මත්ද්‍රව්‍යය නිවාරණය ගැන පාසල් ළමුන් වීථි නාට්‍යය පවත්වයි..

January 24, 2019 at 2:03 am | lanka C news
මත්ද්‍රව්‍යය නිවාරණය ගැන පාසල් ළමුන් වීථි නාට්‍යය පවත්වයි..

මත්ද්‍රව්‍යය නිවාරණය  පිලිබදව වතුකරයේ ජනතාව දැනුවත් කිරිම සදහා පාසල් ළමුන්ගේ සහභාගිත්වයෙන් බගවන්තලාව නගරයේදි විධි නාට්‍යයක් පැවැත්වූහ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත ජාතික මත්ද්‍රව්‍යය නිවාරණ ජනාධිපති කාර්යය සාධක බලකාය මගින් ක්‍රියාත්මක කරන මතින් නිදහස් රටක් සංකල්පය යටතේ ජාතික මත්ද්‍රව්‍යය නිවාරණ පාසල් සතියට සමගාමිව බගවන්තලාව පොලිසිය මගින් මෙම විදි නාට්‍යය සංවිධානය කර තිබින.

බගවන්තලාව ප්‍රදේශයේ දමිල පාසල් වල සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් මත්ද්‍රව්‍යය භාවිතයෙන් ශාරිරිකව, සමාජිය වශයෙන් හා ආර්ථික  වශයෙන්  සිදු වන බලපැම් පිලිබදව මෙම විදි නාට්‍ය්‍ය මගින් විදහා දක්වනු ලැබිය.

තේ වතු ආශ්‍රිතව වෙසෙන  වතු කම්කරුවන් සහ වතුකරයේ ඇතැම් තරුණ පිරිස්  මත්ද්‍රව්‍යය සහ මත්පැන් වලට අබ්බැහි වි ඇති බවට තොරතුරු අනවරණය වි ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

382 views
Main News