මත්තල වී ගබඩාවෙන් ඉගෙනගනී.. ප්‍රධාන මාර්ගවල වී වේලයි.. වාහන ධාවනය අවධානමේ…

February 23, 2018 at 8:02 am | lanka C news
මත්තල වී ගබඩාවෙන් ඉගෙනගනී.. ප්‍රධාන මාර්ගවල වී වේලයි.. වාහන ධාවනය අවධානමේ…

යාපනය මහනුවර එ-9 මාර්ගයේ පුලියන්කුලම සිට මුලතිව් දක්වා සහ මාන්කුම් සිට මුලතිව් දක්වාත් ඇති ප්‍රධාන මාර්ගයන්හි මේ දිනවල තැනින් තැන වී වේලීම හේතුවෙන් එම් මාර්ගයේ ධාවන කටයුතු වලට බාධා සිදු වන බවටත් වී වේලීම හේතුවෙන් රිය අණතුරරුද සිදුවිය හැකි බවට මාර්ගයේ ගමන්ගන්නා රියදුරන් කියා සිටිති.

පුලියන්කුලම් සිට නෙඩුන්කේනි දක්වාත් නෙඩුන්කේනි සිට ඔඩ්ඩුසුඩාන් දක්වාත් නෙඩුන්කේනිසිට මුලතිව් දකුවාත් මාන්කුලම් සිට ඔඩ්ඩුසුඩාන් හා මුලතිව් දක්වාත් ඇති ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම මෙවර මහකන්නයේ නෙලාගත් වී අස්වැන්න වේලීම හේතුවෙන් මාර්ගයේ වාහන ධාවන කටයුතු අවධානම් වී ඇතිය රියදුරන් හා ප්‍රදේශවාසීන් කියා සිටිති.

කෙසේ වෙතත් වී වේලීමේ කටයුතු වල නිරත ගොවීහු කියා සිටින්නේ වී අස්වැන්න කැපූ සැනින් විකිණීමට රැගෙන යාමේදී වී මිලදී ගන්නන් විසින් වී වේලී නොමැති බව පවසා අසාධාරණ ලෙසින් වී මිල අඩු කරන හෙයින් තමන් මෙසේ මාර්ගයේ වී වේලන බවටත් තමනිවෙස් වල හා ඉඩම්හී වී වේලීමට පහසුකමක් නොමැති නිසාවෙන් මාර්ගයේ වී දමා වී වේලන බවටත්ය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

190 views

4 Comments to “මත්තල වී ගබඩාවෙන් ඉගෙනගනී.. ප්‍රධාන මාර්ගවල වී වේලයි.. වාහන ධාවනය අවධානමේ…”

  1. ExUNPer says:

    ඊර්ෂ්‍යා වෛර ක‍රපු ‘වී ගබඩාව’ හැදුවෙත් මහින්ද….
    වී වේලන කාපට් පාරවල් හැදුවෙත් මහින්ද…..
    බැනුම් අහන්නෙත් මහින්ද….
    obviously there is something wrong !

  2. lalndra says:

    ethakota mama dakala thiyanawa meeta hugakalekata kalin indan anuradapura puja nagare parawal walath vee welanawa ekath maththalin iganagenade ane me deshapalana katha hama ekakatama adala karaganna epa mahaththayo

  3. SUNIMAL says:

    ගොවි පුතාගේ යමපාලනය වෙනස සැපද?

    පසුගිය කාලයේ රජය මිලදී ගත් වී මෙ.ටො. 4000කට අයත් සහල් මත්තල ගුවන් තොටුපොළේ ගබඩා කරනු ලැබුවේ එම ගුවන්තොටුපොළ භාවිත කළ නොහැකි බව කියමිනි. එහෙත් පසුව එම ගුවන්තොටුපොළ යළි සක‍්‍රීය කිරීමට ආණ්ඩුව තීරණය කළ අතර අනතුරුව මත්තල සහල් තොග ඉන් ඉවත් කරගන්නා ලදී එසේ ඉවත් කරගන්නා ලද සහල් තොග මත්පැන් නිෂ්පාදනය සඳහා මත්පැන් නිෂ්පාදන සමාගම්වලට විකුණා ඇතැයි විශ්වාසකටයුතු ආරංචිමාර්ග පවසයි. මෙම සහල් රජය මිලදී ගත්තේ කිලෝග‍්‍රෑමය රුපියල් 45ටය. එහෙත් මත්පැන් සඳහා එය විකුණා ඇත්තේ කිලෝව රුපියල් 35 -39 අතර අඩු මිලකට බවද වාර්තාවේ. මේ අතරින් වී මෙ.ටො. 568ක් මත්පැන් නිෂ්පාදන සමාගමක් වන ඩබ්.එම්. එන්ඩි‍්‍රච් සමාගමට විකුණා ඇත. තවත් මෙ.ටො. 1,000 අධික ප‍්‍රමාණයක් වත්මන් හවුල් ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයෙක් සතු මත්පැන් නිෂ්පාදන සමාගමකට විකුණා ඇත. මෙම සහල් ගබඩා කර ගනු ලැබුවේ වෙළෙඳපොළේ සහල් මිල ඉහළ ගියහොත් සහල් වෙළෙඳපොළට මුදාහැර පරිභෝගියන්ට සහන දීමටය.

  4. Lal Perera says:

    Road is a Road that to be secured for its uses.
    Before getting a huge problem Govt. and its Law authority must stop this kind of things all over the island.
    If famer(s) can not find a place to dry their harvest, they shouldn’t do the faming and find a another living method.

Main News