මත්පැන්හල් විවෘත කිරීමෙන් දැඩි කොරෝනා අවධානමක්…

September 21, 2021 at 2:20 am | lanka C news
මත්පැන්හල් විවෘත කිරීමෙන් දැඩි කොරෝනා අවධානමක්…

නිරෝධායන ඇදිරිනීතිය පනවා ඇති අවස්ථාවක උතුරු පලාතේ පවතින කොරෝණා අවධානමත් සමග මත්පැන්හල් විවෘතව කිරීමෙන් තවත් කොරෝණා පොකුරක අවධානමක් ඇති ළුූ බවට උතුරේ සොඛ්‍ය නිලධාරීන් පවසා සිටිති.

යාපනය, වව්නියාව, මන්නාරම, මුලතිව් සහ කිලිනොච්චි නගරවල පිහිටි මත්පැන්හල් එකවරම විවෘත කිරීම නිසාත් අදාල මත්පැන්හල් සුලු වේලාවක් පමණක් විවෘතව තැබෙන බවට පැතිර තිබූ රාවයක් නිසාවෙන් කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත පියවරක් අනුගමනය නොකරමින් උතුරේ මත්පැන් ලෝලීන් දිගු පෝලිම් ගැසී සිටියහ.

මේ අතුර වවනියාව දිස්ත්‍රීක්කයේ පිහිටි මත්පැන් හල් 4 ක හිමිකරුවන් විසින් නිසි සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය නොකිරීම හේතුවෙන් එම මත්පැන් හල් 04 මුද්‍ර තැබීමට සෞඛ්‍ය නිලධාරීන් පියවර ගැනීමත් සමග වව්නියාවේ ඉතිරිව තිබූ විවෘතව තැබුනු මත්පැන්හල් වෙතට විශාල ප්‍රමාණයක් පෙලගැසීමත් සමග දැඩි නොසන්සුන් තත්වයක් ඇති විය.

තත්වයන් පාලනය කිරීමට පොලීසියද පැමිණි අතර එහිදී සෞඛ්‍යාරක්ෂිත පියවරයන් අනුගමනය නොකොට නිරෝධායන නීථි කඩකරන ලද පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටද පොලීසිය පියවර ගනු ලැබීය.

එමෙන්ම උතුරු පලාතේ පවතින වත්මන් වාතාවරනයත් සමග තවත් මත්පැන් කොරෝණා පොකුරක් ඇතිවී කොරෝණා ආසාදනය වැඩිවීමේ අවධානමක්ද පවතින බවට උතුරේ සෞඛ්‍ය නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

8,785 views

6 Comments to “මත්පැන්හල් විවෘත කිරීමෙන් දැඩි කොරෝනා අවධානමක්…”

  1. එන්නතා says:

    ඇයි…එන්නත්කරණයෙන් අංක 01 නේද?

    • Ranil says:

      Why only think about tavern cluster? What about Guru Pokura and trade union/ Muruththettuwe clusters?

      Is GURU POKURA and Muruththettuwe POKURA less harmful?

  2. John sri says:

    කෝ මේ සිල්වා ? අන්න ස්ටාලින් අරක්කු පෝලිමේ .

  3. Silva says:

    සුලුතරයක් මිනිස්සුන්ගේ නොමනා හැසිරුම නිසා රටේ බහුතරයක් දුක් විදීමට අවශ්ය නෑත. හැසිරෙන්න දන්නේ පැති එවුන් මැරිලා ගියාවේ
    . එතකොට ලේසියි.

  4. Norata Eka says:

    ඒ කියන්නෙ, මිනිස්සු ගෙවල් වලින් එලියට බහින්නෙ නැතුව ඉදල, අත් පන යනකම් හෝදල, මාස්ක් දාලා, පුලුවන් තරම් ඉගුරු කොත්තමල්ලි බීලා, කොරෝනා පාලනය කරගෙන, එන්නතට credit එක දෙන්න ඕනෙ කියන එකද???

  5. baමුනා says:

    බාර් අයිති කැබිනට් ඇමතිල ලබෙ ගැන විතරයි හිතන්නේ.. කඩ වහලා.. බාර් ඇරල​… අනේ රට

Main News