මත් උවදුරෙන් තරුණ ජීවිත බේරා දෙන්නැයි ඉල්ලමින් විරෝධතා…

December 14, 2019 at 2:06 am | lanka C news
මත් උවදුරෙන් තරුණ ජීවිත බේරා දෙන්නැයි ඉල්ලමින් විරෝධතා…

වව්නියාව දිස්ත්‍රීක්කයේ මත් උවදුර හිස ඔසවා ඇති බවත් තරුණ ජීවිත දිනෙන් දින විනාශ වන බැවින් මත්උවදුර මැඩලීමට වශේෂ වැඩපිළිවලක් දියත් කළ යුතු බව පවසමින් වව්නියාව තේක්කවත්ත ප්‍රදේශයේ වැසියන් පිරිසක් විසින් විරෝධතාවක නිරත වූහ.

තේක්කවත්ත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විසින් ඉතා රහසිගතව විවිධ මත්ද්‍රව්‍ය වර්ග හඳුන්වාදෙමින් තරුණයින් ගොදුරු කරගන්නා බවටත් ඉන් කුඩා ළමුන්ද ගොදුරු වීමේ ප්‍රවණතාවය දිනෙන් දින ඉහල යාම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි අපහසුතාවකට පත්ව සිටින බවටද විරෝධතාකරුවන් කියා සිටියහ.

එමෙන්ම මත්ජාවාරම් කරුවන් විසින් ප්‍රදේශයේ තරුණයින් ගොදුරු කරගැනීම හේතුවෙන් සමාජ විරෝධී ක්‍රියාවන්ට තම දරු මුණුබුරන් නැබුරු වීමේ දැඩි අවධානමක් පවතින බැවින් ආරක්ෂක අංශ විසින් මත්ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගෙන විධිමත් නීතිමය පියවරක් ගන්නා ලෙසටද විරෝධතාවයේ නිරත වූළුන් වැඩි දුරටත් පැවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,490 Viewers

One Comment to “මත් උවදුරෙන් තරුණ ජීවිත බේරා දෙන්නැයි ඉල්ලමින් විරෝධතා…”

  1. SL says:

    මේ මිනිස්සුන්ට පොලිසියට යන්න බැහැ පොලිසිය කුඩු කාරයොත් එක්ක ජෝගි නටනවා.පොලිසිය මොනිටර් කරන්න තව ආයතනයක් ඕනේ

Main News