මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් 12 දෙනෙකු අත්අඩංගුවට….

December 20, 2021 at 2:16 am | lanka C news
මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් 12 දෙනෙකු අත්අඩංගුවට….

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් 12 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් පැවසිය.

ශ්‍රි පාද වන්දනාවේ මත්ද්‍රව්‍ය රැගෙන පැමිණෙන වන්දනාකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා දවස පුරා හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක සහ හැටන් දුම්රිය ස්ථානයේ සිදු කල හදිසි පරික්ෂා වලදි මෙම සැකකරුවන් 12 දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් පොලිසියේ පොලිස් සුනඛ අංශයේ ස්ටුවට් සුනඛයාගේ සහය ඇතිව මෙම සැකකරුවන් 12 දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු සන්තකයේ හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රැම් 10 ක් තිබු බවත්, අනෙක් සැකකරුවන් සන්තකයේ කේරළ ගංජා තිබි අත්අඩංගුවට ගත් බවත්, සැකකරුවන් 20-30 වයස් කාණ්ඩ වල පසුවන අනුරාධපුර , රාගම සහ කොළඹ අවට පදිංචිකරුවන් බවයි එම වැටලිම සිදු කල නිලධාරින් කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එක් සැකකරුවෙකුට රු පනස්දහස බැගින් පුද්ගලික ඇප මත මුදා හැර සැකකරුවන්ට ලබන මස (11) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනි සිටින ලෙස වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය නියෝග කලහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

17,150 views

3 Comments to “මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් 12 දෙනෙකු අත්අඩංගුවට….”

  1. Kalu Albot says:

    Math drawya neethi gatha koranna kiyalaa ara Gon Nonaa kiyanawa neda? Ehema nam math dravya aragaa giyaama mokada wenne?Udahata badagaana okkotoma math drawya bedaa dennayi thiyenne. Gamana lesi wena hindaa eka loku pinak!!

  2. Gamarala says:

    මේ වා නොකර ඉන්න මුන්ට රජකාලේ දඩුවම් දිය යුතුයි.

    කසයෙන් තැලීම.
    වේවැල් සහ හතර රියන් පොදු දෙකෙන් තැලීම.
    අත කැපීම.
    පය කැපීම.
    අත් පා කැපීම.
    කන කැපීම.
    නාසය කැපීම.
    කන් නාසා කැපීම.

  3. Chinthaka says:

    Sri pada has no public toiltes except one. Other toiltes are full of shit from the pathway it self. Many foreigners are visiting the place. Those Nayaka monks has no sense. They only bother about their earnings. Bloody shame.

Main News