මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සියළු දේපල හා මුදල් රාජ සන්තක කරයි..

September 15, 2020 at 5:30 pm | lanka C news
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සියළු දේපල හා මුදල් රාජ සන්තක කරයි..

මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීති විරෝධීව එක් රැස් කර ගත් මුදල් සම්බන්ධව ඉදිරි කටයුතු කිරීම පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතනවල උසස් නිලධාරීන් පිරිසක් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක නිරත වූහ.

නීති විරෝධී ලෙස උපයා ගත් මුදල්, රථ වාහන, ඉඩම්, නිවාස, ගොඩනැගිලි, යනාදියට අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ද නඩු විභාගය අවසන් කර දේපල රාජ සන්තක කරන තෙක් ඒවා ඔවුන් විසින්ම භුක්ති විදීම හා ඒවායෙන් මුදල් ඉපයීමත්, එම මුදල් හා දේපල තවරදුටත් නීති විරෝධී අරමුණු සඳහා යෙදවීම වැළැක්වීම සඳහාත් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධව සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ විය.

අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් නීති විරෝධී ලෙස උපයා ගත් මුදල් හා දේපල රාජසන්තක කිරීම සම්බන්ධව කටයුතු කිරීමට පෙර මුල් අවස්ථාවේදීම එම දේපල රජය භාරයට ගැනීමට කටයුතු කිරීම සම්බන්ධව මෙම හමුවට එක් වූ නිලධාරීන් අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු කළේය.

මුදල් විශුද්ධි කරන පනත සහ 2006 අංක 06 දරණ මුදල් ගනු දෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනයන් සම්බන්ධව මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර එම පනත් අවශ්‍ය සංශෝධනයටන්ට ලක් කිරීම සහ දැනට තිබෙන  ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු කළ හැකි ආකාරය සම්බන්ධව නිලධාරීන් විසින් කරුණු දක්වන ලදී.

ඒ අනුව තිබෙන ප්‍රතිපාදන මත වහාම කටයුතු කිරීමටත්, අවශ්‍ය නීති සංශෝධනයට ලක් කිරීම සලකා බැලීමටත් තීරණය විය.

මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, අධිකරණ අමාත්‍යංශ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ, වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ චනෝකා මොහොට්ටි, නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

– රොහාන් වැලිවිට

25,293 views

9 Comments to “මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සියළු දේපල හා මුදල් රාජ සන්තක කරයි..”

  1. ගමරාළ says:

    කාලොචිත තිරනයක් , ඒ වාගේම දෙෂපාලකයන් විසින් අයතා ලෙස උපයාගත් සියව් දෙපල ඇතුඑව ඔවුන් ගේ හත්මුතු පරම්පරාවෙ එවුන් ගේ නම් යටතේ මිලදි ගෙන තිබෙන සියලු දෙපල රාජසන්තක කළයුතුයි . තවද මහ බැංකු මංකොල්ලයට සම්බන්ධ දෙෂපාලකයන් ඇතුළු ඔවුන්ගේ සිය පවුල් පිට්න් ප්‍රසිද්ධ ස්තානයකට ගෙනල්ලා එල්ලා මැරිය යුතුයි එමගින් ඉදිරි ආනාගතයේ මෙවැනි රාජයේ දෙපල හොරාකරන එක නවතිව්.

    • සමන් භාද්‍රපති says:

      මේවා ඉතින් රජ සන්තක කරනවද නැත්නම් රජ පක්ෂ සන්තක
      කරනවද කියලා පැහැදිලි නෑ උතුරේ කොටි රත්තරං වලට උන දේ මතක් වෙනනවා

      • වයි දිස් කොලවෙරි says:

        කුඩු කාරයො බය වෙලා. ජෙප්පන්ගෙ බැන්කු ගිනුම බිලියන 7.2ක් (ලක්ශ 72,000ක්) උනේ කොහොමද කියල සොයා බලන්න වටිනවා.

      • RED BULL says:

        උඹ කිඹුලන්ගෙ නෑයෙක්ද​?උන් වගේ කල්දේරම් බත් කන්න ආසද මීහරකො.

  2. Kumara says:

    Reno silva…? Hiru TV?
    I think this will only apply to people who sell drugs not for people who import drugs to the country,

  3. සුධීර says:

    බැංකු හොරුන්ටත් ඔය ටිකම කලා නම් ඔබ තුමා ගෙන් වෙන මොකුත් ඉල්ලන්නෙ නෑ.

  4. දේශප්‍රේමියා says:

    එතකොට රාජ්‍ය සේවකයෝ,දේශපාලකයෝ වැටුපට අමතරව අයථා විදිහට උපයාගත්තු වත්කම්/මුදල/දේපල ???

  5. Sirisena Yatawara says:

    The an Emerging which New Lumpen Political classes are behind by Drug dealers,underworld and their armed groups will be Next Political forces in Lanka?
    These Drugs dealers are new elements…Island of political forces .????
    These forces of Drug Dealers and their lumpen elements have being accumulated wealth are tremendous .

    This is that the first Step of New emerging petty bourgeois classes of being penetrated into as New Political outfits in Island politics by support of New UNP faces.

  6. රාජසන්තක කළයුතුයි ...! says:

    බැංකු හොරුන්, රාජ්‍ය සේවකයෝ,දේශපාලකයෝ වැටුපට අමතරව අයථා විදිහට උපයාගත්තු වත්කම් ,ජෙප්පන්ගෙ බැන්කු ගිනුම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙ සියළු දේපල හා මුදල් ඇතුඑව ඔවුන් ගේ හත්මුතු පරම්පරාවෙ එවුන් ගේ නම් යටතේ මිලදි ගෙන තිබෙන සියලු දෙපල රාජසන්තක කළයුතුයි …!

Main News