මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පසුපස ලුහුබැඳ ගිය බුද්ධි අංශ සෙබලා ළිඳකට වැටී මිය යයි…
October 12, 2020 at 2:32 am | lanka C news
වව්නියාව පට්ටකාඩු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා සෝදිසි මෙහෙයෙමුකදී නිරත වූ වවුනියාව යුදහමුදා බුද්ධිඅංශ සෙබලෙකු අවාසනාවන්ත ලෙසින් ළිඳකට වැටීමෙන් දියේ ගිලී මිය ගොස් ඇති බවට වව්නියාව පොලීසිය පවසයි.
වව්නියාව පට්ටකාඩු ප්‍රදේශයේ කිිසියම් පිරිසක් හෙරෝයින් මත්ද්‍රව්‍ය ජාවාරමක නිරතවන බවට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව වව්නියාව යුදහමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් අදාල ස්ථානයට ගොස් වැටලීම සිදු කොට ඇති අතර එහිදී කැලෑබද ප්‍රදේශයකදී ගමන්ගත් යුදහමුදා බුද්ධිඅංශ සෙබලෙකු අවාසනාවන්ත අයුරින් අනාරක්ෂිත ළිඳකට වැටී දියේ ගිලීමෙන් මිය ගොස් ඇති බවට පොලීසියට තොරතුරු අනාවරනය වී ඇත.
මෙලෙස ළිඳට වැටීමෙන් මිය ගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 29 ක් වූ ඩිබ්ලිව් .ඒ.අජිත් නැමත් බුද්ධි අංශ සෙබලා වන අතර ඔහු ප්‍රදේශයේ මෙන්ම වවුනියාව දිස්ත්‍රීක්කයේද සිංහල හා දෙමළ ජනතාවගේ ජනාදරයට පත් වූ අයෙකු වීමද විශේෂයක් විය.
– වන්නි රොමේෂ් මධුෂංඛ