මත් රකුසා මැඩලන හැටි උතුර ආණ්ඩුකාර කියයි..

June 30, 2019 at 2:08 am | lanka C news
මත් රකුසා මැඩලන හැටි උතුර ආණ්ඩුකාර කියයි..

මතින් නිදහස් රටක් ගොඩනැඟීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීමෙන් කි‍්‍රයාත්මක කර ඇති මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන ශක්තිමත් කරමින් ජූනි 23 වන දා සිට ජූලි 01 වන දා දක්වා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ලෙස නම් කර ඇත.

මෙම වැඩසටහනට සමගාමීව කිලිනොච්චිය සමූපකාර ශාලාවේ දී ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණු අතර මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණ, ප‍්‍රදර්ශන, ඉදිරිපත් කිරීම් ඇතුළු අංග රැසකින් එය සමන්විත විය.

“මම මත්ද්‍රව්‍ය ප‍්‍රතික්ෂේප කරමි” තේමාව යටතේ යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, වව්නියාව දිස්ති‍්‍රක්වලට සිට රථ පෙළපාලිවලින් පැමිණි පිරිස මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට එක් වූ අතර, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ද යාපනයේ සිට රිය පෙළපාළියකින් කිලිනොච්චියට පැමිණියේය.

එහිදී රැස්ව සිටි පිරිස් ඇමතූ උතුරු ආණ්ඩුකාරතුමා අවධාරණය කළේ  ජාත්‍යන්තර මත් ජාවාරම්කරුවන්ට එරෙහිව සියලු දෙනා නැගී සිටින බවත් මත්රකුසා විනාශ කිරීමේ පළමු පියවර තැබිය යුත්තේ නිවස පවුල තුලින් බවටත් නිවසින් එය මැඩපවත්වා ගන්නේ නම් පවුල මෙන්ම ගම, නගරය, රට ඇතුලු සියලු ලෝ වාසීන් රැක ගැනීමට හැකි බැවින් ඒසඳහා සියලු දෙනා එක් විය යුතු බවටත්ය.

තවද මෙම අවස්ථාවන්ට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන අංගජන් රාමනාදන්, කාදර් මස්තාන් යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් උතුරේ සියලුම දිස්ති‍්‍රක් ලේකම්වරු ඇතුළු උතුරු  පළාතේ  රාජ්‍ය නිලධාරින් රැසක්ද එක්ව සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

38 views

2 Comments to “මත් රකුසා මැඩලන හැටි උතුර ආණ්ඩුකාර කියයි..”

  1. Sun says:

    Thank you for thinking of your community. Big people don’t care but they want to have the power. That is the democracy in our countries. People don’t know much about democracy and they cannot rise up. One thing is the caste system won’t allow other people to come forward. So they continue their negative nature of thinking no family orientation and support. Due to that young generation are going after drugs.

  2. SL says:

    වැඩියෙන්ම මත්ද්‍රව්‍යව වලට වලට ගොදුරු වෙන්නේ සිංහල ,දමිල තරුණයින්. වැඩිපුරම මත් කුඩු විකුනන්නේ ,ජාලයේ උඩින්ම ඉන්නේ,තොප්පිය හැරෙන පැත්තට විලන්දාම් කරන අය .. හිර ගෙවල් වල ඉන්න ජේලර් ලගේ පටන් මේ ව්‍යාපාරයේ ඉන්නවා. එකම විශ්වාසය් ඇති ආයතනය STF .

Main News