මත් ද්‍රව්‍ය අලෙවි චෝදනා නිසා ජාතික කෞතුකාගාරය භූමියේ පිහිටුවා තිබූ ලක්සල කැෆේ වසා දමයි..

April 17, 2019 at 12:00 pm | lanka C news
මත් ද්‍රව්‍ය අලෙවි චෝදනා නිසා ජාතික කෞතුකාගාරය භූමියේ පිහිටුවා තිබූ ලක්සල කැෆේ වසා දමයි..

කොළඹ ජාතික කෞතුකාගාරය නැරඹීම සඳහා පැමිණෙන විදේශික සංචාරකයන් සඳහා ලක්සල තෑගි හා සැමරුම් ප්‍රදර්ශනාගාරයක් කෞතුකාගාර පරිශ්‍රය තුළ පිහිටුවූ අතර ඒ තුළින් දෙස් විදෙස් සංචාරකයන් සඳහා gallery cafe නමින් ද අවන්හලක් පවත්වාගෙන යනු ලැබීය.

නමුත් මෑත කාලයේ දි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට හෙරොයින් ඇතුළු මත් ද්‍රව්‍ය අලෙවි කිරීමට එම පරිශ්‍රය යොදාගෙන තිබූ බවට කරන ලද පැමිණිල්ලක් මත පසුගිය 10 වෙනි දා සිට වසා දමා තිබේ.

කෞතුකාගාර භූමියේ තුළ මත් ද්‍රව්‍ය අලෙවි වන බවට ලක්සල කලමණාකරණය වෙත දිගින් දිගටම පැමිණිලි කළත් ඒ සම්බන්ධයෙන් නිසි පියවරක් නොගැනිම හේතුවෙන් එම අවන්හල වහාම වසා දමන ලෙස ට බලධාරීන් විසින් දැනුම් දීමෙන් පසු මෙසේ මෙම අවන්හල වසා දමා ඇති බව ආරංචි මාර්ග පවසයි.

408 views
Main News