මත්ද්‍රව්‍ය භාවිතය දරුණු අතට….

September 20, 2022 at 6:20 pm | lanka C news
මත්ද්‍රව්‍ය භාවිතය දරුණු අතට….

යාපනය දිස්ත්‍රීක්කයේ තරුණ සමාජය තුල මත්ද්‍රව්‍ය භාවිතය දරුණු අයුරින් ඉහල ගොස් ඇති බවටත් ගෙවුනු මාස 03 ක කාලය තුලදී පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇතැයි රෝහල් වාර්ථාවලින් අනාවරනය වන බවට යාපනය පොලීසිය පවසයි.

එමෙන්ම  ගෙවුනු මාස තුනක කාලය තුලදී යාපනය දිස්ත්‍රීක්කයේ විවිධ ප්‍රදේශයන්හි මත්ද්‍රව්‍ය භාවිතය, බෙදාහැරීම සහ ජජාවාරම් ආදිය හේතුවෙන් පුද්ගලයින් 320 ක් පමණ දෙනා අත්අඩංගුවට පත්ව ඇතැයිද යාපනය පොලීසිය පෙන්වා දෙයි.

මේ අතර යාපනය ශික්ෂණ රෝහලේ මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන් සඳහා වූ ප්‍රතිකාර මධ්‍යස්ථානය මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ගෙවුනු මාස දෙකක කාලය තුලදී යාපනයේ පදිංචි පුද්ගලයින් 134 දෙනෙකු රෝහලගත කොට ප්‍රතිකාර කරන අතරම මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් දරුණු රෝගයන්ට ගොදුරු වූ පුද්ගලයින් 10 දෙනෙකු මේ ව විට මිය ගොස් ඇති අතරම මිය ගිය සහ රෝගාබාදයන්ට ලක්වූ පිරිසෙන් බහුතරය තරුණයින් බවටත්ය.

එමෙන්ම අවුරුදු 18 ත් 23 ත් අතර වයස්හි පසුවන තරුණ සමාජය විසින් මේ වන විට විවිධාකාරයෙන් මත්ද්‍රව්‍යන්ට ඇබ්බැහිවීම මගින් සමාජ දූෂණ ක්‍රියාවන් වැඩිවී ඇති අතරම මත්ද්‍රව්‍යන්ට ඇබ්බැහි තරුණ සමාජයට අයත් පවුල් සංස්ථාවන් විශාල ප්‍රමාණයක් කඩාවැටීමේ දැඩි අවධානමකද පවතින බවට යාපනය රෝහල් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන් සඳහා වූ ප්‍රතිකාර මධ්‍යස්ථානය මගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

11,018 views

2 Comments to “මත්ද්‍රව්‍ය භාවිතය දරුණු අතට….”

  1. Mohan says:

    Who is selling the drugs?

  2. SL says:

    කරුණා කර මත් කුඩු විකුණන උන් එල්ලන්න.
    නැතිනම් තරුණ දරුවන්ගේ දෙමාපියන්ව පණ පිටින් එල්ලන්න,මතට ඇබ්බැහි වුනු දරුවන් ගේ දෙමාපියන් විඳින්නේ අපා දුකක්. දෙකෙන් එකක් තෝරාගන්න.

    ලංකාවේ බොහෝ දරුවන්ගේ අනාගතය ඉතාම භයානකයි. පාසල් දරුවන් අඩුම තරමේ 18000-30000 තරමේ මතට ඇබ්බැහි වෙලා . මෙය වැඩිවෙන්නේ හරියට පිරමිඩ් ක්‍රමයට වගේ

    මතට ඇබ්බැහි වුනාට පස්සේ ගොඩ එනවා කියන්නේ හරිම අමාරු කාර්යයක්.

    පොලිසිය, හමුදාව, ප්‍රාදේශීය සභාවේ ඉඳල ජනාධිපති දක්වා ඉන්න උන් තමා මේවට ගතයුතු උපරිම පිළියම් ගතයුත්තේ.

    අනුන්ගේ දරුවනුත් තමන්ගේ දරුවන් යයි සිතන්න, හැකි ඉක්මනින් මත රකුසා ට වැට බඳින්න. දැනටමත් පරක්කු වැඩි.

Leave a Comment

Main News