මත්පැන් බෝතලවලට ඉන්දියානු Black List සමාගමකින් ස්ටිකර්.. ගිය ආණ්ඩුවේ ප‍්‍රබලයෙකුට අත යට ගාණක්..

July 22, 2021 at 3:25 am | lanka C news
මත්පැන් බෝතලවලට ඉන්දියානු Black List සමාගමකින් ස්ටිකර්.. ගිය ආණ්ඩුවේ ප‍්‍රබලයෙකුට අත යට ගාණක්..

මත්පැන් බෝතල් සඳහා ඇලවීමට නියමිත ලේබලය සැපයුම් භාරදීමය යෝජිත ඉන්දියානු සමාගම රටවල් කිහිපයක අසාදු ලේඛනගත කළ ආයතනයක් බව වාර්තා වෙයි.

එම සමාගම ශ්‍රී ලංකාවේ නියෝජිතයකු ලෙස පසුගිය රජයේ හිටපු ප්‍රබලයෙක් කටයුතු කරමින් සිටින බවද දැනගන්නට තිබේ.

මේ සම්බන්ධයෙන් පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදීද කතාබහට ලක් විය.

පසුගියදා මුදල් අමාත්‍යාංශය වෙත සුරාබදු දෙපාර්තමේන්තුව විසින් වාර්තාවක් නිකුත් කරමින් අදාළ ඉන්දීය සමාගම පිළිබඳව සිය මතය ද දැනුම් දී ඇත.

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරන්නේ මෙම ස්ටිකර් ඇලවීම හේතුවෙන් වසරකට රුපියල් බිලියන 10ක පමණ රජයට අහිමි වන බදු මුදලක් හිමිකර ගැනීමට හැකි වනු ඇති බවයි.

මෙම ස්ටිකර ඇලවීමේ ක්‍රියාවලිය මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක විය යුතු බව ද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි.

16,582 views

6 Comments to “මත්පැන් බෝතලවලට ඉන්දියානු Black List සමාගමකින් ස්ටිකර්.. ගිය ආණ්ඩුවේ ප‍්‍රබලයෙකුට අත යට ගාණක්..”

  1. බූරු පුතානෝ says:

    ලන්කාව පාලනය කරන්නේ ඉන්දියාව සහ ඇමරිකාව විසින්. එක එකා බයිලා ගහමින් චන්දය දිනුවාට යතාර්ථය ඕකයි. බලු ජෙප්පන් ආන්ඩුව ගත්තා උනත් වෙන්නේ මේකයි. ලේබල් විතරක් නොවේ අපිට වින කටින තරමක් කරන්නේ ඉන්දියාවෙන්. ලන්කාවෙ දියුණුවට ඉන්දියාව හැමදාම අකුල් හෙලුවා. කරුමෙකට මේ කාලකණ්ණි රට තියෙන්නේ ලන්කාවට බොහෝ කිට්ටුවෙන්.

  2. Dp says:

    මේ වගේ පොඩි දේවල් ලoකාවේ කරන ඕන තරම් කරන්න ඉන්නකොට ඉන්දියාවට දෙන්නේ ඇයි කියලා පැහැදිලි කළ යුතුයි . Box එකත් කරන්නේ ලoකාවෙ.

  3. Dp says:

    මේ වගේ දේවල් කරන්න ලoකාවෙ ඕන තරම් ඉන්නකොට ඉන්දියාවට දෙන්නේ ඇයි කියලා පැහැදිලි කළ යුතුයි.box එකත් හදන්නේ ලoකාවේ.

  4. saman says:

    මොකක් උනත් ගිය ආණ්ඩුවට වැරැද්ද දාලා ඉම්මු, හැමදාම යහපාලනයට බැන බැන ඉම්මු

  5. janatha says:

    රජය ඉන්න අරක්කු ඇමතිලම උන් ගේ අරක්කුවලට ලේබලය අනුමත කරනවා උන් කැමති කොම්පැනියකින්.. උන් දැනටමත් හොරට ලේබලය ප්‍රින්ට් කරලා ඇති….

  6. සිරිමාන්න says:

    පර මංගල සමරවීරයට නේද අත යට ගාන

Leave a Comment

Main News