මතින් තොර හෙටක්.. බියර් සමාගමේ ලාභය 133%කින් අරක්කු සමාගමේ ලාභය 83%කින් ඉහලට..
August 18, 2018 at 2:10 pm | lanka C news
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් දෙකක් වන ලයන් බෘෘවරි (සිලෝන්) පීඑල්සී සහ ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී යන සමාගම් දෙක විසින් 2018 ජූනි 30 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය වාර්තා නොබෝදා ප්‍රකාශයට පත් කරනු ලැබීය.
මෙම මූල්‍ය ප්රකාශනවලට අනුව සමාගම් දෙකම පසුගිය මූල්‍ය කාර්තුවේ දී කැපී පෙනෙන කාර්යසාධනයක් වාර්තා කර තිබේ.
ලයන් බෘෘවරි (සිලෝන්) පීඑල්සී විසින් මෙම කාර්තුව තුළ දී ලබා ඇති ආදායම රු. බිලියන 9.44 කි. මෙය 2017 ජූනි කාර්තුව හා සැසඳීමේ දී 74% ක වර්ධනයක් වේ. මෙම කාර්තුව තුළ දී සමාගම විසින් රජයට ගෙවා ඇති ආදායම් බදු ප්‍රමාණය රු. මිලියන 145.61 සිට රු. මිලියන 487.89 ක් දක්වා 235% කින් වැඩි වී ඇත.
2018 ජූනි 30 න් අවසන් කාර්තුව තුළ දී ලයන් බෘෘවරි (සිලෝන්) පීඑල්සී වාර්තා කර ඇති බදු ගෙවීමෙන් පසු ලාභය රු. මිලියන 747.19 කි. මෙය 2017 ජූනි කාර්තුවේ දී වාර්තා කරන ලද රු. මිලියන 320.41 ක බදු පසු ලාභය හා සැසඳීමේ දී 133% ක වර්ධනයක් වේ.
මේ අකර මෙම කාර්තුව තුළ දී ඩිස්ටිලරීස් සමාගමේ දළ අදායම රු. බිලියන 21 .34 සිට රු. බිලියන 19.19 ක් දක්වා 10.1% කින් පහළ ගොස් තිබේ.
කෙසේ වෙතත් මෙම කාර්තුව තුළ දී සමාගම විසින් රජයට ගෙවා ඇති බදු ප්‍රමාණය 78% කින් වැඩි වී ඇති අතර එම වටිනාකම රු. මිලියන 760.84 ක් ලෙසින් සටහන් වේ.
මෙහිදී ඩිස්ටිලරීස් සමාගමේ බදු ගෙවීමෙන් පසු ලාභය රු. මිලියන 579.24 සිට රු. බිලියන 1.06 ක් දක්වා 83.7% කින් වැඩි වී ඇත.
– biz.adaderana.lk
ලෝකයේ බොහෝ මිනිසුන් විනාශ වන්නේ මත්පැන් පමණට වඩා සිය ජීවිතයට ලං කරගැනීම නිසායි. කොයි තරම් හොඳ අධ්‍යාපනික මට්ටමක්, ආර්ථික තත්ත්වය මෙන්ම හොඳ හදවතක් තිබුණත් පමණට වඩා සුරා ලෝලියෙකු වීමෙන් බොහෝ මිනිසුන්ගේ පවුල් සංස්ථා පමණක් නොවෙයි ජීවිතය පවා කඩා ඉහිරෙනවා.
මිනිසුන් දුගතියට ඇද දමන මත්ද්‍රව්‍ය අතරින් මත් පැන් හෙවත් ඇල්කොහොලීය පාන ප්‍රධාන තැනක් ගන්නේ ඒවා ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රතිශතයක් පාවිච්චියට ගන්නා මත් ද්‍රව්‍ය නිසායි. ඒ කෙසේ නමුත් මත් පැන් වලින් මනසට හා ශරීරයට වන හානිය සිදු වන්නේ කාලයත් සමඟ වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස සමාජීය ජීවිතයට හානි වෙනවා. මත් පැන් වලින් වන හානිය හෙමින් සිද්ධ වුණත් ලෝකයේ ඊටත් වඩා ප්‍රබල මත්ද්‍රව්‍ය තිබෙනවා. මේවා කෙතරම් ප්‍රබලද කියනවානම් බොහෝ විටක අත්හදා බැලීමට හෝ එක් වරක් පාවිච්චි කළහොත් නැවත ගලවාගත නොහැකි ලෙස ඇබ්බැහි වීම සිදු වෙනවා. එම ඇබ්බැහිය බොහෝ විට අවසන් වන්නේ අකාලයේ මාරයාට ගොදුරු වීමෙන්.
රට ජාතිය විනාශ කර යමපරයන්ට සාප වේවා………
එල….. යහපාලන ආණ්ඩුව ආවට පස්සේ 62 ලක්ෂයක් හොදට බීලා තියෙනවා. මට හිතෙන්නේ හිතේ අමාරුවට වෙන්න ඇති……
මත්වතුර හා මත් ද්‍රව්‍යය, පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානය හරහා කරන ලද සමීක්ෂණ අනූව නාගරික පැල්පත්වාසීන් 43% ක්ද, වතුකර පිරිමි 65%, වතුකර කාන්තාවන් 25%, ලංකාවේ පාසල් දරුවන්ගේ පියවරුන් 50%, විශ්ව විද්‍යා,ල ප්රිවේශය ලත් සිසුන් 18% ක්ද මත් රකුසා බිලිගෙන හමාරය.මෙම දුරාචාරය ශ්‍රී ලංකාවේ සෑම කොටසක්ම ආක්‍රමණය කර ඇති අකාරය බලන්න. මත් ද්‍රව්‍ය, මත් වතුර යොදා නොගන්නා අවස්ථාවක් තිබේද? වී වපුරන විටද,ගොයම් කපන පාගන අවස්ථාවන්,උපන්දින,අකුරු කියවන විට, දාන පිරිත්,මරණ, මඟුල් සිදුවන අවස්ථාවන්හීඳි කිසිදු ලැජ්ජාවකින් තොරව මෙය යොදාගනි. හේතු ඇතිව හෝ නැතුව මතට යොමුවේ. එසේ කරන අය හේතු වශයෙන් දුකට, සැපට, විඩාවට, සීතලට, ඇගේ අමාරුවට, කම්මැලිකමට, ශක්තියට, සතුටට, සමාජශීලී වීමට ආදි නොයෙක් කරුණු ගෙන දක්වති. බොහෝ අය පාප මිත්‍ර සේවනයෙන් මෙයට ඇබ්බැහි වෙති. මේ තුලින් සිදුවන ශාරීරක හානි බොහෝය. මත් ද්‍රව්‍යය විෂ ඝෘජුවම බලපාන්නේ අක්මාවටයි. අක්මාව රෝගී වී ඉදිමී පසුව ක්‍රියා විරහිත වේ. උදරයේ තරල එකතු වී අවසානයේ ලේ වමනය කර මොළය අක්‍රියව “කෝමා” හෙවත් සිහිමුර්ජා වී ජිවිත විනාශ වේ. එමෙන්ම හෘදයේ පේෂි ක්‍රියාකාරිත්වය දුර්වල වී “කාඩියෝමයෝපති” තත්වය ගෙන හෘදය අක්‍රිය වීම, අග්න්‍යාසයේ ආසාදන, ආමාශ ප්‍රදාහය, ගැස්ට්‍රයිටිස්, ස්නායු දුර්වල වීම, පේෂි දුර්වල වීම හා මානසික දුර්වලතා, කල්පනා ශක්තිය අඩුවීම, සංකාව, අපස්මාරය, ලිංගික බෙලහීනත්වය හා වඳ බවට පත්වීම සිදුවේ.මත් වතුර පානය තුලින් අධ්‍යාත්මික හා සදාචාර වශයෙන් අන්ත පරිහානියකට අද අප පත්ව තිබේ. නිතර සිදුවන අපරාධ, මිනීමැරුම්, රිය අනතුරු, ස්ත්‍රී හා ළමා අපචාර, ගණිකා වෘත්තිය සිඝ්‍රයෙන් වැඩිවන සියළු අපරාධ කෙරෙහි මෙම මත් උවදුර ඉතා කිට්ටු සබඳතාවයක් පවත්වයි.
විදේශ වලට යවන මිෂනාරිවරුන් හා බයිබල් පොත් සම ගමම ඊට වැඩියෙන් මත් පැන් බෝ තල හා වෙඩි උණ්ඩ යවනු බව පෙනේ. මුලින් කි ද්‍රව්‍යයෙන් සිතත් දෙවනුව කි දෙයින් සිරුරත් වනසනු පිණිසය.
ඒ.යි බුල්ජන්ස් මහතා 1886
My3palan has to go to bed 10 pm now is due to excess consumption of liquor