මත්ද්‍රව්‍ය, සූදු, ගණිකා, වැලි, පස්, බොරළු ජාවාරම් කරන මැති ඇමතින් අදත් ඉන්නවා..- රාජ්‍ය ඇමති නිරෝෂන්

September 5, 2017 at 6:31 am | lanka C news
මත්ද්‍රව්‍ය, සූදු, ගණිකා, වැලි, පස්, බොරළු ජාවාරම් කරන මැති ඇමතින් අදත් ඉන්නවා..- රාජ්‍ය ඇමති නිරෝෂන්

මෙරට මැතිවරණ ඉතිහාසය ඓතිහාසික සන්ධිස්ථානයක් වෙත රැගෙනයමින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ සංශෝධන පනත ගෙන ඒමට රජය සමත්ව තිබේ. එමගින් ගමට වගකියන නියෝජනයක් බිහිකර ගැනීමේ අවස්ථාව ජනතාවට හිමිවන අතර ගම හොරුන්ගෙන් බේරා ගැනීමට පනත පමණක් ප්‍රමාණවත් නොවන බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසුවේය.

පළාත් පාලන මැතිවරණ ක්‍රමවේදය පිලිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා,

පක්‍ෂ පාට භේදයකින් තොරව දුෂණයට සහ වංචාවට එරෙහිව ප්‍රබල සමාජ මතයක් මේ වන විට ගොඩ නැගී අවසන්ය. එවැනි මොහොතක ග්‍රාමීය පාලන ව්‍යුහය වඩාත් සුපිරිසිදු සහ සංවිධානාත්මක ස්ථාවරයකට ඔසවා තැබීම ජාතික දේශපාලනයේ වගකීම වේ.

විදේශීය කාන්තාවන් අතවරයට ලක් කර ඝාතනය කරන ප්‍රාදේශීය සභා සභාපතිවරු, තමන් ඇසුරු කල කාන්තාවන් ගණන සමරණ ප්‍රදේශීය සභා සභාපතිවරු, මස් පිණිස සතුන් දඩයම් කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, නීති විරෝධී වැලි, පස් සහ බොරළු ජාවාරම් වල නිරත වන මන්ත්‍රීවරු, මත්ද්‍රව්‍ය, සුදුව සහ ගණිකා ජාවාරම සිදුකරන මන්ත්‍රීවරු පසුගිය කාලවකවානුව තුල මෙන් අද වන විටත් සිටින බව රහසක් නොවේ. සුපිරිසිදු දේශපාලන පෞර්ෂයන් තෝරා පත්කර ගැනීම පිළිබඳව ජනතාව සහ දේශපාලන පක්ෂ සතු වගකීම පැහැර හැරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව අමතුවෙන් කිවයුතු නැත.

දේශපාලන පක්ෂ පළාත් පාලන ආයතන සඳහා සිය නියෝජිතයන් තෝරා පත්කර ගැනීමේදී ප්‍රධාන වශයෙන් සලකා බලනු ලබන කාරණය වන්නේ ඔහුට හෝ ඇයට ලබාගත හැකි ඡන්ද ප්‍රමාණය මිස දුෂණය සහ වංචාව පිටු දැකීමට ඇති ප්‍රතිපත්තිය නොවේ. තවත් ලෙසකින් කිවහොත් දේශපාලන පක්‍ෂ බොහෝ විට අපේක්ෂකයන් ඉදිරිපත් කරනු ලබන්නේ ‘‘අපේ හොරා අපිට හොඳයි’’ යන ප්‍රතිපත්තිය පදනම් කර ගනිමිණි.

සාමන්‍යයෙන් දේශපාලන පක්‍ෂයක් විසින් විනය පරීක්ෂණ පවත්වනු ලබන්නේ පක්‍ෂ සම්මේලනයට සහභාගී නොවීම, පක්‍ෂයේ මතයට එරෙහි ප්‍රකාශ නිකුත් කිරීම වැනි කරුණු පදනම් කර ගනිමිණි. ඒ හැරෙන්නට දුෂණ වංචා පදනම් කරගත් විනය පරීක්ෂණ පැවත්වීම මෙරට දේශපාලනය තුල දක්නට නොලැබීම කණගාටුවට කරුණක් බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පෙන්වා දෙයි.

බිම් මට්ටමේ දුෂිත ජනතා නියෝජිතයන් බිහිවෙද්දී පසුව එය පළාත් සභාවටත්, පාර්ලිමේන්තුවටත් පැමිණීමෙන් ජාතික දේශපාලනය දුෂණය වීම සිදුවේ. හොරු අල්ලා දඬුවම් කල යුතු යැයි කියන මතයට මෙරට දේශපාලන පක්ෂ රැසක් වර්තමානය වනවිට එකඟ වී තිබේ. සුජාත දේශපාලන නායකයන් බිහි කිරීමේදී හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත් නොවන අතර බිම් මට්ටමේ සිට දුෂිතයන් දේශපාලනය නොඑන යාන්ත්‍රණයක් සැකසීමේ අවශ්‍යතාවය ස්මතුව තිබේ.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී දුෂිත අපේක්ෂකයන් තෝරා නොගන්නා ලෙස කුමන හෝ දේශපාලන පක්ෂයකට සිය නාම යෝජනා මණ්ඩල දැනුවත් කළ හැකිනම් එය උතුම් දේශපාලන ප්‍රවේශයක් ලෙස හදුන්වා දිය හැකිය. එපමණකින් නොනැවතී වංචනිකයෙකුට හෝ දුෂිතයකුට නාම යෝජනා මණ්ඩලයේ අසුන් ගැනීමට හෝ අවස්ථාවක් නොදීය යුතුය. තවද ජනතාව ඉදිරියේ දුෂිතයන් ප්‍රතික්‍ෂේප කරන බවට දේශපලන පක්ෂ විසින් විවෘත පොරොන්දුවක් ලබා දිය යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මාධ්‍ය ඒකකය
ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය

26 views

4 Comments to “මත්ද්‍රව්‍ය, සූදු, ගණිකා, වැලි, පස්, බොරළු ජාවාරම් කරන මැති ඇමතින් අදත් ඉන්නවා..- රාජ්‍ය ඇමති නිරෝෂන්”

  1. Tax officer says:

    please lodge a complain in the police and not in the news channels.

    also it is better to name them ..

  2. GOOTHAYA says:

    MOOTH REEATA NIDAGANNE NIGHTIYAK EADAGENADA.

  3. Kamal says:

    He is telling truth please don’t against everything though you are in the opposition tks

  4. Saman says:

    What about electing to the Parliament a son of a murderer who operated death squads and a torture/slaughter house in Wennappuwa in 1987-1989 and eliminated hundreds of youth who bore opposing political views and rebelled against the then govt. of which the murderer was a powerful minister. Is that fine with you ….

Main News