මත්ද‍්‍රව්‍ය ලංකාවට එන්නේ අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණයක් නිසා..

January 24, 2019 at 6:30 am | lanka C news
මත්ද‍්‍රව්‍ය ලංකාවට එන්නේ අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණයක් නිසා..

අද අපිට අපේ රටේ තිබෙන ප්‍රධානම අභියෝගය තමයි අපේ පරම්පරාව, අපේ ළමා පරපුර, අපේ ජාතිය මත් ද්‍රව්‍ය උවදුරින් මුදවා ගන්න එක. ලෝකයේ රටවල් විනාශ කිරීම සඳහා කාලයෙන් කාලයට විවිධ බලවේග ආවා.සමහර රටවල ආගම්වාදය ඉදිරියට ඇවිල්ල ඒ රටවල් කැඩිල බිඳිල සමාජය සුනු විසුනු වෙලා තියනව. තවත් සමහර රටවල් වල භාෂාව වර්ගවාදය ඉස්සරහට ඇවිල්ල ඒක ත්‍රස්තවාදය දක්වා ගමන් කරල ඒ රටවල් විනාශ වෙලා සමාජය සුනු විසුනු වෙලා තියනව.වර්ථමානයේ අපට වර්ගවාදය වගේම ඊටත් වඩා භයානක විධියට අද දකින්නට ලැබෙන්නේ මත් උවදුර කියන එක මේකත් ත්‍රස්තවාදයක්.

මත් ද්‍රව්‍ය නිවාරණය දරුවන්ගෙන් ඉගෙන ගනිමු තේමාව යටතේ මත් උවදුර පිටු දැකීමේ සතිය ප්‍රකාශයට පත් කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව වයඹ පළාත් උත්සවයට සහභාගී වෙමින් වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා මේ අදහස් ප්‍රකාශ කළේය.කුරුණෑගල නගරයේ ප්‍රධාන පාසල් 11 ක දරුවන් පන්දහසකගේ පමණ සහභාගිත්වයෙන් වයඹ පළාත් සභාව සංවිධානය කර තිබූ මෙම උත්සවය වෙලගෙදර ක්‍රීඩාංගනයේ දී පැවතින.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ ත්‍රස්තවාදය මෙහෙයවන සංවිධාන තියනව පෞද්ගලිකව තමන්ට ආර්ථික වශයෙන් ලාභ ලබන. මේ මත් ද්‍රව්‍ය ගෙනෙන අය මත් ද්‍රව්‍ය මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන්. මේ දරුවන් ඉතාම හොඳට මතක තියාගන්න ඕනේ මත් ද්‍රව්‍ය නිශ්පාදකයින් මේ කිසිම කෙනෙක් මත් ද්‍රව්‍ය භාවිතා කරන්නේ නෑ. මේ අයගේ දරුවන් මත් ද්‍රව්‍ය භාවිතා කරන්නේ නෑ. ඒ නිසා අපේ රට දූපතක්. අපේ රට දිවයිනක්. වටේම මුහුද තියෙන්නේ. ඒ නිසා ඕනෑම කෙනෙකුට ඇතුල්වීමේ සම්භාවිතාව වැඩිපුර තිබෙනව. ඒ නිසා අපේ අතිගරු ජනාධිපතිතුමා රාජ්‍ය නායකයා හැටියට ජාතියට වැළඳීමට යන මේ මහා විනාශයෙන් ජාතිය බේරා ගැනීම සඳහා අද විශාල ව්‍යාපාරයක් ආරම්භ කරල තිබෙනව.

එදා සුද්දා අපට දුන්නේ මත් වතුර. මත් වතුර දීල සුද්ද එදා අපිව අධිරාජ්‍යවාදයට අවනත කරගන්න හැදුව. අද තිබෙන අන්තර්ජාතික අධිරාජ්‍යවාදය අපට නොපෙනෙන නව අධිරාජ්‍යවාදීන් විවිධ ජාවාරම්කරුවන් මේ රටවල් මත් ද්‍රව්‍යයට අපේ දරුවන් ඇබ්බැහි කරල ඒ ජාතිය විනාශ කරල ජාතියේ තිබෙන සම්පත් උකහා ගැනීම සඳහා අද විශාල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වීගෙන යනව.ඒ නිසා මේ දරුවන් කල්පනා කරන්න ඕනෙ විශේෂයෙන්ම තමන්ගේ දෙමව්පියන් ඉතාමත්ම දුක් මහන්සි වෙලා කඳුළු වපුරුවල මහපොලවත් එක්ක පොර බදල කන්තෝරුවෙ මහන්සි වෙලා ඉතාම අමාරුවෙන් ආදායම් උපයාගෙන ඔබ වෙනුවෙන් ඒ මුදල් වැය කරන්නෙ ඔබව ලොකු මහත් කරල රටට යහපත් මනුෂ්‍යයෙක් හැටියට නිර්මාණය කිරීම සඳහා. ඒ නිසා ඔබේ දෙමාපියන් ඔබේ අම්ම, ඔබේ තාත්තා ඔබ උදේ පාසල් එනවිට ඔළුව අතගාල කියන්නේ මගේ පුතේ උඹට තෙරුවන් සරණයි, දෙවියන්ගෙ පිහිටයි, බුදුන්ගෙ සරණයි උඹ ලොකු මහත්තයෙක් වෙන්න ඕනෙ, උඹ ලොකු නෝන කෙනෙක් වෙන්න ඕනෙ ඔබ මේ රටට සේවය කරන යහපත් මනුෂ්‍යයෙක් වෙන්න ඕනෙ කියලයි.

ඒ නිසා මේ දරුවන්ගෙන් මම ඉල්ලා සිටින්නේ විශේෂයෙන්ම ඔබේ දෙමාපියන්ගේ ඒ බලාපොරොත්තුව ඒ අහිංසක ප්‍රාර්ථනාව ඉටු කිරීම සඳහා ඔබ මේ මත් ද්‍රව්‍ය භාවිතයට යොමු වීමෙන් වැළකෙන්න ඕනෙ කියන එක.ඒ වගේම ඒ පිළිබඳව තොරතුරු දන්නවනම් ඒව අනාවරණය කරන්න ඕනෙ.ඒව ගුරුවරුන්ට කියන්න ඕනෙ. ඒව දෙමව්පියන්ට කියන්න ඕනෙ.ඒව වෙනත් දන්න වැඩිහිටියෙක් ඉන්නවනම් එයාට කියන්න ඕනෙ කියල . මේ සඳහා ඔබ දායක වීම අවශ්‍යයයි දරුවනේ.

ඒ නිසා අපේ අනාගතයේ ජීවනාලිය වෙන්නේ ඔබ. අපි සියළු දේවල් කරන්නේ ඔබ වෙනුවෙන්. රාජ්‍ය නායකයා විධියට අතිගරු ජනාධිපතිතුමා ඒ වගේම අග්‍රාමාත්‍යතුමා, ඒ වගේම අමාත්‍ය මණ්ඩලය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ සියළු දෙනාගේ ප්‍රාර්ථනාව ඉතා යහපත් රටක් නිර්මාණය කරන්න. ඒ යහපත් රට ඔබ වෙනුවෙන් අපේ මේ බාල පරම්පරාව වෙනුවෙන් අපේ අනාගත පරපුර වෙනුවෙන් මේ ජාතිය වෙනුවෙන්.

ඒ නිසා ඔබ සියළු දෙනාම අද දවසේ අධිෂ්ඨාන කරගන්න ඕනේ මත් ද්‍රව්‍ය මහා ත්‍රස්තවාදයෙන් මේ රට මුදවා ගැනීම සඳහා සියළු දෙනාම එකාවන්ව දිවිහිමියෙන් කැප වෙනවා කියන එක. ඒ සඳහා අධිෂ්ඨානයක් දෙන්න. ඒ සඳහා ආරම්භයක් දෙන්න. ඒ සඳහා චිත්ත ධෛර්යය ඇති කරගන්න. ඒ සඳහා ඔබ සියළු දෙනාම කැපවීම සඳහා තමයි අද මේ මත් ද්‍රව්‍ය නිවාරණ පාසල් සතියේ සමාරම්භක වයඹ පළාත් උත්සවය මේ විධියට ආරම්භ කිරීමට අපි අදහස් කලේ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ඇතුළු පළාත් ප්‍රාදේශීය නියෝජිතයින්, වයඹ පළාත් ප්‍රධාන ලේකම් පී.බී.එම් සිරිසේන මහතා ඇතුළු පළාත් රාජ්‍ය නිළධාරීන් දිස්ත්‍රික් ලේකම් ගාමිණී ඉලංගරත්න මහතා ඇතුළු රාජ්‍ය නිළධාරීන්, නියෝජ්‍ය පොලිස්පතිතුමා ප්‍රමුඛ පොලිස් නිළධාරීන් විදුහල්පතිවරුන්, ගුරුභවතුන් විශාල පිරිසක් එක්ව සිටියහ.

– ආනන්ද සමරසිංහ

6,469 Viewers

One Comment to “මත්ද‍්‍රව්‍ය ලංකාවට එන්නේ අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණයක් නිසා..”

  1. Ariyathilaka says:

    රටේ විශේෂයෙන් සිංහල ජාතිය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් මුස්ලිම් ජාතිකයන් තුල ඇ‍ත. අන්තර්ජාතික මත්ද්‍රව්‍ය වෙළෙඳාම දෙයාකාරයකින් ක්‍රියාත්මකය. 1.බටහිර රටවල(ජාවාරම් කරුවන් ) මූලිකත්වයෙන් 2. මුස්ලිම් ආගමිකයන් (රට වල) මූලිකත්වයෙන් . මෙයින් බටහිර රටවල මත්ද්‍රව්‍ය වෙළෙඳාම හුදු ලාභයම අරමුණු කරයි. ඔවුන්ට රටවල් ඇල්ලීමේ හෝ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් නැත. මුස්ලිම් ආගමිකයන් මූලිකත්වයෙන් කරන මත්ද්‍රව්‍ය වෙළෙඳාම මුස්ලිම් නොවන රාජ්‍ය හා ඒ රට වල ජනතාව විනාශ කිරීමේ බලවත් කුමන්ත්‍රණයක් ඇත. ඒ තුලින් මුස්ලිම් ව්‍යප්තවාදය අල්-කුර්ආනය අනුව දියත් කිරීමේ අති භයානක කෲර සැලසුමක් බව කිව යුතුය. අල්-කුර්ආනයේ 2 වන පරිච්ඡේදයේ අල් බකරා 219 වගන්තිය :- (නබියේ!) සුරාව ගැනද සූදුව ගැනද ඔවුන් ඔබගෙන් විමසන්නාහ.එයට ඔබ මෙසේ පවසනු; “මේ දෙකෙහිම වශාල පාපයක් ඇත්තේ ය. මිනිසුන්ට (සමහර) ප්‍රයෝජන ද ඇත්තේය…….. ඔව්! ඔවුන්ට ප්‍රයෝජන ඇත.මුස්ලිම් නොවන ජනතාව විනාශ මුඛයට හෙලා එකී රාජ්‍ය ඔවුන්ගේ දහමට නතු කරගැනීමට; අල්-කුර්ආනය අල්-බකරා 193 හි.තවද (ඉස්ලාමයට විරුද්ධව කටයුතු කරන) ආරවුල (සම්පූර්ණයෙන්ම) පහ වී ධර්මය අල්ලාහ්ට අයත් යැයි ස්ථීර වන තුරු ඔවුන්ට විරුද්ධව යුද්ධ කරනු…

Main News