මත්තල ගුවන් තොට ඉන්දීය සමාගකට දී දියුණු කරනවා..- කැබිනට් ප‍්‍රකාශක

June 15, 2018 at 4:40 pm | lanka C news
මත්තල ගුවන් තොට ඉන්දීය සමාගකට දී දියුණු කරනවා..- කැබිනට් ප‍්‍රකාශක

මත්තල ගුවන් තොටුපල ශ‍්‍රී ලංකා රජය හා ඉන්දීය සමාගමක් ඒකාබද්ද ව්‍යාපෘතියක් ලෙස කඩිනමින් දියුණු කරන බව කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙම ගුවන් තොටුපලේ පවතින යම් යම් දුර්වලතා නිවරදි කර රටට පලදායී ආයතනයක් ලෙස දියුණු කිරීමට මෙමගින් අතදහස් කරන බවද ඔහු සදහන් කරයි.

හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල, හම්බන්තොට ආයෝජන කලාපය ඇතුළු සියළු ව්‍යාපෘතීන් ඒකාබද්ද වැඩසටහනක් යටතේ ක‍්‍රියාත්මක කරන බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

කැබිනට් මාධ්‍ය හමුව අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

36 views
Main News