මත්පැත් හල් විවෘත කිරීමත් සමගින් කසිප්පු නිෂ්පාදනය අඩුවේ.. අන්නසි, යීස්ට් ඉල්ලුම බින්දුවට බහී..

May 19, 2020 at 5:30 pm | lanka C news
මත්පැත් හල් විවෘත කිරීමත් සමගින් කසිප්පු නිෂ්පාදනය අඩුවේ.. අන්නසි, යීස්ට් ඉල්ලුම බින්දුවට බහී..

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග පනවා තිබු ඇදිරි නිතිය තාවකාලිකව ලිහිල් කිරිමෙන් අනතුරුව හැටන් ප්‍රදේශයේ විශාල පිරිසක් පදික වේදිකාවේ විවිධ ව්‍යාපාර කටයුතු වල නිරත විය.

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමට පෙර විවිධ රැකියාල නිරතව සිටි එම පිරිස පවත්වා වෛසරය පැතිර යාමේ අවධානම සමග ඔහුන්ගේ රැකියා තාවකාලිකව අහිමි විමත් සමග තම ජිවන උපාය සිදු කරගෙන යාමට විවිධ ව්‍යාපාර කටයුතු වල නිරත විය.

කොළඹ ප්‍රදේශයේ රැකියා වල නිරතව සිටි වතුකරයේ තරුණයන් පිරිසක් පදික වෙලදාමේ එලවළු සහ පලතුරු වෙලදාම් සිදු කල අතර , මුල්‍යය ආයතන වෙතින් වාහන ලිසං ක්‍රමයට ලබාගෙන ඇති විශාල පිරිසක්ද තම වාහනයේ  මාසික වාරිකව ගෙවිම සදහා ද විවිධ ව්‍යාපාර කටයුතු වල නිරතව සිටියි.

කොවිඩ් 19 වෛසරය වෛරසය පැතිර යාමේ අවධානමත් සමග මාස දෙකකට ආසන්න කාලයක් සුරාසැල් වසා දැමිමට රජය විසින් තිරණය කිරිමත් සමග හැටන් නගරයේ අන්නාසි වෙලදාම සාර්ථකව සිදු කරගෙන ගිය පිරිසක් සිටිහ.

දිනකට එක් වෙලෙන්දෙක් අන්නාසි කිලෝ 500-800 අතර ප්‍රමාණයක් අලෙවි කර අතර එමගින් ඔහුන් දිනකට විශාල ආදායමක් උපයා ගත් බවයි හැටන් නගරයේ අලුතින් අන්නාසි වෙලදාමේ නිරතව සිටින ව්‍යාපාරිකයන් පවසන්නේ.

හැටන් ප්‍රදේශයේ විශාල පිරිසක් සහ වතු ආශ්‍රිත වතු කම්කරුවන් විශාල පිරිසක් නිති විරෝධි ලෙස මත්පැන් පෙරිම සදහා අන්නාසි විශාල වශයෙන් මිල දි ගත් බවත්, මත්පැන් අලෙවිසැල් විවෘත කිරිමත් සමග දිනකට අන්නාසි කිලෝ පහක් වත් අලෙවි කර ගැනිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවයි හැටන් නගරයේ අන්නාසි වෙලදාමේ නිරතව සිටින පිරිස කියා සිටින්නේ.

යලිත් මත්පැන් අලෙවිසැල් වසා දැමව හොත් තම අන්නාසි වෙලදාම සාර්ථකව සිදු කරගෙන යාමට හැකි බවද එම ව්‍යාපාරිකයන් පැවසිය.

මේ අතර අන්නාසි වලට තිබු ඉල්ලුම මෙන්ම පාන් නිෂ්පාදනය කිරිම සදහා උපයෝගි කර ගන්නා ඊස්ට් සදහා විශාල ඉල්ලුමක් පැවතියත් මත්පැන් අලෙවිසැල් විවෘත කිරිමෙන් පසු ඊස්ට් සදහා එවැනි ඉල්ලුමක් නොමැති බවයි ඊස්ට් තොග වශයෙන් වෙලදාමේ නිරතව සිටි හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කියා සිටින්නේ.

– හැටන් රංජිත් රාජපක්ෂ                       

45 views

6 Comments to “මත්පැත් හල් විවෘත කිරීමත් සමගින් කසිප්පු නිෂ්පාදනය අඩුවේ.. අන්නසි, යීස්ට් ඉල්ලුම බින්දුවට බහී..”

  1. සියරට දේ සිරිසැප දේ…..! කියලා
    ආණ්ඩුව මෙව්වා පොඩ්ඩක් promote කරන්න බැලුවොත් නරකද මං අහන්නෙ.

    කාගෙ කාගේත් සල්ලි ඉතුරු වෙන වැඩක් නෙ.

  2. Darshana abayakoon says:

    රෙස්පෙක්ට් ස, නියම වෙලාවෙ ගත්ත නිවරදි තීරනයක්..

  3. Chinthana says:

    Now we can eat more pineapple …. Now we can make real fresh juice drinks .

  4. කුකුල් says:

    කොරොනා හෙදුනොත් බෙහෙත් දෙන්නේ අන්නසි වෙලෙන්දද

  5. MJ says:

    Income for honourable ministers

  6. දියරකුස් says:

    කොරෝනා හැදෙන්නෙ බාර් පෝලිමෙන් විතරද..?කී දෙනෙකුට දැන් හැදුනද..?බොන් නැති එවුන් ලමයින්ට ගෑනිටවත් කන්ඩ අදින්ඩ අරන් දෙන්නෙ නැති නීල කුනු ලෝබ හැත්ත.ලෝකෙට පෙන්නන්ඩ හදනවා හොද මිනිස්සු කියලා.

Main News