මත්ද්‍රව්‍ය ජාවාරමට ඇතැම් පොලිස් නිලධාරීන්ගේද සහාය..

February 15, 2020 at 5:30 pm | lanka C news
මත්ද්‍රව්‍ය ජාවාරමට ඇතැම් පොලිස් නිලධාරීන්ගේද සහාය..

නාවලපිටිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍යය වලට පාසල් ළමුන් 500 දෙනෙකු පමණ ඇබ්බැහි වි ඇති බවත්, නාවලපිටිය නගරයේ මත්ද්‍රව්‍යය අලෙවි කරනු ලබන්නේ නගරයේ ඖෂධ වෙලදසැල් හිමියන් බව රාජ්‍යය අමාත්‍යය මහින්දානන්ද මහතා පැවසිය.

රාජ්‍යය අමාත්‍යයවරයා ඒ බැව් කියා සිටියේ  මත්ද්‍රව්‍යය නිවාරණය පිලිබදව  මතින් තොර නාවලපිටියක් යන මැයෙන් (15) දින නාවලපිටිය උත්සව ශාලාවක පැවති සම්මන්ත්‍රණයකට සහභාගි වෙමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු රාජ්‍යය අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි විමෙන් නාවලපිටිය ප්‍රදේශයේ පාසල් සිසුන් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි.

නාවලපිටිය ප්‍රදෙශයේ මත්ද්‍රව්‍යය  ජාවාරම සිදු කරගෙන යාමට  නාවලපිටිය පොලිසියේ ඇතැම් නිලධාරින්ගේ සහ නාවලපිටිය නගරයේ ත්‍රිරෝද රථ රියදුරන් කිහිප දෙනෙකුගේද සහයෝගය ලැබි ඇති බවයි.

නාවලපිටිය පොලිසියේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ස්ථාන මාරු කිරිමෙන් පසු නව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් නාවලපිටිය නගරයේ මත්ද්‍රව්‍යය අලෙවි කිරිමේ තරමක් පාලනය කර ඇති බවත්, මධ්‍යම පලාත තුලම මත්ද්‍රව්‍යය අලෙවි කිරිමේ ජාවාරම සම්පුර්ණයෙන්ම නතර කිරිමට පියවර ගන්නා බවයි රාජ්‍යය අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ 

9,302 Viewers

2 Comments to “මත්ද්‍රව්‍ය ජාවාරමට ඇතැම් පොලිස් නිලධාරීන්ගේද සහාය..”

  1. Buddhist says:

    Mahinda ghihin Lasawa badagaththa eke amathaka wela wage muta.

  2. 😥😥😥😥😥😥😥 says:

    අනේ යනවා යන්න ඇමතිතුමෝ..
    ගිහිල්ලා බලනවා කොළඹ කී දෙනෙක් ඇබ්බැහිවෙලාද ඉන්නේ කියලා…! ඔයවගේ දාස් ගුනයකින්..
    චන්ඳය ලං වෙනකොට බොරුවට කියනවා ඒව පාලනය වෙමින් යන්නේ කියලා..!
    ඊයේ ‘ වැලන්ටයින් ‘ නයිට්ස් කියලා කී දෙනෙක් මත්ගඟුලේ පාවෙලාද හිටියේ..!
    ඒකනේ ඉන්ඳියන් සාගරයේ ” මත්-ඇටය ” කියළ නම දාල තියෙන්නේ..!
    ඉංග්‍රීසියෙන් ” ඩ්‍රග්-හබ් ” කියල කියන්නේ..! දෙමළෙන් කියන්නේ “මතින්-ගිලුනු-රට ”
    කියපු එකක් හරි..ඇමතිතුමෝ…
    අපේ රටේ පොලීසියෙන් ගිහිල්ලා ඒ තැන් වැටලුවාම…පොලිස් ස්ථානාධිපතිවරයාගේ
    ගෙදර කෝටිගානක් වටින අලුත්ම වාහනයක් දින කිහිපයකට පසු දකින්න පුලුවනි..!

Main News