මත්තල විකුණා යුද නැවක් ගන්නේ උතුරු කොරියාව සමග යුද්දයකට සූදානම් වෙන්නයි..
October 26, 2017 at 10:42 pm | lanka C news
ආණව කිසි දෙයක් විකුන්නෙ නැනැයි කියුවද ජාතික සම්පත් අවුරුදු 99 ට බදු දෙමින් සිටින බවත් විකිණීම හා එය අතර කිසි වෙනසක් නැති බවත් ආචාර්ය නාලක ගොඩහේවා මහතා පෙන්වා දෙයි.
ඔහු මෙම අදහස් පල කලේ මහරගමදී පැවති වියත්මහ සංවිධානයේ සම්මන්ත්‍රණයකදීය.
ඒ මහතා එහිදී මෙසේද කීය.
‘මේ ආන්ඩුව කියනවා අපි කිසි දෙයක් විකුන්නෙ නැහැ කියල. හැබයි ජාතික සම්පත් අවුරුදු 99 ට බදු දෙනවා. මොකද්ද වෙනස. අවුරුදු 99ට බදු දීල ආපහු ගත්ත සම්පතක් ඔබ අහල තියනවද ?
හම්බන්තොට වරාය 99කට බදු දෙන්නේ ඩොලර් මිලියන් 1120කට. මේ ණය ගෙවන්න අවුරුදු 27 ක් තියනවා. ඉන් ඩොලර් මිලියන් 500 දැනටමත් ගෙවල ඉවරයි. තාම ඉවර අවුරුදු 5 යි.ඉතින් මොකද්ද ඉතුරු ටික ගෙවන්න තියන අමාරුව ? කාවද මේ රවට්ටන්නේ ?
මත්තල ගුවන්තොටුපල හදන්න ගියේ රුපියල් බිලියන 27 යි. දැන් ඒක විකුනල රුපියල් බිලියන 24 කට යුධ නැවක් ගන්න යනවලු. මොකටද ? උතුරු කොරියාව යුද්ධ ප්‍රකාශ කරයි කියල බයටද ?
මේ තරම් මේ රටේ ප්‍රශ්ණ තියෙද්දි ආන්ඩුව කරන්නේ පලිගන්න එක විතරයි. රජයේ වැරදි පෙන්නා දුන්නොත් දඩුවම් දෙනවා. රූපවාහිනියෙන්ම මඩ ගහනවා. මම ඉල්ලා සිටිනවා මේ රජය පරදා අනාගතයේ බලයට එන රජයකට මේ ආන්ඩුව කරන කැත වැඩ කරන්න එපා කියල.
බන්ඩාරණයක මහත්තයට වෙඩි වැදුන වෙලේ එතුමා කිව්වේ මට වෙඩි තිබ්බ මෝඩයට අනුකම්පා කරන්න කියල. ඉතින් අනාගතයේ බලයට එන රජයකටත් මම කියන්නේ මේ මොඩයන්ට අනුකම්පා කරන්න කියලයි මේක බෞද්ධ රටක්.
ඒ නිසා අපි අනාගතයේදී වත් මේ වෛරී දේශපාලනයට තිත තියමු. එකිනෙකා දිහා අනුකම්පාවෙන් බලන, එකිනෙකාට උදව් කරන, කුහකකම වෛරය ක්‍රෝධය පිටුදැකපු, රටට ප්‍රයෝජනවත් මිනිසුන් සිටින සමාජයක් ගොඩ නගමු’
– චාමින්ද කරුනාරත්න
gora ප්‍රමුක සුදුවෑන් කල්ලිය හමුදාවේ කොටසක් එකතු කරන දැවැන්ත හමුදා කුමන්ත්‍රණයකට සුදානම් වෙනවා. එනිසයි හමුදාව තර කරන්නේ. වහාම mara gora bara ව අත්අඩංගුවට ගනු.
අවලම් බල්ලා තෝ තවම යහතින්ද
පෙරෙරා කියන පාහර සුනකයා ලඟ තියගෙන උගෙ අම්මට ඩිජිටල් කිරීම තමයි කලයුත්තේ මූව මට්ටු කරන්න.
උගෙ අම්මා මූ අධොමුකයෙන් වදාල තියෙන්නෙ
අන්න එහෙමයි අපේ නායක තුමන්ලා…දුර දිග බලලා වැඩ කරන්නෙ. 😀