මත්ද්‍රව්‍ය කිලෝ 83.5ක් අත්අඩංගුවට..
August 19, 2018 at 5:30 pm | lanka C news
යාපනය කන්කසන්තුරයට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ පා වෙමින් තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 83.5 ක් ඊයේ (18) දින නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ.
උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක අනුයුක්ත නාවික හමුදා නිලධාරීන්ගේ මුර සංචාරයක් දී එම කේරල ගංජා තොගය මුහුදේ පාවෙමින් තිබියදී නාවික හමුදා නිලධාරීන් වෙතට හමුවී ඇත.
අදාල කේරල ගංජා තොගය ඇසුරුම් 39 ක බහා තිබී ඇති අතර විකිණීම සඳහා මෙලෙස ඉන්දියාවේ සිට උතුරු මහුදට ජාවාරම් කරුවන් විසින් රැගෙන එන අතරවාරයේ නාවික හමුදාව දැක කේරල ගංජා තොගය මුහුදට දමා ගොඩබිම වෙත රැගෙන ඒමට උත්සාහ දරා ඇති බවට නාවික හමුදාව සැක පල කරයි.
සොයාගත් එම කේරල ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය පොලිසිය වෙත භාර දීමට කටයුතු කල බව නාවික හමුදාව සඳහන් කළේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
උතුරට තනි පාලනයක් ඉල්ලන්නේ මේවා තව වැඩිකරගන්න පිරපාකරන් යුද්දයට මුදල් එකතුකලේ මේවා විකුණලා
සරසවි සිසුට නොමිලේ මත්ද්‍රව්‍ය බෙදයි ජනපති කියපි
ගංජා වවන්න අනුමැතිය දුන්න සුවපති රාජිතය කියපි
මත්කුඩට මුලුරටම මුතු ඇටය ගිලෙනව සාගලය කියපි
මුතු ඇට ගංජාව ආසිය විරුදාවලි තිබ්බා ලෝකය කියපි