මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් මංගලගේ ලේකම් කිහිප වතාවක් ප්‍රභූ පර්යන්තයෙන් අමාත්‍යවරයා සමඟ විදෙස් ගත වී ඇති බව හෙලි වෙයි..

August 7, 2017 at 10:40 pm | lanka C news
මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් මංගලගේ ලේකම් කිහිප වතාවක් ප්‍රභූ පර්යන්තයෙන් අමාත්‍යවරයා සමඟ විදෙස් ගත වී ඇති බව හෙලි වෙයි..

වර්තමාන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මහජන සම්බන්ධතා නිලධාරි සමීර මනහර නමැත්තා කොකේන්, හෂීස්, කුෂ්, පිල් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් ඇතුළු තවත් මත්පැන්, නීතිවිරෝධී දුම්වැටි තොගයක්ද සමග STF විසින් 06 දා අත් අඩංගුවට ගෙන තිබෙන නව එජාපයට හිත්වත් වෙබ් අඩවියක් වාර්තා කොට ඇත.

එම වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කරනුයේ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ MSD සේවයට අනුයුක්ත සහකාර පොලිස් අධිකාරි උපුල් සෙනෙවිරත්නගේ පොලිස් නිල හැඳුනුම්පත සහ ඔහුගේ බැංකු කාඩ් පතක්ද සැකකරුවන් සතුව තිබී සොයාගෙන ඇති බවයි. Link

එහෙත් මේ මහජන සම්බන්ධතා නිලධාරියා අමාත්‍යවරයාගේ වරප්‍රසාද හරහා ඇමතිවරයා සමග පසුගිය කාලය තුලදි කිහිප වතාවක් පිටරට ගොස් පැමිණ ඇත්තේ රේගු පරීක්ෂාවලින් තොර ප්‍රභු පර්යන්තය හරහා යයිද අන්තර්ජාල මාධ්‍ය වාර්තා සදහන් කරයි.

එමෙන්ම මංගල සමරවීර මහතා විදේශ අමාත්‍යවරයා වශයෙන් පසුගිය කාලයේදී ඇමරිකාවේ සංචාරය කිරිමේදී ඉහත පුද්ගලයා සමඟ එකට සංචාරය කොට එකම හෝටලයේ රැදි සිටිම සම්බන්ධයෙන් එල්ල වු චෝදනාවක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනය මගින් ද ඔහු පිලිගෙන ඇත්තේ තම පෞද්ගලික කාර්යය මණ්ඩල සමාජික මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සමීර මනහර නමැත්තා තමන් සමඟ ඇමරිකානු සංචාරයේ නිරත වු බවයි.

ඒ බැව් 2015 පෙබරවාරි 9 වෙනිදා ඇමරිකාවේ නවාතැන් ගෙන සිටි සුප්‍රසිද්ධ ෆෝ සීසන්ස් Four Seasons Hotel හෝටලයේ බිල්පත මගින් තහවුරු කරගත හැකිය. Link

211 views
Main News