මත්තල වී ගබඩා කලේ මා නොවේ.. වෙන කෙනෙක්.. මත්තල වැනසු වරද අතිජාත මිතුරා මත පටවමින් සාක්‍ෂි දෙයි..

October 24, 2019 at 11:20 am | lanka C news
මත්තල වී ගබඩා කලේ මා නොවේ.. වෙන කෙනෙක්.. මත්තල වැනසු වරද අතිජාත මිතුරා මත පටවමින් සාක්‍ෂි දෙයි..

මත්තල ගුවන් තොටුපොළ අංගණයේ වී ගබඩා කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමග අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ පැවැත්වූ සාකච්ඡා සම්බන්ධව තමා දැනුවත්ව නොසිටි බව අගමැති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේදී ඊයේ (23වැනිදා) ප්‍රකාශ කළේය.

මත්තල ගුවන් තොටුපොළ අංගණයේ වී ගබඩා කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමග අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ පැවැත්වූ සාකච්ඡා සම්බන්ධව තමා දැනුවත්ව නොසිටි බව අගමැති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේදී ඊයේ (23වැනිදා) ප්‍රකාශ කළේය.

මත්තල ගුවන් තොටුපොළ අංගණයේ වී ගබඩා කිරීමෙන් රජයට සිදුවූ අලාභය සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් ලැබුණ පැමිණිලි කොමිසම හමුවේ විභාගයට ගත් අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහි සාක්කි දීම සඳහා ඊයේ පැමිණ සිටියේය.

මෙහිදී රජයේ නීතිඥ යුරේෂා ද සිල්වා අගමැතිවරයාගෙන් මත්තල ගුවන් තොටුපොළේ වී ගබඩා කිරීමට අදාළව පත් කළ කමිටුව සම්බන්ධයෙන් විමසීමක් කළේය.

එහිදී අගමැතිවරයා සාක්කි දෙමින් කියා සිටියේ 2015 වර්ෂයේදී වී අතිරික්තයක් පැවැති බවත් ඒ පිළිබඳව සහ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා එකී කමිටුව පත්කළ බවය.

එහිදී යළිත් රජයේ නීතිඥවරිය අගමැතිගෙන් විමසා සිටියේ මෙම කමිටුව පත්කිරීමට මූලිකම හේතුව කුමක්ද යන්නය.

එහිදී අගමැතිවරයා ප්‍රකාශ කළේ එම කාලයේ විශාල වී අස්වැන්නක් ලැබුණු බවත් එම අස්වැන්න ගබඩා කිරීමට වී අලෙවි මණ්ඩලයට ගබඩා මදිවූ බවය. එමනිසා වී ගබඩා කිරීම පිළිබඳව වැඩසටහන් ඇති කිරීමට මෙම කමිටුව පත්කළ බවයි.

මේ කමිටුව පත් කළේ වී මිලදී ගෙන ගබඩා කර අදාළ කාලවලදී වී වෙළෙඳ පොළට දැමීමටයි. එසේ නොවුණහොත් වී මිල කඩා වැටෙනවා යැයිද අගමැතිවරයා මෙහිදී කීය.

කමිටුව පත් කිරීමෙන් අනතුරුව එම කමිටුව විසින් ගන්නා තීරණ පිළිබඳව තමාට හෝ අමාත්‍ය මණ්ඩලයට දැනුම් දෙන්නේද යන්න ගැනද රජයේ නීතිඥවරිය මෙහිදී අග්‍රාමාත්‍යවරයාගෙන් අසා සිටියාය.

‘‘සාමාන්‍යයෙන් කමිටුව පවත්වාගෙන යාමේදී අඩුපාඩුවක් සිදු වුවහොත් ඒ පිළිබඳව දැනුම් දෙනවා. එසේම මෙම කමිටුව විසින් ගන්නා තීරණ පිළිබඳව කමිටුවේ සාමාජිකයන් කැඳවා විටින් විට විමසුවා. මෙම කමිටුවේදී වී මිලදී ගැනීම්, ගබඩා කිරීම්, වී මිල පාලනය කිරීම පිළිබඳව සාකච්ඡා කළා.’’

කොමිසමේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අ​බේරත්න අදාළ කමිටුවේ සාමාජිකයන් පිළිබඳව තමා දැනුවත්ද යන්න ගැන අගමැතිවරයාගෙන් විමසා සිටියේය.

එහිදී අගමැති කියා සිටියේ ඒ පිළිබඳව තමා දැනුවත් බවත්, එම කමිටුවට සාමාජිකයන් පත්කිරීම තමාට අයත් නොවන කාර්යයක් බවත්ය.

රජයේ අධිනීතිඥවරිය: මෙම කමිටුව විසින් මත්තල ගුවන් තොටුපොළ අංගණයේ ගබඩාවල වී ගබඩා කිරීමට තීරණය කර ඇති බවට ඔබ දැනුවත්ව සිටියාද?

අගමැතිවරයා: මන්ත්‍රීවරු ඒ බව මා දැනුවත් කළා. පෞද්ගලික ගබඩා 120 ක ප්‍රමාණයකුත්, වී ගබඩා කිරීම සඳහා යොදා ගැනීමට ගත් බවත් ඔවුන් මට කිව්වා.

ජනාධිපති පරීක්ෂණ කොමිසම: මේ කමිටුවේ සිටින අගමැති උපදේශකවරුන් තිදෙනා සහ දයා ගමගේ ඇමැතිගේ පත්කිරීම් සිදු කළේ ඔබද?

අගමැතිවරයා: එම පත්කිරීම් මට අදාළ කාර්යයක් නෙවේ.

රජයේ නීතිඥවරිය: අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ, මත්තල ගුවන් තොටුපොළ අංගණයේ ගබඩාව වී ගබඩා කිරීම සඳහා යොදා ගැනීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු සභාපති සමග සාකච්ඡා කළ බවට ඔබ දැනුවත්ව හිටියාද?

නෑ, මේ සම්බන්ධයෙන් ඔහු මාව දැනුවත් කළේ නැහැ.

රජයේ නීතිඥවරිය: මත්තල ගුවන් තොටුපොළ අංගන ගබඩා පර්යන්තයේ වී ගබඩා කර ඇති බවට තමා දැනගන්නේ කුමන කාලසීමාවේදීද?

අගමැතිවරයා: 2015 වර්ෂයේ ජූලි මාසයේ විතර ඒ පිළිබඳව දැනුවත් වුණා.

මෙහිදී කොමිසමේ සභාපති විනිසුරු උපාලි අබේරත්න කියා සිටියේ ඇමැති දයා ගමගේ, අම්පාර දිස්ත්‍රික්කයේ වී ගබඩා කිරීමට ගැටලු තිබූ බවට කොමිසම හමුවේ ප්‍රකාශ කළ බවත් අගමැති ජ්‍යෙෂ්ඨ උපදේශක ජී. පාස්කරලිංගම් අම්පාර දිස්ත්‍රික්කයේ වී ගබඩා කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් නොතිබුණ බවට පැවැසූ බවත්ය.

ඒ අනුව මෙහිදී මත්තල ගුවන් තොටුපොළ ගබඩාවේ වී ගබඩා කිරීමේ අවශ්‍යතාවක් නොතිබූ බවද කොමිසමේ සඳහන් කළද එහිදී අගමැතිවරයා පැවැසුවේ ගබඩා ප්‍රමාණය ප්‍රමාණවත් නොවේ නම් කමිටුවේ තීරණය මත ගබඩා ලබාගත හැකි බවය.

එසේම අන්තර්ජාතික ගුවන් තොටුපොළක වී ගබඩා කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට කැබිනට් මණ්ඩලයේ හෝ අගමැතිගේ උපදෙස් අවශ්‍ය නොවන බවද අගමැතිවරයා මෙහිදී පැවැසීය.

සභාපති විනිසුරු උපාලි අ​බේරත්න අගමැතිවරයාගෙන් විමසා සිටියේ අන්තර්ජාතික ගුවන් තොටුපොළක් වී ගබඩා කිරීමට යොදා ගැනීම එම ගුවන් තොටුපොළේ කීර්ති නාමයට හානියක් නොවේද යන්නයි. එහිදී අගමැතිවරයා කියා සිටියේ එම ගුවන් තොටුපොළට කීර්තියක් නොමැති බවය. එහිදී යළිත් සභාපති විනිසුරු විමසා සිටියේ එම කීර්තිය ලබාදීමට රජයක් ලෙස වගකීමක් අගමැති ඇතුළු පිරසට තිබෙන බවය. එහිදී පිළිතුරු ලබාදෙමින් අගමැතිවරයා කියා සිටියේ මෙම මත්තල ගුවන් තොටුපොළට කීර්තියක් ලබාදීමට කිසිවකු ඉදිරිපත් නොවන බවත් එම ගුවන් තොටුපොළ පිළිබඳව පාර්ලිමේන්තුවේදී කතා කළ බවත්ය.

මත්තල ගුවන් තොටුපොළ පිළිබඳ මෙහිදී විනිසුරුවරයා දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීම් හමුවේ අගමැතිවරයා ප්‍රකාශ කළේ මෙම කොමිසම දේශපාලන මතවාද ඉදිරිපත් කරන හෝ විභාග කරන ස්ථානයක් නොවන බවත්, මෙතන දේශපාලන වාදයක් සිදුවන බවත්ය. එසේම සභාපති විනිසුරුවරයා මෙය රාජ්‍ය දේපළ අවභාවිතයක් බව ප්‍රකාශ කළද එහිදී පිළිතුරු දෙමින් අගමැතිවරයා ප්‍රකාශ කළේ එය එසේ නොවන බවත් වෙනත් භාණ්ඩ ගබඩා කිරීමට ගුවන් තොටුපොළෙන් අවසර ලබා දුනහොත් එලෙස ගබඩා කළ හැකි බවය.

එසේම මෙහිදී ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාමාජික විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී අගමැතිගෙන් විමසා සිටියේ හම්බන්තොට වී මෙට්‍රික් ටොන් 8131 ක් ගබඩා කිරීමට ඉඩ පහසුකම් තිබියදී මත්තල ගුවන් තොටුපොළ ගබඩාවේ වී මෙට්‍රික් ටොන් 4000 ක් ගබඩා කිරීම සුදුසුද යන්නයි.

එහිදී අගමැතිවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලයෙන් ඇසිය යුතු බවත් එසේ වී අලෙවි මණ්ඩලය අයුතු ලෙස කටයුතු කර ඇත්නම් ඊට විරුද්ධව ඒ පිළිබඳ විමර්ශනයක් සිදු කිරීමට කටයුතු කරන බවය.

මෙහිදී සභාපති විනිසුරු උපාලි අබේරත්න අගමැතිවරයාට මෙම කොමිසමේදී ස්වභාවික යුක්තියේ මූලධර්මවලට අනුව දෙපාර්ශ්වයටම කන් දෙමින් සාක්ෂි විමසීමේ කටයුතු සිදුකරන බවද පැවැසීය. එසේම මෙතෙක් කොමිසමට ලැබුණු සාක්ෂිවලට අනුව මත්තල ගුවන් ගබඩා පර්යන්තයේ තිබූ උපාංගවලට වී ගබඩා කිරීම නිසා රුපියල් හයලක්ෂ අසූදහසක මුදලක හානියක් සිදුවී ඇති බවදට හෙළිවූ බව කොමිසම පැවැසීය.

එමෙන්ම අගමැති වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා හරස් ප්‍රශ්න ඇසීමේදී එයට පිළිතුරු දෙමින් අගමැති කියා සිටියේ මෙලෙස මත්තල වී ගබඩා කිරීම තුළින් මහජන දේපොළ නාස්තියක් සිදුව නොමැති බවය.

එසේම අගමැතිවරයා කොමිසම හමුවේ කියා සිටියේ මත්තල ගුවන් තොටුපොළට ගුවන් යානා නොපැමිණෙන්නේ වී ගබඩා කිරීම නිසා නොව කිසිම ගුවන් සේවයක් මෙම ගුවන් තොටුපොළට ගුවන් යානා එවීමට කටයුතු නොකරන නිසා යනුවෙනි.

එසේම මෙම ගුවන් තොටුපොළ ව්‍යාපෘතිය අලාභ ලබන ව්‍යාපෘතියක් බවත් මෙය වැඩි දියුණු කිරීමට ඉන්දියානු අධිකාරිය සමග සාකච්ඡා කරමින් සිටින බවද පැවැසීය. සංචාරක කලාප හයක් සාදා මෙම ගුවන් තොටුපොළ දියුණු කර ඒ හරහා සංචාරකයන් කැඳවීමට කටයුතු කරන බවද අගමැති සඳහන් කළේය.

කොමිසම දේශපාලන මතවාද ඉදිරිපත් කරන තැනක් නොවිය යුතුයි මත්තල ගුවන්තොටුපොල පාඩු ලබන ව්‍යාපෘතියක්

– aruna.lk

85 views

14 Comments to “මත්තල වී ගබඩා කලේ මා නොවේ.. වෙන කෙනෙක්.. මත්තල වැනසු වරද අතිජාත මිතුරා මත පටවමින් සාක්‍ෂි දෙයි..”

  1. gamarala says:

    “පුහුල්හෝරා කරෙන් දැනේ ” මෙයා මොකෝ පස්ස ගිනිගත්ත වගේ එහෙ මෙහෙ දුව දුව කියවන්නේ ?

  2. Sadda says:

    සංචාරකයන් නිතර පැමිනෙන දකුනේ ඉදිකල මත්තල ගුවන්තොටුපළ පිලිබඳව ඊර්ෂ්‍යාවකින් පෙලුනු මොහු එය පහත්කොට සලකන්න එහි වී ගොඩ ගැහුව. මේවා ජනතවගේ මුදල්. අයොජනය කලේ තවදුරටත් දියුනු කරන්නයි. මහින්ද ගෙන් දේශපාලනිකව පලි ගැඊමට කල දේ දැන් ආපසු කරකැවී ඔහුගේ හිසමතටම කඩාවැටී ඇත. කල කල දේ පල පල දේ.

Main News