මද‍්‍රසා පාසැල් තහනම් කරනු.. ඇමති ජීඑල්ට ඇමති විමල් මත ගැටේ.. පාර්ලිමේන්තුවේදී විරුද්ද වෙයි..

November 23, 2020 at 3:50 pm | lanka C news
මද‍්‍රසා පාසැල් තහනම් කරනු.. ඇමති ජීඑල්ට ඇමති විමල් මත ගැටේ.. පාර්ලිමේන්තුවේදී විරුද්ද වෙයි..

මද‍්‍රසා පාසල්වලට මෙරට තුල ක්‍රියාත්මක වීම තහනම් කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවූ ජනවරමේ බලාපොරොත්තුව මෙරට අන්තවාදය මුලිනුපුටා දැමීම පමණක් නොව අන්තවාදය බිහිවන ඝර්භාෂයන්ද මුලිනුපුටා දැමීම බවයි.

මෙරට ක්‍රියාත්මක මද්‍රසා පාසැල් අන්තවාදය සහ ත්‍රස්තවාදය පතුරුවා හරින බව දැනට ක්‍රියාත්මක වන කොමිෂන් සභාවල දී සාක්ෂි පවා ලැබී ඇතැයිද ඇමැතිවරයා කියා සිටියේය.

අද පාර්ලිමේන්තුවේ දී අය වැය විවාදය අතරතුර දී ඒ මහතා මෙම අදහස් පළ කලේය.

කෙසේ නමුත් මීට දින දෙකකට පමණ පෙර අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ මද‍්‍රසා පාසල් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යන බවයි. ඒවා අධීක්ෂණය තම වගකීමක් බවද ඔහු කියා සිටියේය.

65,441 views

35 Comments to “මද‍්‍රසා පාසැල් තහනම් කරනු.. ඇමති ජීඑල්ට ඇමති විමල් මත ගැටේ.. පාර්ලිමේන්තුවේදී විරුද්ද වෙයි..”

  1. Godaya says:

    විමල් ඔහොම තමයි . ඔය කෑ ගැහුවට තව ටික දවසකින් සංවේදී වේවි .

  2. ජෙහාන් says:

    පිස්සු විමල් ඉල්ලගෙන කන්නයි හදන්නේ .තමුන්ගේ පාඩුවේ හිටු . පොදු පෙරමුණේ බහුතරයකගේ විරෝධය විමල්ට එල්ල වෙලා තියෙනවා .

  3. Mangala says:

    ජී එල් කියන්නේ කවුද කියලා මහාචාර්ය නලින් ද සිල්වාගෙන් ඇහුවනම් කියලා දෙයි අයන්නෙ ඉදලා.

  4. John the baptice says:

    More than 5,000 Pakistanis have died over the past few years in bombings and shootings carried out by Islamic militants, most of whom either have direct links with the more extreme madrassas or are influenced by the ideology they peddle.

  5. kkuruwita says:

    මෙරට මුස්ලිම් දරුවන්ට තමගේ ආගම කියා දෙන්න බැරි තරම් මුස්ලිම් විද්වතුන් නැති හින්දද මේ මුස්ලිම් අන්තවාදය පවතින හා පෝෂනය කරන රටවලින් ගුරුවරු ගෙන්නන්නෙ. මේක වහා සොයා බැලිය යුතු කරුණක් !!! ම්ම දන්න තරමින් නම් මුස්ලිම් ආගම පමණක් නොවෙයි අරාබි භාෂාව පවා ඉගැන්වි හැකි දක්ෂ අය මෙරට ඉන්නවා.

    • අභියෝගය says:

      පටන් ගත යුතු තැන.
      මද්‍රසාපාසැල් හා ඉස්ලාම් අන්තවාදයට එර‌ෙහිව හඩ නගන චීවරදාරීන්,බොරැ දේශප්‍රේමීන් සටන පටන් ගත යුතුතැන මැද ප‌ෙරදිග මුසල්මානුවන්ගේ බැලම‌ෙහ‌ෙවරකම් හා වහල්සේවයට යවා ඇති ශ්‍රී ලාංකික කාන්තාවන් කොන්දේසි විරහිතව වහාම ශ්‍රී ලංකාවට ග‌ෙන්වාගැනීම‌ෙන් පසුය.
      අඩුතරමින් රාජ්‍යනායකයාටවත් එවැනි කොන්දක් නැත.මේ ඊනියා දේශප්‍රේමි මාකටින් නඩය මේ අභියෝගයේදි අමුඅමුවේ නග්න වේ.

      • george says:

        You fool, if that is done, country will loose billions of foreign income instantly creating a massive shortage. It must be done gradually by improving the economic status of country so that those families can slowly start alternative income path within country. Else both country and those families will be in trouble. Are going to give them immediate jobs of similar income in Sri lanka? Can you take that challenge first??

  6. Kara.. says:

    Pada show Drama…..

  7. Shiraj says:

    Very sad to see the future of Sri Lanka because of these uneducated politicians no words to say other than minister wimai is a total waste. Spending more time on buying Viagra tablets for his wife i guess

  8. sena says:

    විමල් විරවංශ ඇමතිතුමා විතරයි අද මේ අන්තවාදයට විරුදධව කථා කරන්නෙ අනිත් පුද්ගලයො උන්නද මලාද නැ ජි ඇල් පිරිස් ඇමතිතුමා වැනි අය දැන් විශ්‍රාම දියයුතුයි
    බොහුද්ධ ජනතාවටත් කතෝලික ජනතාවටත් හින්දු ජනතාවටත් කරන උදව්වක් හැටියට මේතුමන්ලාව මේවගකිම්වලින් නිදහස් කල යුතුයි

  9. මද්‍රසා වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කල යුතුයි...! says:

    අනිවාර්්‍යයෙන්ම මද්‍රසා වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කල යුතුයි…! ගෝත්‍රික පාසැල් සම්පුර්ණයෙන්ම අහා්සි කර සැමට පොදු මූලික අද්‍යාපන ක්‍රමයක් වහාම ස්ථාපනය කල යුතුමයි..!
    වැඩේ කියන විදියටම උනොත් තමයි හොද. නිවැරදිවෙන්න වෙනස්වෙන්න බොහෝ තිබෙන බැවින් උපේකෂාසහගතව බලා සිටිමු.!

  10. Jagath says:

    නියමෙට පිටපත රගපානවා. සර් ද දන්නේ නෑ ලියල දුන්නේ පිටපත.

Main News