මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස STF කණ්ඩායමකුත්…

July 13, 2020 at 3:22 am | lanka C news
මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස STF කණ්ඩායමකුත්…

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මත්ද්‍රව්‍ය රාජ්‍ය ආරක්ෂාව යටතේ බෙදා හැරීම හා අලෙවි කිරීමේ ජාවාරම 2013 වර්ෂයේ සිටම සිදු කරගෙන ආ බවට තොරතුරු අනාවරණය වී තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ සිටින දූෂිත නිලධාරීන් විසින් ජාවාරම්කරුවන්ගේ හෙරොයින් ප්‍රවාහනයට ආරක්ෂාව ලබා දීමත්, කොටසක් අත්අඩංගුවට ගෙන ඊට යම් යම් ද්‍රව්‍ය එකතු කිරීමද සිදු කර ඇත.

එවැනි ජාවාරමක් සම්බන්ධයෙන් 2013 වර්ෂයේ දී මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් හෙළි කර ගෙන සියලුම තොරතුරු සාක්ෂි සහිතව ලිපි ගොනුවක් ඉහළ පොලිස් නිලධාරියකුට ලබා දී ඇතත් එම නිලධාරියා ඒ පිළිබඳ විමර්ශන කටයුතු නොකර නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කර ඇත.

එකල ඩුබායි හි සිටි වෙලේ සුදා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පාකිස්තානයෙන් එවන ලද හෙරොයින් කිලෝ ග්‍රෑම් අසූවකින් කිලෝ ග්‍රෑම් හතළිහක් ජාවාරම්කරුවන්ට ලබා දී ඉතිරි කිලෝ හතළිහට යම් රසායන ද්‍රව්‍ය එකතු කර කිලෝ ග්‍රෑම් අසූවක් වන සේ සකසා ඇත.

පසුව අදාළ මත් කුඩු තොගය පටවා තිබූ මෝටර් රථය රාජගිරිය ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසලක රථ ගාලක තිබියදී අත්අඩංගුවට ගෙන ඇත. එම තොරතුරු වෙලේ සුදා, ඩුබායි සිට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට දුරකතනයෙන් දන්වා ඇති අතර එම දුරකතනයෙන්ම අදාළ මෝටර් රිය රැගෙන යෑමට යොමු කළ දෙදෙනාටද වෙලේ සුදා කතා කර තිබේ.

කෙසේ වෙතත් ඊට ටික දිනකින් අලෙවි කළ හෙරොයින් කිලෝ ග්‍රෑම් හතළිහෙන් කිලෝ ග්‍රෑම් දහයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් ගාලු මුවදොර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

එම තොගයේ මත් ප්‍රතිශතය සියයට හැත්තෑ පහක් වුවත් රාජගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් කිලෝ ග්‍රෑම් අසූවේ මත් ප්‍රතිශතය සියයට හතළිහක් බවට රස පරීක්ෂණයේ දී හෙළි වී ඇත.

මෙම සියලු තොරතුරු හා තාක්ෂණික තොරතුරු, දුරකතන දත්ත වාර්තා සමගින් ජාවාරම් සම්බන්ධයෙන් සැකසූ ලිපි ගොනුවක් ඉහළ පොලිස් නිලධාරියකුට මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් ලබා දීමේ දී එම නිලධාරියා සඳහන් කර ඇත්තේ මෙය හෙළි වුවහොත් එය පොලිස් විශේෂ කාර්ය බළකායේ කීර්ති නාමයට හොඳ නැති බවයි.

– aruna.lk

6 views

8 Comments to “මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස STF කණ්ඩායමකුත්…”

  1. රටවැසි says:

    වැටත් නියරත් ගොයම් කා නම් , කාට කියම් ද මේ අමාරුව . මෙහෙව් රටේ !

    • B4 UNP now Gota says:

      Aru ගේ මල්ලි තමයි, දැන් %&*= ඉන්නේ. ඕවා අලුත් ක්‍රමයට පටන් ගත්තේ.

  2. Sun says:

    It is like corona virus. We have to destroy them on the spot. Otherwise it will spread round very soon. If we eliminate at the start we can stop them. We need to introduce tough laws to eradicate it. Otherwise it won’t die. The laws supposed to be very tough to eliminate them on the spot. The reason some top people and politicians are behind these criminals as they are getting on the spot cash.

  3. GU-VP SAKKILI API +GU-SAJEE PUTHA + SAKKILI SIRA says:

    යහපාලන පරිපාලනයේදී කුඩු ගැන කිසිවෙකුට ඇසිය නොහැක.

    සාධාරණ හා සාධාරණ රැකියාවක් කිරීමට අප සියලු දෙනා ඔවුන්ට ඉඩ දී ඇති බැවිනි

    අපට ඡන්දය දෙන්න, අපි ප්‍රමාණවත් කුඩු දෙන්නෙමු

  4. ගන්ජ බන්ඩා says:

    ඇත්තටමදූෂිත නැති නිලධාරීන් පොලීසියෙ ඉන්නෙ ඉතා ටික දෙනය්. ඒ අයත් ඕනාවට වඩා අවංක වෙන්න ගියොත් ට්‍රාන්ස්ෆර් වැදී අමාරුවේ වැටෙනවා.

  5. Kgs basnayake says:

    We noted all this news. But we wait proper justice to these perpetrators. If police send half cook files to the solicitor general then no justice will take place. We request death penalty to all of these gangsters.

  6. ක්‍රිමිනල් says:

    දැන් ආයිබොවන්ඩ ! නිලධාරීන් අල්ලනවා , පාතාලයො අල්ලනවා ,හැබැයි අපිට කවදාවත් ඇහිලා නෑ , කුඩු ,ගංජා සහ මත්ද්‍රව්‍ය වලට සම්බන්ද දේශපාළුවො හිරේ විලංගුවේ වැටෙනවා.

    • හලාල් කාන්ත says:

      එහෙම උනොත් උඹේ හාම්පුත්තු වැඩි දෙනෙක් කූඩුවේ.

Main News