මත්ද‍්‍රව්‍ය විශාල තොගයක් උතුරෙන් අල්ලයි.. TNA ප‍්‍රබලයා පොලිසියට තිත්ත කුණුහරුපෙන් බැණ සැකකරු මුදාගෙන යයි.. පොලිසිය අසරණ වේ…

January 7, 2019 at 9:20 am | lanka C news
මත්ද‍්‍රව්‍ය විශාල තොගයක් උතුරෙන් අල්ලයි.. TNA ප‍්‍රබලයා පොලිසියට තිත්ත කුණුහරුපෙන් බැණ සැකකරු මුදාගෙන යයි.. පොලිසිය අසරණ වේ…

ඉන්දියාවෙන් ගෙන්වන ලද කේරළ ගංජා විශාල තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් පසු දෙමළ ජාතික සන්ධානයේ ඉහළ පෙළේ ප්‍රබල දේශපාලඥයෙකුගේ බලපෑම මත නිදහස් කර යැවීමට පොලීසිය කටයුතු කර ඇත.

මෙම කේරල ගංජා මුහුදු මාර්ග ඔස්සේ ලංකාවට ගෙන ඇති අතර ඉන්පසු ගබඩාකර තිබූ ස්ථානයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසියේ විශේෂ ඒකකයක් විසින් වැටලීම සිදුකරන අවස්ථාවේ දී ජාවාරම්කරුවන් සහ පොලිසිය අතර ගැටුමක් ද සිදු වී තිබේ.

අවසානයේ පොලිස් අත්අඩංගුවට ගත් මෙම ජාවාරම්කරු නිදහස් කරන ලෙස දෙමළ ජාතික සන්ධානයේ ඉහළ පෙලේ දේශපාලඥයෙකු දුරකථන ඇමතුමක් දෙමින් ඉහළ පොලිස් නිලධාරියාට ඉතා තදින් බැණ වැදී ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිස් නිලධාරීන් විසින් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා දැනුවත් කර ඇති අතර ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානයට මෙම තත්ත්වය යොමු කිරීමට ද නියමිතය.

22,550 Viewers

9 Comments to “මත්ද‍්‍රව්‍ය විශාල තොගයක් උතුරෙන් අල්ලයි.. TNA ප‍්‍රබලයා පොලිසියට තිත්ත කුණුහරුපෙන් බැණ සැකකරු මුදාගෙන යයි.. පොලිසිය අසරණ වේ…”

  1. sakalabujan says:

    Y Police this much fear to Politicians ???

    • පොලිස්පති says:

      රාජිත මහත්තයෝ…..
      ද්‍රවිඩයන් උතුරට ගංජා බානවා…
      මුස්ලිම්ල බේරුවලට මත්කුඩු බානවා…
      මේවා බෙහෙතටද?????

  2. සුපුන් says:

    ජනාධිපති තුමා කොන්ද කෙලින් තියන් මේවට නිසි පියවර ගන්න. අපි බලන් ඉන්නෙ .දැන් පොලිසිය ඔබ අතේනෙ තියෙන්නෙ. අරක කලේ නෑ මේක කලේ නෑ ගගා දැන් අනුන් පිට වරද පටවන්න ඔබට බෑ. කෙලින් ඉඳන් වැඩ කරලා පෙන්නන්න.

  3. Ariyathilaka says:

    වරදට අදාළ භාණ්ඩ සමග (මත්ද්‍රව්‍ය ) අසු වූ සැකකරු මුදාහළේනම් එය සමස්ථ පොලිසියට නින්දාවක්. සැකකරු මුදාහැරීමෙන් පසු පොලිස්පතිවරයා දැනුවත් කිරීමද කළ යුත්තේ?. මන්ත්‍රී බලතල අමාත්‍ය බලතල පාවිච්චි කරමින් රටේ නීතිය අවභාවිතා කිරිම නින්දිත ය. නීතිය හා සාමය අමාත්‍ය ධූරය ජනාධිපති තුමා යටතේ පවතී. ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ,ඇතුළු රටේ වගකිවයුතු සියලු දෙනා මේ පිළිබඳව වගවිය යුතුය .ඒ වගකීමෙන් කිසිවෙකුටත් බැහැර විය නොහැක. ඒකීය රටක පාර්ලිමේන්තු බලතල හා පලාත් සභා බලතල යටතේ මෙසේ නම් ඉඩම් පොලිස් බලතල සහිත දේශපාලන බලය (පෙඩරල් හෝ අර්ධ සංධීය ) උතුරට ලබා දෙන ලෙස කරන ඉල්ලීම පිළිබඳව උතුරේ අනාගත දේශපාලන හැඩ තලය මේ මගින් සිතා ගත හැකිය.

    • sky says:

      ගරු පොලිස්පති පූජිත වහාම මේ TNA දේශපාලකයා අත්අඩංගුවට ගෙන නීතිය හරියට ක්‍රියා කරනු එසේ නොහැකි නම් පොලිස්පති වහාම ඉල්ලා අස්වනු ..ජාතිවාදී ත්‍රස්තවාදී TNA දේශපාලකයන් ට දඩුවම් දීමට නොහැකි කොටින්ගේ රූකඩයක් අපේ රටේ ආරක්ෂක අමාත්‍යාංශයට අවශ්‍ය නැත
      ”කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්ගේ
      උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
      හිස් මොළ තිබෙද්දිත් ඒ වග නොතකන්නේ
      ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහළුන්නේ”
      ඇතොත් රටට ආදරයක්‌ සිතින් සිපා
      අතත් පයත් ඔළුවත් වෙන වෙනම කපා
      කතත් කමත් නැහැ බියසුලුගතිය පපා
      අයුක්‌ තියට අත් දෙක ඔසවන්න එපා”

  4. නෙවිල් says:

    සිංහලයට පමණක් ඇති පොලීසිය …විලිලැජ්ජාවේ බෑ ..ඔය යුනිෆෝම් එක ගලවල හේන් කොටපල්ලා ඒක නම්බු කාරයි

  5. Niwataya says:

    Ha! Ha! Monawath kiyanna epa, sanhindiyawata saha sahajeewanayata balapaamak sidu wanna puluwan.
    Anith eka americawen saha europayen pareekshanayak pawathwala policiyata viruddawa nadu daannath puluwan!

  6. david milibanda says:

    Why did police give in ?
    Interdict the policeman who ordered the release of the suspect immediately.

  7. satan says:

    okkoma uthuren tamai genne….

Main News