මත්තල සිට නව ගමනාන්ත රැසකට ගුවන් ගමන් අරඹයි…

September 30, 2021 at 8:40 am | lanka C news
මත්තල සිට නව ගමනාන්ත රැසකට ගුවන් ගමන් අරඹයි…

පවතින කොවිඩ් 19 වසංගත තත්වය යටතේ වුවද, මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ මේ වන විට ඉතිහාසයේ වැඩිම ගුවන් මගී මෙහෙයුම් මේ වන සිදු කර ඇතැයි, ගුවන්සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පවසයි. මීට සමගාමීව ගුවන් භාණ්ඩ ප්‍රවාහනයද විශාල වර්ධනයන් පෙන්නුම් කර ඇතැයිද හෙතෙම පවසයි.

මත්තල ගුවන් තොටුපළ සක්‍රීය ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට මේ වන විට පත්ව ඇත. කොවිඩ් ආරක්ෂිත ගුවන් තොටුපළක් ලෙස ද ජාත්‍යන්තරව ශ්‍රේණිගත වී තිබේ. ලොව ප්‍රමුඛ පෙලේ ගුවන් සමාගම් රාශියක මත්තල සමග සිය ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට සාකච්චා පවත් වමින් පවතී. මේ වන විට ගුවන් සමාගම් හතරක් මෙහෙයුම් ආරම්භ කිරීමට කැමැත්ත ඵල කර ඇත. අබුඩාබි -මත්තල ගුවන් මෙහෙයුම් ඉදිරි සති කීපය තුලදී ආරම්භ කරන බවට ප්‍රකාශ කර ඇතැයිද රාජ්‍ය අමාත්‍ය චානක මහතා පවසයි.

මෙම අදහස් ඵල වූයේ ගුවන්සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා මත්තල ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු පිළිබදව සොයා බැලිමට පැමිණි අවස්ථා වේදීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකන් ගුවන් සමාගම මත්තල සිට නව ගුවන් ගමනාන්තයන් රැසක් ආරම්භ කරන බව පැවසීය. ඒ අතරට මත්තල – මාලේ සහ මත්තල – කසකස්ථාන් ඉක්මනින්ම ආරම්භ වන බව හෙතෙම සදහන් කරයි. මත්තල ගුවන් තොටුපල කේන්ද්‍ර කරගනිමින් ගුවන් යානා නඩත්තු ඒකකයක් ඇතිකිරීමට කැමැත්ත ඵල කළ ජාත්‍යන්තර සමාගමක් සමග සාකච්චා අවසාන අවස්ථාවේ පසුවේ.

මත්තල ගුවන් තොටුපළ කේන්ද්‍ර කර ගනිමින් සංචාරක ව්‍යාපාරයේ විශාල වර්ධනයක් අපේක්ෂා කෙරේ. එසේම ප්‍රදේශයේ කෘෂි නිෂ්පාදන හා මත්‍ය නිෂ්පාදන විදේශ වෙළද පොල වෙත ප්‍රවාහනය කිරීමද මත්තල තුලින් අපේක්ෂා කෙරේ.

සුජිත් කොඩිතුවක්කු

27,187 views

12 Comments to “මත්තල සිට නව ගමනාන්ත රැසකට ගුවන් ගමන් අරඹයි…”

  1. LalithM says:

    බලෙන් පටවන බරක්. මත්තලට යන්න එන්න කටුනායක ඉඳල තව ප්‍රවාහන සේවයක් ආරම්භ කරන්න ඕනනේ. අනික අපේ රටේ අය වුනත් මත්තලට යන්නේ කොහොමද.

    • හැමදේම කනපිට හරවලා බලන්න එපා පුතා. යථාර්ථය යථාර්ථවාදී වත් බලන්න try කරන්න. ඔබ විදෙස්ගත වුණානම් ලාංකිකයන් ලෙස ලංකාවේ කොපමණ සැප විදිනවද. කියලා හිතෙනවා. ඇත්තටම අපේ ලාංකිකයන්ට පළමුව විනය කියන එක පොවන්න ඕනේ.

      • Karunarathna says:

        ඇත්ත.. පාරිබෝගික අදිකාරියේ නිවුන්හැල්ල, ඩේටාබේස් ආමි ඔපිසර් වගේ අය වැඩකාරයො වෙලා තියෙන්නෙ විනයට හැදිච්ච නිසා.. ආමි එකෙන් කරන නිරෝදායන මද්‍යස්තානෙක නිරෝදයනේ උනා නම් විනයට හැදිච්ච අයගෙ වැඩ බලාගන්න පුලුවන්.. ආම්ගි එකෙන් සප්ලයි කරන්නෙ සිටි සිටි ගාලා.. මේ පුද්ගලික අත්දැකීම් බ්‍යි මහත්තයො..

      • LalithM says:

        මම විදෙස්ගතව කලක් රටවල් කීපයක
        හිටියා.. ඒ රටවල් ඉදිරියට යන විට අපි ආපස්සට ගෙන ගියා. කැලේක ගුවන්තොටුපල හැදවානම් ප්‍රවාහන පහසුව තිබෙන්නට ඕන. අනික ඔතන කුරුල්ලන් නිසා ගුවන් යානා අනතුරට පත්වුනා.

        • සමන්ත says:

          ඔබ ලොකේ බොාහා් රටවලට ගහිල්ලා තිබෙනවා නම් කුරුල්ලන් නිසා ගුවන් යනා අනතුරට පත්වුණු එකම ගුවන් තොටුපළ මත්තල විතරද? අනෙක් එක පිටරට යනවා නම් හම්බන්තොට, මඩකලපුව, අම්පාර, බදුල්ල, ආදී පැතිවල මින්පසු කටුනායකට එන්නම ඕනේද පිටරට යන්න. තමන් කැමැති ගුවන් තොටුපලකට තමන්ගේ ගමනාන්තය සහ ගමනාරම්භය සකසා ගත හැක. ඉන්දියවේ කේරළ ප්‍රාන්තය ජාත්‍යාන්තර ගුවන් තොටුපළ 4 ක් තියෙනවා. ඒ මිනිස්සු ඔය වගේ හිතුවානම් මොකද වෙන්නේ

  2. Airport says:

    කටුනායක කැපැසිටි එක මදි වෙලා මත්තලට ලෝඩ් එක දැම්මට කමක් නෑ. දැන් කරන්නේ, කටුනායක ලෝඩ් එක ගලවලා ඒවා මත්තලට දානවා, ඒ එයාර්පෝර්ට් එක සාර්ථකයි කියල පෙන්නනන්න. එතකොට කටුනායක තියන සම්පත් අපතේ යනවා. මේ ළඟදී ජර්මානු සමාගමක් පුද්ගලික ආයෝජනයක් ලෙස මහා විශාල PCR මද්යස්තානයක් කටුනායක හැදුවා. පැය 3න් සංචාරකයන්ට PCR වාර්තා දෙන්න. දැන් සංචාරකයෝ මත්තලට ගෙනාවා. මට තේරෙන්නේ නෑ මේ ලෝජික් වල තේරුම. හොඳටම ඇනිලා තමයි නතරවෙන්නේ.

  3. monaru says:

    ගුවන්යානා අලුත්වැඩියා මද්‍ය්ස්තානයක් හදන එක හොඳ අදහසක්. එතනින් හොඳ රැකියා ප්‍රමාණයකුත් ලැබෙනවා. ඒ වගේම නවීන තාක්ෂණික දැනුම රටට ලැබෙනවා. නිතරම ගුවන් යානා යනෙනේ එන්නේත් නෑ. මොකද ඕක හදලා තියෙන්නේ වනාතර ආශ්‍රිත ප්‍රදේශයක. වන සතුන් අලි සහ මොනරුන් ඔය ගුවන් තොටුපොල නිසා වාසස්ඨාන අහිමි වෙලා තියෙන්නේ. හොඳම දේ තමයි දකුණු ආසියාවේ හොඳම ගුවන්යානා අලුත්වැඩියා මද්යස්තානය දාන එක.

    • ගෞම් ඊයාරාජ් says:

      ගුවන් යානා අලුත්වැඩියා කරන්නේ MRIA එකේ ඉදලද ? විහිළු කතා.

  4. Shan says:

    මුන්ට පිස්සු .. මේ කතා අහලා හොඳට හිනා. මේ දවස්වල ලෝකේ හොඳම airports වලට යන්න එන්න planes නැති වෙලාවට මේකට එන්නෙ මොන පිස්සුවක් ද…

    • kamal says:

      ඊයා ගොමරාජ්යකෝ හොද දේ හොදයි කියන්ඩ පුරැදුවෙයන් ලෝකේ උඹ හිතනවාට වඩා ලස්සන වෙිවි. හැමදේම දේසපාලන කන්නාඩියෙන් බලන්ඩ එපා

  5. Mahesh says:

    Oka hodatama diyunu karatheheki supiri Airport ekak Pare bus yanawa wage plane uda arinna puluwan ekak. Lankawata koti ganaka adayamak dawasata hoyanna puluwan thenak. Ekata podi deyai karanna thiyenne. Katunayaka wahana eka. Ko ithin echchara molayak thiyenawa kiyalai?

  6. Athula says:

    ලෝකයේ ගුවන් තොටුපල හදන්නේ රටේ අවශ්‍ය තාවය මත මේක හැදුවේ කොමිස් කුට්ටිය ගන්න අපිව නය කරලා, කටුනායක දරිතාවයෙන් 3/1 යි තවමත් මගීන්ගේ පැමිණීම එහෙම තියෙද්දී තමයි රටක් වනසල මේවා ගැහුවේ. ගැහිල්ලට මේවට හුනුමිටි තියන උන් දන්නෙ නැහැ අද අපි නය කියලා ගෙවන්නේ මුන් කරපු හොරකම් වල ප්‍රතිඵල බව පේනවනේ එක්කෙනෙක්ගේ එක ගිණුමක හංගල තියෙන තරම ඔය කන් හැන්දක්‌ තරම්, අහිංසක සතුන් පරිසරය විනාශ කරලා මුන් සංචාරක යො ගෙන්වන්න හදනවා නොදොකින් ඒ මිනිස්සු එන්නෙ ලෝකයේ ස්වභාව ධර්මය හා වනසතුන් දකින්න මුන් ඒවා විනාශ කර කොන්ක්‍රීට් වනාන්න්තර හදනවා

Main News