සුද්දා හැදු දේ 56 දි බණ්ඩාරනායක ශ්‍රීමතාණන් ජනසතු කලා.. මතු පරපුරට හැදු හම්බන්තොට වරාය 2017දි යහපාලකයන් චීනයට වික්කා…

December 11, 2017 at 8:40 am | lanka C news
සුද්දා හැදු දේ 56 දි බණ්ඩාරනායක ශ්‍රීමතාණන් ජනසතු කලා.. මතු පරපුරට  හැදු හම්බන්තොට වරාය 2017දි යහපාලකයන් චීනයට වික්කා…

ශ්‍රී ලංකා ඉතිහාසයේ පලමු වරට රටේ විශාලතම ජාතික සම්පතක් වන මෙහෙයුම් තත්වයේ ඇති අති නවීන උපාංගවලින් සමන්විත අලුත්ම වරායක් ඇතුළු ඉඩම් අක්කර 15000 ක් රජයේ සියලු ප්‍රසම්පාදන නිති රිති උල්ලංඝනය කොට නිතී විරෝධී ලෙස චීනයට අවුරුදු 99 කට විකුණා දැමීමේ ජාතියේ අනුවේදනීය පුවත මෙසේ සනිටුහන් කරමු.

මූලිකවම වරාය අධිකාරියේ අනුදැනුමකින් තොරව මෙම විකිණීමට අවශ්‍ය පිඹුරුපත් පිලියෙල කල රාජ්‍ය නිලධාරින් ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග, වරාය හා නාවුක අමාත්‍යාංශයේ ලේකම් එල් පි ජයම්පති හා උපායමාර්ග සංවර්ධනය හා ජාත්‍යන්තර වෙලද කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චාන්දනී විජේවර්ධන, අමාත්‍ය මණ්ඩල ලේකම් Cabinet secretary සුමිත් අබේසිංහ සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමවීර යන ලේකම්වරුන් ඉතිහාසයට එක්වනු ඇත.

රජයේ පිලිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අමු අමුවේ උල්ලංඝනය කරමින් ද, ශ්‍රීලංකා වරාය අධිකාරියේ 1979 අංක 51 දරණ පනතේ විධි විධානවලට පටහැනිව ද , ශ්‍රීලංකා වරාය අධිකාරි සතු දේපලක් වන හම්බන්තොට වරාය ඇතුළු දේපල මෙන්ම, එහි කාර්යය සහ කර්තව්‍යය මෙන්ම හම්බන්තොට අවට රජයේ මෙන්ම පෞද්ගලික ඉඩම් අක්කර 15000 ක්, එහි අයිතිය 80% ක් වසර 99 ක් හෝ ඊට වැඩි කාලයකට හිමිවන පරිදි, චීනයේ චයිනා මර්චන්ට් පොර්ට් හෝල්ඩිග්ස් සමාගමටත් ඉතිරි 20% අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තබා ගැනිමටත් යටත්ව හවුල් ව්‍යපාරයක් ආරම්භ කිරිමට මෙමගින් චීනයට අවසර ලැබේ.

මෙම ගිවිසුම පසුගිය දෙසැම්බර් මාසයේදී අදාළ සමාගමනත් සමඟ අත්සන් කොට ඇ.ඩොලර් මිලියන 5 ක ( රුපියල් මිලියන 750 ක) අත්තිකාරම් මුදලක් ලබා ගත් අතර හම්බන්තොට වරාය චීනයට භාරදීමෙන් පසුව ඊයේ තවත් ඇ ඩොලර් මිලියන 292 ක මුදලක චෙක්පතක් අදාළ සමාගමන් ලබා ගැනිමට සමත් විය. ඒ අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු මෛත්‍රී පාර්ශ්වයේ අමාත්‍ය මහින්ද සමරසිංහ සරත් අමුණුගම යන ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙනි. එහිදි මහත් උජාරුවට මෙම වරාය විකුණා අදාළ චෙක්පත ලබාගැනීමට මෙම පිරිස සහභාගි වූහ.

එහෙත් මේසා විශාල රාජ්‍ය දේපලක් දීර්ඝ කාලිනව එනම් වසර 99 X 2 = 198 කට බදු දීමට හෝ විකිණීමට අදාළව රජයේ පිලිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කොට නොමැත. අවම වශයෙන් මෙතරම් වටිනා දේපලක් වෙනුවෙන් වානිජ මෙන්ම ඉඩමේ වර්තමාන සහ අනාගත වටිනාකම සඳහා රජයේ තක්සේරුකරු විසින් තක්සේරු කොට වාර්තාවක් ද ලබාගෙන නොමැත.

හම්බන්තොට වරාය වීකිණිම හා අක්කර 15000 ක් චීන සමාගමකට පැවරීමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා විසින් ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කලහ.

වරාය අධිකාරිය වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේදි කරුණු දක්වමින් කියා සිටියේ චීන සමාගම සමඟ මෙම ගිවිසුම අත්සන් කිරිමේදී වරාය විෂය භාර එවකට අමාත්‍යවරයාව සිටි අර්ජුන රණතුංග මහතාගේ අනු දැනුමකින් තොරව මෙම ගනුදෙනුව කර ඇති බවයි.

– FaceBook

79 views

8 Comments to “සුද්දා හැදු දේ 56 දි බණ්ඩාරනායක ශ්‍රීමතාණන් ජනසතු කලා.. මතු පරපුරට හැදු හම්බන්තොට වරාය 2017දි යහපාලකයන් චීනයට වික්කා…”

  1. රාහුල මල්ලී says:

    රූපවාහිනියෙන් මේ දර්ශණය දකින කොට මට ඇත්තටම ඇති වුනේ මහත් දුකක්.. දෙයියනේ.. මේ අපේ රටේ අනාගත දරු පරපුරට අයිති දේපොල විකුණා සිනාමුසු මුහුණින් චෙක් පත් අතට අරං මහ ලොකු වීරකමක් කලා වගේ තව රටේ ඡනතාවටත් පෙන්නනවා… තමන්ගේ රාටේ වස්තුව ආරක්ෂා කර ගන්න විසිඳුම් හොයන්න බැරි මේ දේශපාලුවන් මොකටද මේ රටට..? අවුරුදු 99 ක් ගිහිල්ලා මේක නැවත බාර ගන්න සිංහලයෙක් මේ රටේ ඉතිරි වෙයිද…? දෙවියනේ… මොවුන්ට දිය යුතු දඬුවම ඔබවහන්සේම තීරණය කරන්න…

  2. Shan says:

    නොදකින්… චෙක් එක කරේ තියන් ඉන්න කැත …

  3. Sunmal says:

    Rawlath Beragena Kanda Bonawa Kiyanne Tikak Amaru Wedak .
    Anika Hambaya Bahapu Thote MaRa Wage Pissek Arenna Wena Kawda Swimingpool Bandinne ?

  4. Maduwaligaya says:

    නොදකින්…Thopita jela neda… ? we need to develop our country.

    Maduwa

  5. daham says:

    anna dakka neda wenasa. dan sapayida gobbayo laksha 62ta?

  6. ව්දිය බණ්ඩාර says:

    Smmalo
    තො හිතන්නෙ. චීන්නු නාන්නද බූරුවෝ ඕක ගත්තේ. තෝපි වගේ කාලකන්නි. තොපි ඔක්කොම හැදිහෑවිල යන දවස ලගයි.

  7. Pixnature says:

    ඉස්සර හිඟන්නෙක්ට රුපියලක් දුන්නම දකින හිනාව කලකට පස්සේ දකින්න ලැබීමත් සතුටකි..

  8. ajith says:

    mewan puthun lada maun udarai. ane ape ratata wena de hitha gannawath ba

Main News