මත්ද‍්‍රව්‍ය ජාවාරමට හා උණ්ඩියෙල් ජාවාරමට සම්බන්ධ ඇමතිවරයෙක්…- මහ බැංකු අධිපති

December 13, 2021 at 9:20 am | lanka C news
මත්ද‍්‍රව්‍ය ජාවාරමට හා උණ්ඩියෙල් ජාවාරමට සම්බන්ධ ඇමතිවරයෙක්…- මහ බැංකු අධිපති

උන්ඩියල් මුදල් ජාවාරම කරගෙන යාමට ඉඩ දිය යුතු යයි එක්තරා ඇමතිවරයෙක් කියා ඇති බවත් එහි තේරුම එම ඇමතිවරයාද ඒ ජාවාරමට සම්බන්ධ වීම විය හැකි බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

පුවත්පතක් සමග සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙසේ අදහස් පල කර ඇත.

‘මේ මුදල් රට තුළට ඇවිත් නැහැ කියන එක තමයි මම කිව්වේ. වෙන තැනකින් ජාවාරම්කරුවන් විසින් මේ මුදල් අරගෙන තියෙනවා. ඒ මුදල්වලට සමාන්තරව රට තුළ මුදල් ගෙවීමක් සිදු කරලා තියෙනවා. රට තුළට විදේශ විනිමය නොපැමිණ, මේ තරම් විශාල මුදලක් රට තුළින් ගෙවන්න පුළුවන් ව්‍යාපාරය මොකක්ද කියලා හිතනකොට මේ කාරණය පැහැදිලි වෙනවා. සාමාන්‍ය ව්‍යාපාරයක් හරහා මෙතරම් මුදලක් හුවමාරු වෙන්නේ නැහැ.

ඩොලර් මිලියන තුන්සීයක් වෙනුවෙන් ඩොලරයකට රුපියල් දෙසීය හතළිහ බැගින් ගෙව්වත් රුපියල් කෝටි හත්දාස් දෙසීයක් උත්පාදනය කරන්න පුළුවන් එකම ව්‍යාපාරය තමයි මත්ද්‍රව්‍ය. මම දැක්කා එක ඇමැතිවරයෙක් කියනවා මේක කරගෙන යන්න ඉඩදෙන්න ඕනේ කියලා. ඒකෙන් තේරෙන්නේ එයත් මේ ව්‍යාපාරයට සම්බන්ධයි කියලා. නැති නම් ඒකට උපකාර කරනවා’

96,621 views

16 Comments to “මත්ද‍්‍රව්‍ය ජාවාරමට හා උණ්ඩියෙල් ජාවාරමට සම්බන්ධ ඇමතිවරයෙක්…- මහ බැංකු අධිපති”

  1. 0.00069 BIYYO says:

    නේ යකෝ රටේ ආර්ථිකේ කාල දැන් එනවා කියවන්න.. එහෙම එකෙක් ඉන්නවනං උඹේ නිතිය ක්‍රියාත්මක කරලා account freeze කරපංකෝ අර කිවුව වගේ.. මු වගේ ගොන් හරකෙක් ඉන්නකන් අපේ ආර්ථිකේ ඉවරයි කොහොමත්. imf ගියපු ගමන් බලන්න වෙන වැඩේ.. dolor එක float කරනවා. මහා බැංකුවේ ඉන්න මුන් වගේ ගොන්නු imf එකෙන් මුලින්ම අයින් කරනවා sure..

  2. Ashan says:

    යකෝ අපි රට ඇවිලා හම්බ කරන ඩොලර් වලට කෙලලා රේට් එක අඩුවේන් ගේවන නිසානේ අපි ඒ විදිහට කරන්නේ බොගේ පඩිය මාසේට ලක්ෂ 11 කියන්නේ රටට මොන විදිහේ වැඩක් කරලද ගන්නේ ආයේ බල්ලේක්වත් රාජපක්ෂලානමි වතුර වත් දේන්නේ නැ අන්තිමේදිිඅපේ etf epf වලටත් කේලින්න ආපු සේට්එකක් සරත් පොන්සේකා නොහිටින්න තාම මාවිල්ලාරැ සෝරෝවිවේ යතුර හොයනවා කටිටිය

Main News