මත්ද‍්‍රව්‍ය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි 300ක් අත්අඩංගුවට…

January 25, 2020 at 8:02 am | lanka C news
මත්ද‍්‍රව්‍ය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි 300ක් අත්අඩංගුවට…

2019-2020 වසර සදහා ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ වි මාස දෙකකට අඩු කාලයක් තුල හැටන් මාර්ගය ඔස්සේ විවිධ මත්ද්‍රව්‍යය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් 300 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම සැකකරුවන් අධිකරණය හමුවේ වරදි පිලිගත් නිසා එම චුදිතයන්ගෙන් රු හාර ලක්ෂ දොලොස්දහසක දඩ මුදලක් අය කරගෙන ඇති බව හැටන් පොලිස් අධිකාරි චුලින විරරත්න මහතා පැවසිය.

කේරල ගංජා , හෙරොයින් , අසිස් ,අයිස් ,වෙනත් මත් ද්‍රව්‍යය සහ තිරුබදු සහිත දුම්වැටි රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයනුයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේ.

හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකය , හැටන් පොලිසිය , ගිනිගත්හේන,නල්ලතන්නිය , වටවල , මස්කෙලිය , නෝටන්බ්‍රිජ් , බගවන්තලාව සහ නොර්වුඩ් යන  පොලිස් ස්ථාන වලින්  ශ්‍රි පාද වන්දනාකරුවන් පැමිණි වාහන සහ වන්දනාකරුවන්ව දියගල සහ අදාල පොලිස් බල ප්‍රදේශවල සිදු කරන ලද පරික්ෂාවන් වලදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට කටයුතු කල බවයි පොලිස් අධිකාරිවරයා කියා සිටියේ.

ශ්‍රි පාදස්ථානය පුජනිය ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කිරිමක් සමග ශ්‍රි පාද වන්දනා සමයේදි මත්ද්‍රව්‍යය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණිමෙන් වලකින ලෙස මාධ්‍යය මගින් දැනුවත් කර තිබියදි එම දැනුවත් කිරිම් නොතකා ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට තවදුරටත් මෙහෙයුම් සිදු කරන බවයි පොලිස් අධිකාරිවරයා කියා සිටියේ.

මේ අතර මත්ද්‍රව්‍යය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරු අත්අඩංගුවට ගැනිම සදහා පොලිසිය විසින් දියත් කර ඇති විශේෂ ආරක්ෂිත වැඩපිලිවෙලට නල්ලතන්නිය නගරයේ ඇතැම් සංචාරක හෝටල් හිමියන් සහ ආපන ශාලා හිමියන් සිය විරෝධය දක්වා ඇති බවද පැවසෙන අතර , ශ්‍රි පාද වන්දනා සමයේදි නල්ලතන්නියේ ඇතැම් සංචාරක හෝටල් හිමියන් සහ ව්‍යාපාරිකයන් පාරිභෝගිකයන්ට  නරක් වු ආහාර පාන ලබාදෙන බවටත්, එ සදහා අධික මුදලක් අය කරන බවටත් පසුගිය දා වාර්තා වි තිබුණි.

ශ්‍රි පාද අවාරයේදි පාංශුකුලය දිමට නල්ලතන්නිය ප්‍රදේශයේ කිසිදු සංඝරත්නයක්  වැඩ නොසිටින බවත්, ශ්‍රි පාද වන්දනා සමයේදි නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ ශ්‍රි පාද වන්දනාකරුවන් නොමග යවා  ආධාර සහ සම්මාදම්  එකතු කිරිමට විශාල පිරිසක් මාර්ගය දෙපස දිවා රාත්‍රි දෙකේ රැදි සිටින බව නල්ලතන්නිය ප්‍රදේශවාසින් පවසයි.

නරක් වු ආහාර ශ්‍රි පාද වන්දනාකරුවන්ට ලබා දුන් වෙලදසැල් හිමියන් කිහිප දෙනෙකු මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.     

– හැටන් රංජිත් රාජපක්ෂ

7,383 Viewers

5 Comments to “මත්ද‍්‍රව්‍ය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි 300ක් අත්අඩංගුවට…”

  1. kamal says:

    උපසම්පදා සිලය හා අප දන්නා ගුණය හා ඔස්ට්‍රෙලියාවේ එංගලන්තයේ ගුණය දාහතරවන ප්‍රශ්නය
    උපසම්පදා සිලයේදි පෝලිම් කඩන්න බැ . තව කැති පොලු අරගෙන පාරෙ යන්න බැ. තව අපිරිසිදු කරන්න බැ. හාමුදුරුවන්ගෙ පෝලිමේ පේලියට යන්න ඔනේ. නමුත් ලංකාවේ ගිහි විනය තුල මේවා නැ. නමුත් මෙය හැදෙන්න සැහෙන ගුණ ධර්ම ඔනේ නමුත් සමහර දේවල් සංසාර පුරුදු වෙන්න පුලුවන් . නමුත් ගුණ නැණ කියන්නෙ දෙකක්. නමුත් අවම ගුණය නෙවෙයි හැදියාව කියන පන්සිල් වත් තියෙන්න ඔනේ. සිරිපාදේ බිබි යන්නෙ අන්ත පව් කාරයෝ

  2. kamal says:

    උපසම්පදා සිලය හා අප දන්නා ගුණය හා ඔස්ට්‍රෙලියාවේ එංගලන්තයේ ගුණය දාහතරවන ප්‍රශ්නය
    උපසම්පදා සිලයේදි පෝලිම් කඩන්න බැ . තව කැති පොලු අරගෙන පාරෙ යන්න බැ. තව අපිරිසිදු කරන්න බැ. හාමුදුරුවන්ගෙ පෝලිමේ පේලියට යන්න ඔනේ. නමුත් ලංකාවේ ගිහි විනය තුල මේවා නැ. නමුත් මෙය හැදෙන්න සැහෙන ගුණ ධර්ම ඔනේ නමුත් සමහර දේවල් සංසාර පුරුදු වෙන්න පුලුවන් . නමුත් ගුණ නැණ කියන්නෙ දෙකක්. නමුත් අවම ගුණය නෙවෙයි හැදියාව කියන පන්සිල් වත් තියෙන්න ඔනේ. සිරිපාදේ බිබි යන්නෙ අන්ත පව් කාරයෝ. ගුණය හා හැදියාව කියන්නෙ දෙකක් අවම හැදියාව තියෙන්නෙ ඔස්ට්‍රෙලියාවේද ලංකාවේද නෙවෙයි. එලවලු කත එක හැදියාවක් ගුණයක් නෙවෙයි. පෝලිමට යන එක ගුණයක් නෙවෙයි හැදියාවක.පිරිසිදුවට හා අපිරිසිදු නොකර ඉන්න එක හැදියාවක් ගුණයක් නෙවෙයි.බොන්නෙ නැති එක ගුණයක් නෙවෙයි හැදියාවක්. නමුත් ගුණයක් වෙන්නෙ මත් නොවි සිටිම. නැණ ගුණ දෙකෙන්ම ලංකාව තමයි ලොකේ පළමු ස්ථානය අකුසල් කරන නමුත් හැදියාව අතින් පළමු ස්ථානයේ ඉන්නෙ එංගලන්තය දෙවනියට ඔස්ට්‍රෙලියාව තුන්වෙනියට ඇමරිකාව. මිට කිරිබත්ගොඩ ඥණානන්ද මහ රහත් හිමි හා කමල්

  3. MD says:

    Demapiyan,Swamiyan,Baryawan,dudaruwan,sahodara sahodariyan nati Awajatathakayo Tamai Narakwu wasavisa yodapu kama beema denne.eyalata apaya dora aralama tiyenawa.

  4. DAMMIKA says:

    AS A BUDDISHT MAN I AM REQUESTING FROM POLICE AND OTHER AUTHORITIES TO TAKE HIGHELY ACTION FOR PERSONS WHO ARE USEING A DRUGS DURING THIS SEASON , AND ALSO PLEASE CHECK THE HOTELS WHO ARE PROVIDEING A FOOD TO PEOPLE , VERY EXEPENSIVE AND POOR QUALITY FOOD AND DRINKS ,

  5. ruwan says:

    නීතිය අකුරටම කල යුතුයි.

Main News