මත්ද්‍රව්‍ය, පාතාල නායක ආණ්ඩුවේ මන්ත‍්‍රී හෙළි කරයි..

February 16, 2017 at 12:32 am | lanka C news
මත්ද්‍රව්‍ය, පාතාල නායක ආණ්ඩුවේ මන්ත‍්‍රී හෙළි කරයි..

ආණ්ඩුවලට මුක්කු ගසා රාජ්‍ය දේපල අවභාවිතය මත්ද්‍රව්‍ය ජාවාරම , පස් කැපීම, සහ පාතාල සම්බන්ධකම් පවත්වන්නේ කවුදැයි සාක්‍ෂි සහිතව ඉදිරියේදී ඔප්පු කරන බව මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභා, නගර සභා, හිටපු මන්තී‍්‍රවරු අවධාරණය කරති.

හිටපු ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතාට සහ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඇතු`ඵ මන්තී‍්‍රවරුන් හොරුන් යැයි රුවන් රණතුංග හිටපු මන්තී‍්‍රවරයා කරන චෝදනාව දැඩි ලෙස ප‍්‍රතික්ෂේප කල මිනුවන්ගොඩ පළාත් පාලන නියෝජිතයෝ හොරු සමග ලගින්නේ කවුදැයි ඉදිරියේදී රටටම බලාගත හැකි බව ද අවධාරණය කරති.

උඩුගම්පල සතිපොල පසුගිය සෙනසුරාදා ප‍්‍රසන්න රණතුංග මහතා ඇතු`ඵ පිරිස බලහත්කාරයෙන් විවෘත කලහ. ඉන් අනතුරුව මාධ්‍ය අමතමින් කල මිනුවන්ගොඩ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ සංවිධායක රුවන් රණතුංග හිටපු මන්තී‍්‍රවරයා සදහන් කර තිබුණේ මෙම පොළ ඉදිකිරීමේදී මූල්‍ය වංචාවක් සිදුව ඇති බැවින් මූල්‍ය අපරාධ විමර්ෂන කොට්ඨාශයට ඒ පිලිබද පැමිණිලි කරන බවයි.

උඩුගම්පල රෙජී රණතුංග සමරු සම්මන්ත‍්‍රණහාලාවේදී පැවති මාධ්‍ය හමුවේදී මිනුවන්ගොඩ පළාත් පාලන නියෝජිතයෝද ඒ පිලිබදව මූල්‍ය අපරාධ විමර්ෂන කොට්ඨාශයට පැමිණිලි කරන්නැයි රුවන් රණතුංග මහතාට අභියෝග කලහ. මිනුවන්ගොඩ ආසනයේ පසුගිය කාලයේ සිදුවූ මූල්‍ය වංචා රැුසක් ඉදිරියේදී හෙලිකිරීමට තමන්ද සූදානමින් සිටින බව ඔවුහු පෙන්වා දුන්හ.

මෙහිදී ඔවුන් දැක්වූ අදහස් මෙසේය.

මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කුමාර අරංගල්ල මහතා.

උඩුගම්පොල සතිපොල හැදුවේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ කාලයේ . ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය , ප‍්‍රාදේශීය සභාවයි, මේකට ප‍්‍රතිපාදන වෙන්කරලා තිබුණා. අනුන්ගේ දරුවන්ට උප්පැන්න දෙන්න බලාගෙන හිටපු මිනුවන්ගොඩ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සංවිධායකවරයා කියලා තිබුණා මේකෙ කෝටි ගානක මුදල් වංචාවක් සිද්ධ වෙලා කියලා. අපි එතුමට අභියෝග කරනවා. යන්න එෆ්.සී.අයි.ඞී එකට අපි ලෑස්තියි  ඕනෙම පරීක්‍ෂණයකට මුහුන දෙන්න. අපි හොරකම් කරලත් නෑ අපි හොරකම් කරන්නෙත් නෑ අපි ගාව හොරුත් නෑ. පාතාලේ ලග තියාගෙන ආණ්ඩුවට මුක්කු ගහලා ජාවාරම් කරන්නේ කවුදැයි අපි හෙට අනිද්දට රටට හෙලි කරනවා.

මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති සුජීව සම්පත් මහතා.

අද මේ ආණ්ඩුව කටයුතු කරන්නේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී විදියටයි. පළාත් පාලන මැතිවරණය හිතා මතාම කල් දානවා. පෙබරවාරි මාසේ අවසන් වෙන්න ඉස්සරවෙලා පළාත් පාලන මැතිවරණය ප‍්‍රකාශයට පත් නොකලොත්  අපි ජනතාවත් එක්ක පාරට බහිනවා.

මිනුවන්ගොඩ නාගරික මන්තී‍්‍ර නීල් ජයසේකර මහතා.

ආණ්ඩුව මේ වසර නම් කලේ දිලිදුකම පිටුදැකීමේ වසර ලෙසයි.  නමුත් ඔවුන් වැඩ ආරම්භ කලේ සමෘද්ධි ප‍්‍රතිලාභීන්ට දුන් රු 2500 ක මුදල ආපසු අයකරන්න කටයුතු කරලයි. අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා මේ මාද්‍ය හමුවෙන්වත් තොරතුරු දැනගෙන ඒක වහාම අත්හිටුවන්න කියලා.

රුවන් රණතුංග හිටපු මන්තී‍්‍රවරයා පාර්ලිමේන්තුවේ හිටපු කාලය පුරාමත් දැනුත් කරන්නේ පාතාලය මත්ද්‍රව්‍ය ජාවාරම ශක්තිමත් කිරීමයි. එතුමා රනිල් මෛතී‍්‍ර ආණ්ඩුවට මුක්කු ගැහුවේ වෙන මොනවටවත් නොවේ තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්න. ඒ නිසා අපි එතුමාට අපේ දැඩි විරෝධය පල කරනවා. අපි අභියෝග කරනවා එතුමාට තමන්ගේ වටේ ඉන්න පාතාල සාමාජිකයන්ගේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන්ගෙන් ජනතාවට වෙන පීඩාව නවත්වන්න කියලා. එතුමාට එහෙම කරන්න බෑ. එතුමා ඔවුන්ගේ සිරකරුවෙක් වෙලා ඉවරයි.

මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්තී‍්‍ර සුසිල් අනුර කුමාර මහතා.

ප‍්‍රසන්න රණතුංග මන්තී‍්‍රවරයා හොරෙක්යැයි රුවන් රණතුංග මහතා කල චෝදනාව අපි දැඩි ලෙස ප‍්‍රතික්ෂේප කරනවා. අපි එතුමා එක්ක පහුගිය කාලේ සහයෝගයෙන් වැඩ කලා.  එදා අපි එකට වැඩකරපු විදිය රුවන් මහත්තයට අමතක වෙලා. ප‍්‍රසන්න මහත්තය සහ අපි හොරකම් කරලා තියෙනවනම් ඔප්පු කරන්නැයි රුවන් මහත්තයට අපි අභියෝග කරනවා. ඔප්පු කලොත් අපි දේශපාලනයෙන් සමු ගන්නවා.

මිනුවන්ගොඩ ප‍්‍රදේශීය සභාවේ හිටපු මන්තී‍්‍ර දර්ශිකා ගුණසේකර මහත්මිය.

මේ ආසනය රෙජී රණතුංග මැතිතුමාගේ ආසනය. එතුමා පිරිසිදු නායකයෙක් . රෙජී මහත්තය කවදාවත් අපිට හොරකම් කරන්න උගන්නල නෑ. රෙජී මහත්තයගේ අඩිපාරේ යන්නේ ප‍්‍රසන්න මහත්තය. මධ්‍ය බල මණ්ඩලයට ප‍්‍රසන්න මහත්තයව හදුන්වල දුන්නේ රෙජී මහත්තය අද රුවන් රණතුංග මන්තී‍්‍රතුමා හැසිරෙන්නේ මොන්ටිසෝරි බබෙක් වගේ .එතුමා වැඩ කරන විදිය රෙජී රණතුංග දිවංගත අපේ නායකයාටත් අපහාසයක්. උඩුගම්පල සතිපොල හදලා ඉවරවෙලා අවුරුදු දෙකකට කිට්ටුයි. ඒ වෙනතුරු මේ හොරකම් ගැන චෝදනා කලේ නෑ. හැබැයි තමන්ට විවෘත කර ගන්න බැරි වුනහම තමයි මේ චෝදනාව කරන්නේ. ඒකෙන්ම තේරෙනවා මිනුවන්ගොඩ ආසනයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධායකවරයා කරන චෝදනාව හරියට නරියා මිදි තිත්තයි කිව්වා වගේ වැඩක්.

රුවන් රණතුංග හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර වරයාගේ හිටපු ලේකම් නාගරික මන්තී‍්‍ර අසේල දිසානායක මහතා.

රුවන් රණතුංග මන්තී‍්‍රතුමා වැඩ කරපු විදිය, වැඩ කරන විදිය මම හොදට දන්නවා. එතුමා ප‍්‍රසන්න රණතුංග මැතිතුමාට කරන චෝදනාව සම්පූර්යෙන්ම වැරදියි. තමන්ව දේශපාලනයට ගෙනාපු කෙනාට හොරා කියනවානම් එහෙම කියන කෙනා මොවගේ කෙනෙක්දැයි රටට අලූතින් කියන්න  ඕනේ නෑ. ප‍්‍රසන්න රුණතුංග මහතා සහ අපි හොරකම් කරලා තියෙනවානම් ඔය  ඕනෑම ආයතනයකට පැමිණිලි කරලා පරීක්‍ෂණ පවත්වන්න හැබැයි එදාට කුඩු කෑ ඇත්ත එවුන් කවුදැයි රටට අපි කියනවා.

– ප‍්‍රදීප් අනුර කුමාර

0 views
Main News