මත්පැන් සාදයක් බී හය දෙනෙක් ගිය ත්රිවිලයක් ප්රපාතයකට පෙරලේ..
February 2, 2021 at 2:27 am | lanka C newsමත්පැන් සාදයක් පවත්වා හය දෙනෙකු නංවාගෙන අධික වේගයෙන් ධාවනය වි ඇති ත්රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්රපාතයට පෙරලිමෙන් ත්රිරෝද රථයේ ගමන් ගත් රියදුරා සහ තවත් දෙදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.
(01)දින පස්වරු 1 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් සාංචිමලේ ප්රධාන මාර්ගයේ ඉන්ජස්ට්රි වත්ත ප්රදේශයේදිය .
අවිස්සාවේල්ල ප්රදේශයේ සිට හැටන් පොඩයිස් වත්තේ නැදැ නිවසකට පැමිණි තිදෙනෙකු සහ නැදැ නිවසේ තිදෙනෙකු මත්පැන් පානය කිරිම සදහා ත්රිරෝද රථයෙන් පුලියාවත්ත ප්රදේශයට ගොස් මත්පැන් පානය කර ආපසු නිවස කරා පැමිණෙන අතරතුර ත්රිරෝද රථයේ වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අඩි 15 ක් පමණ තේ වත්තට පෙරලි මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නොර්වුඩ් පොලිසිය කියා සිටියේ.
අනතුරෙන් ත්රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වි ඇත.
– හැටන් රංජිත් රාජපක්ෂ
ධනපතියෝ ටිකක් ප්රපාතයකට පෙරලිලා. 88/89 කාලේ අපි මෝටබයික් එකකට වඩා ලොකු වාහනයක් තිබ්බ ධනපතියන් සියල්ලම මරා දැම්මා. වාහන විනාශ කළා.