මත්පැන් බලපත් හොරට දුන්නෙ නෑ.. ක‍්‍රියාවලිය විධිමත් කලා.. මාගල්කන්දේ භික්‍ෂුවට, සුරාබදු කොමසාරිස්ට නඩු දානවා..- මංගල

February 2, 2020 at 3:50 pm | lanka C news
මත්පැන් බලපත් හොරට දුන්නෙ නෑ.. ක‍්‍රියාවලිය විධිමත් කලා.. මාගල්කන්දේ භික්‍ෂුවට, සුරාබදු කොමසාරිස්ට නඩු දානවා..- මංගල

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මංගල සමරවීර මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

සුරාබදු බලපත් හරහා අල්ලස් ගැනීමේ චෝදනාව

මෙම චෝදනාව මම මුදල් අමාත්‍යාංශය භාරගත් පසු සුරාබදු දෙපාර්තමේන්තුව හරහා සිදුකරන කටයුතු සම්බන්ධයෙන් ගන්නා ලද තීන්දු තීරණ තුළින් අයුතු ලාභ හෝ අනීතික අවස්ථා නොලද පිරිසක් විසින් ප්‍රචාරය කරනු ලබන සහමුලින්ම අයුක්ති සහගත අභූත චෝදනාවක් බවත් එකී චෝදනාව එකහෙළා ප්‍රතික්ෂේප කරන බවත් ඊට එරෙහිව ගතයුතු නීත්‍යානුකූල පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බවත් දැනුම් දෙමි.

සුරාබදු දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මේ රටේ පොදු මහජනයාගේ මතය වී ඇත්තේ, එය ලංකාවේ අන්ත දූෂිතම රාජ්‍ය ආයතනයක් බවයි. ඒ සුරාබදු දෙපාර්තමේන්තුවේ සේවය කරන ඇතැම් නිලධාරීන්ගේ සහ ඉන් පිටත වූ තැරැව්කරුවන්ගේ මැදිහත් වීම හමුවේ සිදුවූ අකටයුතුකම් හේතුවෙනි. අල්ලස් ගැනීම්, කප්පම් ගැනීම් සහ අතයට ගනුදෙනු හරහා මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම් වැනි කටයුතු එහි දිගින් දිගටම සිදුවෙමින් තිබුණි.

එසේම සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරය සඳහා රජයේ පරිපාලන නිලධරයකු පත්කළයුතු යැයි රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ අදහස විය. ඒ අනුව අමාත්‍යාංශය භාරගත් පසු මා විසින් සුරාබදු කොමසාරිස් ධූරය සඳහා පළමුව රජයේ පරිපාලන ක්ෂේත්‍රයේ පිළිගත් පරිපාලන නිලධරිනියක වූ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරිය සහ ඇය විශ්‍රාම යාමෙන් පසු පසු මුදල් අමාත්‍යාංශයේ සේවය කළ ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධරීන් දෙදෙනකු පත්කරන ලදී.

එපමණක් නොව අක්‍රමවත් හා අවිධිමත් ආකාරයට අතරමැදියන්ගේද තැරුව්කරුවන්ගේ ද මැදිහත් වීම් තුළ සිදුකරනු ලැබූ මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය වෙනස් කොට ඒ සඳහා සරල හා නිවැරදි මෙන්ම විනිවිධ පෙනෙන ආකාරයෙන් මේ කටයුතු සිදුකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලදී.

ඒ යටතේ සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලැබූ ආපනශාලා සහ සුපිරි වෙළඳසැල් සඳහා බලපත් නිකුත් කිරිමට අවශ්‍ය පියවර ගනු ලැබීය. විශේෂයෙන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජංගම සේවය යටතේ සංචාරක ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලැබූ ආපනශාලාවලට බලපත් නිකුත් කිරීම සිදුකරන ලදී.

මේ කිසිදු අවස්ථාවක අතරමැදියන් හෝ තැරුව්කරුවන් කිසිවකුට මේ කටයුතු සඳහා මැදිහත්වීමට අවස්ථාවක් නොවුණි. එසේම හොර මත්පැන් ජාවාරම්කරුවන්ට ද සිය ජාවාරම් කිරීමේ අවස්ථා අහිමි කරමින් මෙම ක්‍රියාදාමය සරලව, නිවැරදිව හා විනිවිධ පෙනන ආකාරයෙන් සිදුකෙරුණි.

මාගේ 31 වසරක දේශපාලන ජීවිතයේ කිසිදු අවස්ථාවක කිසියම් හෝ වංචාවකට, දූෂණයකට හෝ අල්ලස් ක්‍රියාවකට මා සම්බන්ධ වී නොමැති බවත් එවැනි චෝදනාවක් මෙතෙක් කලකට මා වෙත එල්ල වී ද නැත. එම නිසාම මෙම චෝදනාව මා වෙත එල්ල කිරීමට සම්බන්ධ වූ මාගල්කන්දේ භික්ෂුවට සහ වර්තමාන සුරාබදු කොමසාරිස්ට එරෙහිව නිත්‍යානුකූලව නඩු පැවරීමට බලාපොරොත්තු වෙමි.

ඒ අනුව මා දූෂිතයකු යැයි මයික් ඉදිරිපිට මාධ්‍ය සංදර්ශන පෙන්වන මේ සෑම අයකුටම උසාවිය ඉදිරියේ එම ප්‍රකාශ සනාථ කිරීමට අවශ්‍ය අවස්ථාව ලබා දෙන බව ද ඒ සඳහා සූදානමින් සිටින ලෙස ද දන්වා සිටිමි.

මංගල සමරවීර
පාර්ලිමේන්තු මන්ත්‍රි
මාතර දිස්ත්‍රික්කය

17,649 Viewers

11 Comments to “මත්පැන් බලපත් හොරට දුන්නෙ නෑ.. ක‍්‍රියාවලිය විධිමත් කලා.. මාගල්කන්දේ භික්‍ෂුවට, සුරාබදු කොමසාරිස්ට නඩු දානවා..- මංගල”

  1. Waruna says:

    රජයේ සේවයෙ චන්ද මින්පස්සෙ පොහොට්ටුවට නෑ.
    තැපැල් චන්දෙ අන්තපරාද වෙනව.
    රනුක්ගෙ වැටුප් කොමිශන් වැඩි වීම සහ 15000 මේ ආන්ඩුව කැපු නිසා නිලදාරින් අනික් පැත්තට මින්පස්සෙ

    • හර්ෂණ says:

      අනේද කියන්නේ පවුකාර නපුන්සකයා .උඹ හරි පිරිසිදු සතා .අපි නොදන්නා නපුන්සක තිරිසනා චන්ද්‍රිකාගේ කාලේ උඹ කරපු වැඩ අපිට අමතක නෑ කෝටි ගණන් මහජන මුදල් ලෝක වෙළද මද්යස්තානයේ තමුසෙගෙ කාර්යාලය සරසන්න වියදම් කළා විතරක් නෙවෙයි ප්‍රසිද්දයේ ඒ ගැන පාරම්බෑවා ,ගෙදර උඩ තට්ටුවකට එක මහලක් නගින්න රුපියල් මියලන ගානක් රජයේ මුදල් වියදම් කළා ,තමුන් යන තැන්වල තමුන්ගේ නපුන්සක කොල්ලන් ගෙනියන්න උන්ට තරුපහේ හෝටල් අරගෙන දෙන්න කෝටි ගණන් රජයේ මුදල් වියදම් කළා .විදේශ අමාත්යන්ශේ ඉන්න කාලේ කරපු නාස්ති ශෝබන වියදම් මෙතන ලියන්න ඉඩමදී .හිතන්න එපා පවුකාර නපුන්සකයා උබේ ඔය බොරු කියා මිනිස්සු අන්දන තියරිය හැමදාම හරියනවා කියල දැන් ඉතින් උඹට කාලේ හරි ඔය පවුකාර කාලකන්නි නපුන්සක ජීවිතෙන් මිදෙන්න

    • fass says:

      Malli back side OK da?

  2. Saradiel says:

    නමින් කපුරුහාමි, කට ගද ගමටම නෙමි රටටම හමයි!

  3. කිරිමෙල් says:

    Good move

  4. Kamal says:

    මාගල්කන්දේ සුදන්ත හිමියන් දෙසුවා නිවරදිය දුමින්ද මැතිතුමා මතු බුදුවන මෛත්‍රී බුදුන්ගේ බෝධිසත්ව ආත්මයක් බව දැන් හොඳින්ම පසක් වී හමාරය. නිශ්ශන්ක සේනාධිපති මැතිතුමා කියු කතාව නිසා මම ගොඩක් පැහැදුනා. තිරිසන් සතුන්ට එතරම් දයානුකම්පාවක් දැක්විය හැක්කේ බෝසතානන් වහන්සේ කෙනෙකුටම පමණි. සාදු සාදු සාදු

  5. මේ පාපී නපුංසකයා ඇනිබල් ආණ්ඩුවේ වරාය ඇමති කම දරද්දී කුඩා ක්රේන් එකක් දැමීමට පවා ලක්ෂ 5 ක අල්ලසක් ගෙන තිබෙන්නෙක් බවට
    වරාය සේවකයින් සාක්ෂියි.
    මේ පාපී නපුන්සකයට දිමිගොටු දමා චීනයට පිටුවහල් කරමු.

  6. kawinda says:

    anna mahaththayo niyama wede. oya vihin hari usaavi yana eka kavruth balaaporoththuwa ethokota thamai hemoma leda adinne.

  7. හරියට හරි. එහෙම කල යුතුයි. පච්ච කෙටූ සහ ආරක්ෂක අංශවල අය පැවිදි නොකල යුතුයි කියල විනය පිටකයේ තියෙන කරුණු උල්ලංඝනය කරල තමයි බේගල්කන්දේ දේවදත්ත පැවිදි කරල තියෙන්නෙ. පොලිසියෙ ඉඳලා පගා අරන් එලවපු කෝස්තාපල් කෙනෙක්නෙ. පැවිදි වෙලා බනක් භාවනාවක් නොකර අර කතෝලික කුඩු සිල්වව එලිය⁣ට ගන්න දඟලනවා. කුඩුකාරයා බෝසත් කෙනෙක් කියනකොට බෞද්ධයන්ට ඉවසගෙන හිටිය හැකිද? එයාට තරම් කුඩ්ඩව එලියට ගන්න කිසිම කතෝලික පියතුමෙකුටවත් අමාරුවක් නෑ.

  8. True news says:

    Pal horek katha karai

  9. හිටන්ගෙදර අප්පුහාමි says:

    අනේ හොදයිමංගල මහත්තයෝ, ඉක්මනට නඩුවක් දාන්නකෝ කරුණු හොයල බලල ඔය කතාව කියපු අයට දඩුවම් කරන්න කියලා. එතකොට ඇත්ත නැත්ත දැනගන්න පුළුවන් නේ.

Main News