මත්පැන් පානය කරමින් කාර් රථයකින් යමින් සිටි දෙදෙනෙකු හදිසි අසනීපයකින් මරුට…

June 2, 2022 at 8:02 am | lanka C news

මන්නාරම උයිලන්කුලම් ප්‍රදේශයේදී කාර් රථයක ගමන්කරමින් සිටි දෙදෙනෙකුට ඇති වූ හදීසි අසනීප තත්වයක් හේතුවෙන් එම දෙදෙනාම (31) මිය ගොස් ඇතැයි මන්නාරම පොලීසිය පවසයි.

මන්නාරම සිට මීගමුව දක්වා අදාල කාර් රථයේ සිව් දෙනෙකු ගමන් කොට ඇත්තේ මිතුරෙකුගේ සාදයකට බවටත් කාර් රථයේ ගමන්කරමින් සිටියදී මත්පැන් පානය කරමින් සිට ඇති බවටද උයිලන්කුලම් ප්‍රදේශයේ කාර් රථය ධාවනය වෙමින් තිබූ අවස්ථාවේදී දෙදෙනෙකුට ඇති වූ හදීසි අසනීප තත්වයක් හේතුවෙන් මන්නාරම් රෝහලට ඇතුලත් කලද ඒ වන විටත් එම දෙදෙනාම මිය ගොස් සිටි බවට අනාවරනය වී ඇතැයි පොලීසිය පැවසීය.

පසුව මන්නාරම් රෝහලේදී සිදුකරන ලද පශ්චාත් මරණ පරික්ෂණයේදීද අධික ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය පානය කිරීම හේතුවෙන් ඇති වූ ආසාත්මික තාවයකදී හුස්ම ගැනීමට නොහැකිව මෙම මරණ සිදුවී ඇතැයිද අනාවරනය වී ඇත.

මෙහෙදී මිය ගොස් ඇත්තේ මන්නාරම පේසාලෙයි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි එම්.ප්‍රදීප් සහ තලෙයිමන්නාරම් ප්‍රදේශයේ පදිංචි එම්.මසූර් නැමති අය බවට හඳුනාගෙන ඇත.

මිය ගිය අයගේ මළසිරුරු පශ්චාත් මරණ පරික්ෂණයෙන් අනතුරුව ඥාතීන්ට භාරගෙන ඇති බවටත් කාර් රථයේ සිටි අනෙක් මිතුරන් දෙදෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බවටද පරික්ෂණ සිදුකරන මන්නාරම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

35,723 views

2 Comments to “මත්පැන් පානය කරමින් කාර් රථයකින් යමින් සිටි දෙදෙනෙකු හදිසි අසනීපයකින් මරුට…”

  1. GU-VP SAKKILI API says:

    aiyyo janthawa nikan marenawa, hiyooooooooooooooooo
    mekat mAHA ARAGALAYAK KARALA RATA RATA GAL KAPANAWA

  2. Manodaya says:

    කියන්න අහන්න දෙයක් ද? මත්පැන් යනු මිනිසාගේ මොළය මෙන්ම හදවත විනාශ කරන විශකාරක දෙයක්. ඒ නිසයි සුරාමේරය මජ්ජපමා දට්ඨානා… යැයි ආරක්ෂා වෙන්න කියන්නේ. ලෝකයේ රටවල් වලට ජන ගහනය පාලනය කරගත නොහැකි නිසා මේ මෝඩයන්ට බොන්න දීල විනාශ කරනව. එවිට පාලනය කර ගන්න පහසුයි.

Main News