මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මුහුදට පනී.. නාවික හමුදාවට පරදී.. අත්අඩංගුවට..

May 13, 2020 at 5:30 pm | lanka C news
මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මුහුදට පනී.. නාවික හමුදාවට පරදී.. අත්අඩංගුවට..

යාපනය වේලනෙයි ප්‍රදේශයේදී කුඩා ළමුන්ට මත් පෙති හා මත්ද්‍රව්‍ය අලෙවිකරමින් සිටි තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු මුහුදට පැනීම හේතුවෙන් නාවික හමුදා සහයෙන් සැකකරු අත්අඩංගුවට ගත් බවට කයිට්ස් පොලීසිය පවසයි.

කයිට්ස් පොලීසියට වේලනයි ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ගනුදෙනුවක් සිදුවන බවට ලැබුනු තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් අදාල ප්‍රදේශයට ගොස් සිදුකරන ලද සෝදිසි වැටලීමකදී අදාල සැකකරු පොලිස් ග්‍රහනයෙන් මිදී පලා යාම සඳහා මුහුදට පැන පීනා ගොස් පලායෑමට උත්සහ දරා ඇත.

එහිදී පොලිස් නිලධාරීන් විසින් නාවික හමුදා නිලධාරීන්ට දැනුම් දීමෙන් පසුව නාවික හමුදා සෙබලුන් කිහිප දෙනෙකු පැමිණ පලා යමින් සිටි සැකකාර තරුණයා අල්ලා පොලීසියට භාරදීමට පියවර ගනු ලැබීය.

සැකකරු වේලනෙයි ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි අයෙකු වන අතර එම පුද්ගලයාට මත්ද්‍රව්‍ය සැපයෙන් පුද්ගලයින් පිළිබඳවද පරික්ෂණයක් අරඹා ඇති බවට පරික්ෂණ සිදු කරන කයිට්ස් පොලීසිය වැඩි දුරටත් පවසා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

29,807 Viewers

4 Comments to “මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මුහුදට පනී.. නාවික හමුදාවට පරදී.. අත්අඩංගුවට..”

  1. david milibanda says:

    Good detection. A job well done to save from exploitation of the Children and youth.

  2. කිරියා says:

    වෙඩ් තියලාදාන්න

  3. SL says:

    Send this man to kandakadu rehab.not to welisara.If he is sent to welisara or any other prison after verdict this man will definitely be crowned as a drug dealer as well as a drug addicted.
    Our prisons are shit holes and many officers working there are ass holes

  4. Sun says:

    Need very tough laws to eradicate this dirty business as some big people are controlling it by using money power. Our young generation is suffering a real set back as a result of these dirty work of these drug loads

Main News