කිඹුල් කදුළු හෙලනවා අඩු තරමේ පාස්කු ප්‍රහාරයෙන් පස්සෙවත් මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න මේ අය කටයුතු කලේ නැහැ. අපේ ජනාධිපතිතුමා පත් වුනාට පස්සේ තමයි ඒ පියවර ගත්තේ කොරෝනා වෛරසය ලෝකය තුල ව්‍යාප්ත වෙන්න ගන්නවාත් එක්කම අපි ඒක රටට එන්න වලක්වන්න පියවර ගත්තා ජනාධිපතිතුමා අගමැතිතුමා සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ කටුනායක ගුවන්තොටුපල මේ වෙනුවෙන් දිවා රැ නොබලා කැපවුනා ඒ නිසා එක්සත් ජාතික පක්ෂය කියන උදවිය කියන බොරුවලට ජනතාව රුවටෙන්නේ නැහැ ඔවුන් හදන්නේ කොරෝනා වල එල්ලිලා හරි ගොඩ යන්නයි.

එක්සත් ජාතික පක්ෂය පහුගිය අවුරුදු 05 තුලම හැදුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණන්න මත්තල විකුණන්න අද රටට ඔප්පුවෙලා තියෙනවා ජාතික ගුවන්සේවාවක් රටකට තිබීමේ වැදගත් කම පාඩුලබමින් වුනත් ජාතික ගුවන්සේවය විදිහට ශ්‍රී ලංකන් ගුවන් සමාගම තිබූ නිසයි අපිට මේ මෙහෙයුම කරන්න පුළුවන් වුනේ ඒ වගේම මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල ස්ථාපනය කර තිබූ නිසයි. එක්සත් ජාතික පක්ෂය උත්සහ කළා මත්තලත් විකුණන්න වුහාන් මෙහෙයුමෙන් රටට තහවුරු වුනා රටකට දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපලකුත් අවශ්‍යයි කියලා.”

– ප්‍රදීප් අනුර කුමාර

28,297 Viewers

29 Comments to “මත්තල ගුවන් තොටේ වැදගත්කම වූහන් මෙහෙයුමෙන් හෙලිවෙයි…”

  1. nuwaraone says:

    කියන්න දෙයක් නැහැ ….අයියෝ සල්ලි …

    • GNP බූරැවෝ හීනෙන් ඇහැරිලා තප්පුලනවෝ! උඹලගේ අමිමලාව සේල්දැමිමත් ඊලග චන්දෙ දිනන් බැරිවෙයි

  2. නාලක says:

    බූරුවෙක් තප්පුලනවා…. චීනයෙන් ශිෂ්‍යයන් 33 දෙනෙක් ලංකාවට ගේන්න ඩොලර් මිලියන 400 ක් වියදම් කරලා ගුවන් තොටුපළක් හදන එක හරි කියලා කියන්න පුළුවන් බූරුවෙකුට විතරයි.

    • Critic says:

      බුරුවන්ට කොහොමත් මිනිස් ජීවිතයක් $400 මිලියනය කට වඩා වටිනා බව තේරෙන්නේ නැහැ.

      • මිනිස් ජීවිතයක් ඊට වැඩිය වටින බව ඇත්ත. ඒ ගැන විවාදයක් නෑ.ඒත් හදිසි අනතුරකින් කෙනෙක් මැරුනොත් ලැබෙන්නෙ රුපියල් ලක්ෂයක වන්දියක්. දේශපාලුවෙක් මලොත් ලක්ෂ 10යි. කාරනේ ඒක නෙවෙයි. මත්තල හදල නොතිබුනානම් ඔය පිරිස බේරගෙන ලංකාවට ගේන්නෙ නැද්ද? මත්තල හිස් නිසා ⁣බල්ලෙක්වත් නැති නිසයි මත්තලට ගියේ. මත්තල නැතිවුනානම් විකල්පයක් ගන්නවනේ. ඒ නිසා මේ මෙහෙයුම සාර්ථක වුනේ මත්තල තිබුන නිසා කියල ගොං බූරු කතා කියන්න එපා.

    • බූරුවා says:

      බූරුවාව බලන්න කණ්නාඩියෙන් මූණ බලන්න

    • ON LOOKERS says:

      Another hypocritical,selfish donkey brays . Can we assess the value of 33 lives of young students for money however much it could be? After all ,if one of them was one of his offsprings,he would not have spoken like that. What a relief for their parents and their loved ones?A frustrated political slave who had sought to exploit the situation.

    • කාට කියන්නද බං, පුලුවන් නම් කියයි මහින්දට ඒ කාලෙ හීනෙන් පෙනුනා 2020 කොරෝනා කියල එකක් එනව, ඒකට මත්තල ගුවන්තොටුපල හදන්න කීවා. වසංගත දිගටම තියෙන්න ඕන මත්තලට යානා එන්න.

    • Politics says:

      Hello Nalaka ,
      Please try to understand what he says.

      He is stressing the importance of having our own additional airport and we have been able to use this to minimize risk and there will be many more situations like this in the future as well.
      You don’t worry about the expenses.
      We have at least an airport for the money that was spent, but what your Yahapalana did for the money they barrowed.

    • Karu says:

      ලංකාවට දෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටු පළක් අවශ්‍ය බව ඩඩ්ලි සේනානායක කාලයේ සිට තිබූ අදසක්.අළුත් ජාත්‍යන්තර ගුවන් ගමන් නියමයන් අනුව මෙය අත්‍යාවශ්‍ය දෙයක්. පළමුව මෙය වියලි කලාපයේ අනුරාධපුරයෙහි සදන්නට තීරණය කළා. ප්‍රායෝගිකව එහි තිබූ දුෂ්කර තා නිසා පසුව කළුතර බුලත්සිංහල ගැන විමර්ශනය කළා. එය තෙත් කලාපයේ හා ගංවතුර ප්‍රශ්න නිසා ප්‍රශ්නයක් වුණා.(මේ විමර්ශන කාලයේ මා එහි වැඩ කළා.) පසුව මාතර හැදුවා.ඒ ස්ථානගත කිරීමට දේශපාලන සාධක බලපාන්නට ඇති මුත් ව්‍යාපෘතිය ඒ වන විටත් ප්‍රමාධ ව තිබුණා. තව පසුතල සැපයුම් වගේ ඒවා සම්පූර්ණ කර මෙය ක්‍රමවත් කරගත යුතුයි.දේශපාලනය හා සංවර්ධනය පටලවා ගත යුතු නැහැ. මෙය එක ජාත්යන්තර ගුවන් තොටුපළක් ඇති රටකට, රටට අවශ්‍ය නියමයක්.අනාගත ආර්ථික මර්මස්ථානයක්.මෙය නැති කාලයේ හදිසි බැස්වීම් වලට යායුතු වූයේ චෙන්නායි හා මාලදිවයින් වලට .එය ප්‍රශ්න සහගත හා වියදම් අධික වැඩ පිළිවෙලක්. මෙය තිබුණ නිසා ළමයින් ප්‍රවාහණය පහසු වන්නට ඇති. එය අතුරු කාරණයක්. දරුවන් තිස්නමයක් රටකට මිලියන තුන්සීයකට වඩා වටිනවා කියන්නත් පුළුවන්.තෑන්ක්ස්..

      • අපි දන්න විදියට නම් ලංකාවෙ දැන් ජාත්‍යන්තර ගුවන්තොටවල් 4ක් තියෙනවා. හම්බන්තොට හදද්දිත් දෙකක් තිබුනා. ඒ වගේම භූගෝලීය වශයෙන් රටට වැදගත් වෙන්නෙ අනුරාධපුර වගේ පැත්තක ගුවන් තොටුපලක්. ඒ නිසා තමයි ශක්‍යතාවාර්තා කියල ජාතියක් ගන්නෙ. මත්තල වගේම හම්බන්තොටත් ශක්‍යතා වාර්තා ෆේල්. ඒත් තිබුනු දේශපාලන හයිය මත ඒවා ඉදිකලා. රටකට ගුවන්තොටවල් සහ වරායවල් අවශ්‍ය රටේ දියුණුවට මිසක් ජාත්‍යන්තර ගුවන්තොටවල් ගනන වැඩිකිරීමට නොවේ.

    • Dehiwala kollaa says:

      නාලක නැමැති මිනිහාගේ තේරුම් ගැනීමේ ශක්තිය අනුව, එක්කෝ මන් ද මාන්සික පුද්ගලයකු විය හැකියි නැත්නම් Uඋපන් ගෙයි Nනපුංසක Pපක්‍ෂේ මෝල් වහන්සේ කෙනෙක්.

    • crazy says:

      would you say the same thing, if you were one of those 33 ??

    • Kadiya says:

      මෝඩ කමයි කුහක කමයි එකතුවුණාම කියන ගොන් කථා තමයි මේ. මේ හරකා තමුන්ගේ මොලේ තරමට තේරුම් අරන් තියෙන්නේ මත්තල ගුවන් තොටුපළෙන් ලබන එකම ප්‍රතිලාභය වුහන් ඉඳල ආ ගුවන් යානය ගොඩ බැස්සවීම කියලයි. මත්තල නිසා A 380 යානා ගමන් පථ මත්තල හරහා යන නිසා අමතර ආදායමක් ලැබෙනවා රටට. ඒ සමඟම අතීතයේ මෙන් කටුනායකට එන යානයක් හදිසියකදී ඉන්දියාවට බැස්සවීම සඳහා අතිරේක ඉන්ධන ගෙන ඒමෙන් වැලකී අතිරේක cargo ප්‍රමාණයක් ගෙන ඒමට හැකි වුණා. කටුනායක පසුගිය කාලයේ අලුත්වැඩියා කරන්න පුළුවන්වුනේ මත්තල ගුවන්තොටුපොළ තිබුන නිසා.

      • Lal says:

        මත්තල හදනවා කියල හොර කාපුවා තවම පවුලේ පිට රට බැන්කුවලලු නේ.?

      • සුබේ says:

        හනේ මේ ගොන් බයියො. මුන්ට බයියො කියන්නෙ නිකන්ද? අනුන්ගෙ මොළවල තරම කියනවා තමුන් හරි මොළකාරයො කියල හිතාගෙන. මහින්ද හදපු එයාර්පෝට් එකෙන් ලාබයක් ගන්න මහින්ද ආණ්ඩුවටවත් පුලුවන් උනාද? මත්තල බදුදීපු එකවත් ආපහු සලකන්නෙ නෑ කියල ගෝඨා කීවෙ වෙන කරන්න දෙයක් නැති නිසයි. ජාත්‍යන්තර ගුවන්තොටුපලක් කියන්නෙ නමටයි අවාරෙට පොල්වැටෙනව වගේ ඉඳහිට එන ගුවන්යානයක් එන තැනක් නෙවෙයි. තමන්ගෙ නඩත්තුව වගේම රටට ලාබයක් උපයල දෙන තැනක්. කටුනායක වගේ. අප්පොච්චි කොමිස් එකට හදලා තව එනව ඒකෙ හොඳ කියන්නත්.

        • කැපුවත් කොල, වමනෙ ගියත් කොල 🤮🤮🤮 says:

          අනේ ගොං GUNP – GUJVP වහලො, තෝ වගේ මී හරක් ඒක්තුවෙලා එයාර්පෝට් එකේ වී ගබඩා කරපුවම ඒකට ප්ලේන් එනවද? එයාර්පෝට් එකෙන්, හම්බන්තොට වරායෙන් වැඩක් නැතිනම් චීන්නු ඒව මිලදී ගත්තෙ උන්ගෙ හාල් මෙහෙ ගෙනල්ල ගබඩා කරන්නද? ඉන්දියන්කාරයො එයාර්පෝට් එක ගන්න දැඟලුවෙ උන්ගෙ හරක් ගාල් කරන්නද?
          එයාර්පෝට් එකක්, වරායක් මූලික සැලසුම් වලට හදපු ගමන් ඒකෙන් ලාබයක් ගන්න බෑ. ඒවයෙ ඉතිරි සැලසුම් වලට අනුව වැඩිදියුනු කරමින් කාලයක් යන්න ඕනෙ. ඉතිරි සැලසුම් වලට අනුව වැඩිදියුනු කරන එක කෙසේ වෙතත් ඒ වටිනා සම්පත් වල වී ගබඩා කරල විනාශ කරල පස්සෙ කුණු කොල්ලෙට විකුනන් කාල කොමිස් ගැහුවෙ කාලකණ්නි තොපිල. ඒවට තොපිලටයි තොපිලගෙ මහ එවුන්ටයි ජාති ජාතිත් වන්දි ගෙවන්න සිද්ධ වෙන්න ඕනෙ.
          ලෝකේ හොඳම නාවික මාර්ගයක පිහිටල තියෙන ඒ වරාය අක්කර 15 000 ක් එක්ක කුණුකොල්ලෙට විකුණුව මදිවට ඒ මුදලුත් දාල ඊටත් වඩා වැඩි මිලකට ලංකාවට ඕනෙ නැති අබලන් නැවක් රුසියාවෙන් අරන් ඒකෙනුත් පගාව ගැහුව. කටුණායක, කොළඹ , ත්‍රිකුණාමල වරායන් හා ගුවන් තොටුපොලවල් ටිකත් විකුනන් කන්න දැඟලුවට තාම ඒක කරගන්න තොපිලට බැරි උනා.

    • analyst says:

      Nalaka, you selfish man, 33 human lives are worth more than the cost of Maththala air port.
      I hope you are never born again in this Dharmadveepa.

      • Thruth says:

        Not from Gotas pocket .all $$$$ tax payers money
        Also remember directive is his duty …until you all realize this ..we can find plenty of slaves in our mother land
        (Don’t use this for single persons rapport)

    • John says:

      Booruwa kauda kiyala oyage comment eken penawa. Eka nisa thappulanna epa wadiya! 3% booruwek kiyala pahadili!

  3. gamarala says:

    මත්තල ගුවන් තොටේ පොලේ වී ගබඩා කල අයට අපි දැන් කොසු වලින් සංග්‍රහා කරමු

  4. Aththa aththa habai palaali amathaka una…. Ethakota diyathalawe camp eka gana mokada kiyanne. Eeke inne davas deken inna thank hadana baaaaasla inna pot ekak kiyalada?

  5. උපුල් says:

    ඇත්ත දේශපාලන භේදයකින් තොරව කීවොත් රටකට තමගේම ගුවන් සේවයක් අතිරේක ගුවන් තොටුපලක් තිබීම අවශ්‍ය බව සත්‍ය‍ක් අපි ඒවා රැක ගත යුතුයි.

    • සුබේ says:

      ජාත්‍යන්තර ගුවන් සේවයක් තියෙන එකනම් හොඳයි, ඒත් ආදායමක් නොඑන සුදු අලියෙක් නඩත්තුකරන එක වැදගත් හෝ වටිනා දෙයක් නෙවෙයි.අපි තාම නොදියුනු රටක්. ආදායම් නැතිව ඕව නඩත්තුකිරිම බොරුවැඩක්. ලංකාවෙ මත්තල හදන්නත් කලින් ජාත්‍යන්තර ගුවන්තොටුපලවල් දෙකක් තිබුනා. මේවෙනකොට 4ක් තියෙනවා ඒ නිසා දෙකක් තියෙන්න ඕන නිසාාාහදපු එක ෂෝක් කියන්න එපා..

  6. Lal says:

    චීනයෙන් ගෙන්වපු ලංකික සිසුන් කිසිවෙක්ට කොරෝන වය්රසය තුබිල නැහැ….නිකන් හිටපු මිනිස්සු ටිකක් ගෙන්නලා බොරුවට හදට යන්න වගේ ඇඳගෙන බොරු නාඩගමක් රගපාල ලකුණු දා ගන්ඩ හදනවා….නියම කොරෝන වය්රස් අසදිතයෙක් ගෙනවනම් ලංකාව තක්බීර් වෙනවා. ලංකාවේ ලක්ෂ හැට නවයක් බත් කන හරක් ඉන්න රටක් කියල නැවත වතාවක් පෙන්නපු එකට බොහොම ස්තුති

    • වෙන්ඩ ආර්‍යාව says:

      රෝග කාරක විශබීජ වලින් බේරෙන්න ආරක්ෂිත ඇඳුමක් ඇන්දම GUNP – JVP වහලුන්ට ඒක පේන්නෙත් හදට යන්න වගේ ඇඳගෙන බොරු නාඩගමක් රගපාල ලකුණු දා ගන්ඩ හදනවා වගේ. අනේ මෙහෙමත් අසහනකාර ගොන්නු.

  7. Chan Choon says:

    Nonage sathwakarunawata ballo gennannath methuma chater flight aria..
    Heh heh

Main News