මත්ද‍්‍රව්‍ය ගෙන සිරිපා වන්දනාවේ ආ 17ක් පොලිස් අත්අඩංගුවේ…

February 17, 2019 at 5:30 pm | lanka C news
මත්ද‍්‍රව්‍ය ගෙන සිරිපා වන්දනාවේ ආ 17ක් පොලිස් අත්අඩංගුවේ…

මත් ද්‍රව්‍යය රැගෙන හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් 17 දෙනෙකු හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේදි සිදු කල හදිසි පරික්ෂාවකදි මෙම තරුණයන් 17 දෙනා සන්තකයේ කේරල ගංජා, අයිස් මත්ද්‍රව්‍යය සහ ගංජා මිශ්‍ර මදන  මෝදක ගුලි සන්තකයේ තබා ගැනිම චොදනාව යටතේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් ගාල්ල, මාතර, කොළඹ , ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් ඔවුන් අවුරුදු 25-30 වයස් කාණ්ඩවල පසුවන අය බව මෙම වැටලිම සිදුකල නිලධාරින් කියා සිටියේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රත්  අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

මේ අතර හැටන් මාර්ගය ඔස්සේ ඊයේ දිනයේ ශ්‍රි පාදය කරුණා කිරිම ලක්ෂයකට වැඩි වන්දනාකරුවන් පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

6,688 Viewers

3 Comments to “මත්ද‍්‍රව්‍ය ගෙන සිරිපා වන්දනාවේ ආ 17ක් පොලිස් අත්අඩංගුවේ…”

  1. පෙන්වනු කරන්නගෙ මුහුන says:

    කටින් බතල හිටෙව්වා දැන් හොඳටෝම ඇති
    කස පහරේ දඬුවම මේ කරන අයට සුදුසු ඇති
    තෙවරක් හසු කෙනා නම් දඬුවම දරුනුම ඇති
    පෙන්වනු කරන්නගෙ මුහුන රටම දැනගනු ඇති

  2. dayas says:

    MULU RATAMA SURAPURAYAK KARANAWA KIYALA ponil, BALAYATA GENAAPU unp, tna, jeppo,
    MULU RATAMA KUDU PURAYAK, CHKAGOWAK , KARALA IWARAI,
    APE DARUWANGE ANAAGATHAY MUN WINAASA KALAA,
    NARUMA JADAINI, SOBAA DAHAMA ANUWA THOPITA HENA GAHANAWA,

    • එල්ලුම් ගස උරුමය says:

      මුස්ලිම් වන්දනා කරන තැනක උනා නම්
      දනී මොවුනට සලකන විදිය එතැනදි නම්
      අප පාලකයෝ මේ තරම් අන්ධව සිටී නම්
      එල්ලුම් ගස උරුමය ඒ අයටය එහෙම නම්

Main News