මත්තල වැසිකිළි උතුරයි!
January 18, 2017 at 8:02 am | lanka C news
සිවිල් ගුවන්සේවා අධිකාරියේ මත්තල කාර්යාලයේ වැසිකිළි වළවල් උතුරා ප්‍රදේශය පුරා දැඩි දුගඳක් පැතිරෙන බව වාර්තා වේ.
මීට වසර 02කට පමණ පෙර අළුතින් ඉදිකරන ලද අදාළ ගොඩනැගිල්ල නිසි ප්‍රමිතියකට ඉදිනොකිරීම මෙයට ප්‍රධාන හේතුව බව අධිකාරී සේවකයින් පවසයි.
ඉහළම පරිපාලන නිලධාරියකුගේ හිතවතියක් විසින් මෙම ගොඩනැගිල්ලේ අධීක්ෂණ කටයුතු සිදුකරන ලද අතර ඇය කිසිදු ප්‍රමිතියකින් තොරව මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට අනුබලදී අදාළ සමාගම් වලින් කොමිස් මුදල් ලබාගෙන පසුව රැකියාවෙන්ද ඉවත්ව ගොස් ඇති බව වාර්තා වේ.
වසර 02කට පමණ පෙර ඉදිකරන ලද ගොඩනැගිල්ලේ බොහෝ ස්ථාන මේවන විට දරුණු ඉරිතැලීම් වලට ලක්ව ඇති අතර වැසි දිනවලදී සමහර ස්ථාන වලින් ජලය කාන්දු වන බවද සඳහන්ය.
මහජන මුදල් කාබාසිනියා කරමින් අධිකාරියේ පරිපාලනය විසින් දිගින් දිගටම සිදුකරන්නා වූ අත්තනෝමතික ක්‍රියා පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරයා මැදිහත් වහාම වී පරීක්ෂණ පැවැත්විය යුතු බව අධීකාරී සේවකයෝ පවසති.
– Henry