මත්ස්‍යයින් මිය යති.. රංචු පිටින් මුහුදු සීමාවෙන් යති.. පාරිභෝගිකයන් මාළු කෑමට බියවෙති.. ධිවරයන් අමාරුවේ..

June 5, 2021 at 8:02 am | lanka C news
මත්ස්‍යයින් මිය යති.. රංචු පිටින් මුහුදු සීමාවෙන් යති.. පාරිභෝගිකයන් මාළු කෑමට බියවෙති.. ධිවරයන් අමාරුවේ..

ගිනි ගැනීමට ලක්වූ නෞකාවේ  විෂ රාසායනික ද්‍රව්‍ය කරදියට මුසුවීම හේතුවෙන් සිය මත්ස්‍ය අස්වැන්න සීග්‍රයෙන් පහත වැටීම සේම පාරිභෝගිකයා මසුන් පරිභෝජනයට එතරම් මැලිකමක් දැක්වීම යන කරුණු නිසාවෙන් සිය මත්ත්‍ය අස්වැන්න අලෙවි කිරමට නොහැකිව ඇති බවට කල්පිටිය අර්ධද්වීපයේ ධීවරයින් මැසිවිලි නගති.

කල්පිටිය අර්ධද්වීපයේ ජීවත් වන බහුතරයකගේ ප්‍රධාන ජීවනෝපාය බවට පත්ව ඇත්තේ ධීවර කර්මාන්තය ආශ්‍රිතව යැපෙමින් මුදල් උද්පාදනය කිරීමයි. නමුත් රට පුරා පවතින අයහපත් සෞඛ්‍ය තත්ත්වයේ සෘජු බලපෑමත් තවත් පසෙකින් නෞකාවේ සිද්ධිය යනු කරුණු හේතුවෙන් මේ වන විට සිය කර්මාන්තය සම්පූර්ණයෙන්ම අඩාලව යාම හේතුවෙන් ආර්ථිකමය වශයෙන් ඔවුන් දැඩි පීඩාවට ලක්ව ඇති බවට මැසිවිලි නගති.

මෙහිදී ධීවරයින් පෙන්වා දෙන්නේ ගිනි ගැනීමට ලක්වූ නෞකාවේ මෙරටට රැගෙන ආ විෂ රසායනික ද්‍රව්‍ය මේ වන විටත් කරදිය සමග මුසුවීමෙන් විශාල මත්ස්‍යයින් ගැඹුරු මුහුද තුළම මරණයට පත්ව වෙරළට ගොඩ ගසමින් තිබෙන බවත්, සමහර මත්ස්‍යයින් මෙහි බලපෑම හේතුවෙන් වෙනත් ප්‍රදේශයන් කරා සංක්‍රමණය වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවයි.

තවද ධීවරයින් පවසන පරිදි දැනටමත් කල්පිටිය අර්ධද්වීපය හා අවට වෙරළ තීරයන් වෙත නෞකාවේ සුන්බුන් ගසාගෙන එන බවත් එකී හේතුව නිසාවෙන් සිය ධීවර ආම්පන්න භාවිතා කරමින් මසුන් මැරීමට දැඩි බියක් මතුව ඇති බවයි.

තවද මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ පුවත් අනුව මසුන් පරිභෝජනය සදහා පාරිභෝගිකයින් අතර රුචිකත්වයක් නොමැතිකමත් මේ දිනවල මසුන්ගේ උග්‍ර හිගය යන කරුණු කාරණා හේතුවෙන් තමන් දැඩි ලෙස ආර්ථිකමය වශයෙන් පාඩු ලබන බව හෙතෙම පෙන්වා දෙති.

කල්පිටිය අර්ධද්වීපයේ ධිවර පවුල් 3000ට ආසන්න පිරිසක් නිත්‍ය වශයෙන් කර්මාන්තයේ නියැලෙන අතර, ඒ ආශ්‍රිතව වක්‍රව පවුල් 5000ක් පමණ නියැලෙන බව කියයි. මේ හේතුව නිසාවෙන් මේ වන විට සියලු පිරිස් පහේ පවුල් වල නඩත්තු කටයුතු කර ගැනීමට නොහැකිව ණය බරින් සිරවී සිටින බව කියයි.

ඔවුන් කිසිදු මොහොතක රජයට එරෙහිව උද්ඝෝණ, අරගල, උපවාස නොකර රටේ ආර්ථික වර්ධනයට සෘජු දායකත්වයක් නොමදව ලබා දුන්නද ඔවුන් පීඩාවට පත්ව සිටින මොහොතක කිසිදු බලධාරියෙකු ඒ පිළිබදව සොයා නොබැලීම කණගාටුවට කරුණක් බවයි.

– ප්‍රියංකර කළුපහන

51,766 views

21 Comments to “මත්ස්‍යයින් මිය යති.. රංචු පිටින් මුහුදු සීමාවෙන් යති.. පාරිභෝගිකයන් මාළු කෑමට බියවෙති.. ධිවරයන් අමාරුවේ..”

  1. ජෙප්පෝ වෙරළ සුද්ධ කරාවි

  2. සාමා says:

    අය්යෝ ඕක මොකක්ද අපි තව නැවක් ගේමු. ගිනි ගත්තට පස්සෙ ස නියෝග කරයි ගැඹුරු මූදට ගෙනියන්න.

  3. sunil says:

    onna oka atherala danna .oka karmanthayak neweyi .rassawakuth neweyi .paw wedak .swaba dhahama kiyanne ekayi .sunami awilla kiwweth ekayi .owata sansare kawada ho padisan denawa.

Main News