මද‍්‍රාසා පාසැල් නීතිගත කිරීමට නිර්දේශ

February 20, 2020 at 6:48 pm | lanka C news
මද‍්‍රාසා පාසැල් නීතිගත කිරීමට නිර්දේශ

වසර 03 ක් ඇතුළත මද්‍රාසා ආයතනවල ඉගෙනුම ලබන සිසුන් සියලු දෙනා අධ්‍යාපන අමාත්‍යාංශ‍ය යටතේ ඇති අධ්‍යාපන ක්‍රමවේදයකට අන්තර් ග්‍රහණය කළ යුතු බව ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශේෂ වාර්තාවේ සදහන් වේ.

මද්‍රසා ආයතන නියාමන සදහා විශේෂ කමිටුවක් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවීම, සියලු අධ්‍යාපන ආයතනවල ඉගැන්වෙන විෂයමාලා ජාතික අධ්‍යාපන ආයතනයේ අනුමැතියට යටත් කිරීම ,ඉදිරියේදී පළ කෙරෙන ඉස්ලාම් පෙළ පොත් සංස්කරණය සදහා පිළිගත් විද්වත් කමිටුවක් පත් කිරීම ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිර්දේශ ගණනාවක් මීට අයත් වේ.

පසුගිය පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව නැවත එවැනි තත්වයක් උද්ගත වීම වළක්වා ගනු පිණිස ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මෙම වාර්තාව සම්පාදනය කෙරිණි. ‘ජාතීන් හා ආගම් අතර මිත්‍රත්වය වර්ධනය කරමින් නව ත්‍රස්තවාදය හා අන්තවාදය මුලිනුපුටාදැමීමට අවශ්‍ය වන පරිදි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අදාල නීතිරීති සම්පාදනය සහ ක්‍රියාත්මක කරවීමේ යෝජනාව සම්බන්ධයෙන් වන වාර්තාව’ ලෙස මෙය නම්කර තිබේ.

එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා විසින් මෙම වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් ‍කරන ලදී.

අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි සියලු ආකාරයේ මුහුණු ආවරණ තහනම් කිරීමට අදාල නිර්දේශද මෙහි ඉදිරිපත් වී තිබේ.මේ වන විට රටවල් ගණනාවක් බුර්කාව තහනම් කර ඇති බවත් 2019 සැප්තැම්බර් 5 වන දින සිරියාවේ පිහිටි ISIS මූලස්ථානයද බුර්කාව තහනම් කළ බවත් මෙම වාර්තාවේ සදහන් වේ.

මීට අමතරව ඉදිරියේදි එල්ල විය හැකි ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබද අභියෝග කෙරෙහි අවධානය යොමු කරමින් ජාතික ආරක්ෂණ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම,ජාතික හා ජාත්‍යන්තර නව වර්ධනයන්ට අනුකූලව ආගමන හා විගමණ නීතිය සංශෝධනය කිරීම,විද්‍යුත් ,මුද්‍රිත හා සමාජ මාධ්‍ය නියාමනය,මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සංශෝධනය කිරීම,සියලු ආගම් එක්කළ සර්වාගමික කටයුතු අමාත්‍යාංශයක් පිහිටුවීම සහ හලාල් සහතිකකරණය ඇතුළු විෂය පථයන් ගණනාවකට අදාළ නිර්දේශ මෙහි අන්තර්ගත වේ.

– ada

28,524 Viewers

13 Comments to “මද‍්‍රාසා පාසැල් නීතිගත කිරීමට නිර්දේශ”

  1. Dikman Aiyya says:

    …good document,….now,..how long it will get this to be implemented is the KEY question for us the people,…we do not trust these docs,…it seems like another waste of monies,…lets see

  2. Vis8 says:

    Niyamai!

  3. හතර හිනා says:

    සයින්දමරැදු නගර සභාව ප්‍රකාශ කරනකම් ඔය මහා දැක්මක් දර්ශනයක් තියෙනවැයි කියන විධායක ජනපති නිකම් “හිටං” හිටියා විතරයි…බලං ගියාම ඔර්ජිනල් හිටංට මීට වඩා කොන්දක් තිබුනා.

    • chandrapala jayawardana says:

      සයින්ද මරුදු නගර සභාවක් කිරීමේ ගැසට්‌ නිවේදනය ආපහු කැඳවලා .දැන් ඒක තිබුණු තත්වයෙමයි .

      • Newහිටං - 2020 says:

        හිටංගේ කාලේ රනිල් කරපු හරියම මහින්දත් අඩු නැතිව කරනවා…හිටංට වගේම දැන් ඉන්න ලොක්කටත් පත්තරෙන් තමා දැනගන්න වෙන්නේ උදේට.

        • ඇත්ත..මහින්ද කරපු හොද සේරම ඉවරයි මේ කරන ගොං වැඩ එක්ක.. පිහිය රත්තරන් කියල බෙල්ල කපා ගන්න සිරිතක් නැහැ..
          රට කොටින්ගෙන් බේර ගන්න නායකත්වය දීල දැං හම්බයන්ට බාර කරන්න යනව නම් ඒක නවත්වන්න වෙනව..ඒ වගේම මෙලෝ රහක් නැති දේශපාලන කටුස්සන්ට රත්තරං පලදව පලදව මොකක්ද මේ මහින්ද නටන නාඩගම..?

      • Hudson says:

        Hitan had a better backbone than this highly overrated Nandasena. Aiyo nandasena.

  4. Hesh says:

    දැන් නීතිගත කිරීම කියන වචනෙ උස්සගෙන ජෙප්පො නටයි. නීතිගත කරනවා කියන්නෙ අධ්යාපන අමාත්යාන්ශය යටතේ නියාමනය වෙනවා කියන එක. නැතුව නීතිමය තත්වයක් ලබා දෙනවා කියන එක නෙවේ.

    • Wijebahu says:

      Ithin yako umbala mahalokuwata Kiwwe thanam karanawa kiyalane? Eka hindane pitarata inna baiyoth awilla chande dunne?

  5. Kamal says:

    Api chande dunne madrasa wahanna. Lankawe inna gama ekama ekama deyak igena gaththahama hari.

  6. Kalana says:

    මෝඩ වැඩ, තහනම් කරලා දාන්න තරම් කොන්ද පන නැහැ. රටකට අධ්‍යාපන ක්‍රම 2ක් තියෙන්න බැහැ, නමම ඇති වෙන් වෙන්නත් අන්තවාදී වෙන්නත්, ඕව කවුද හරියට නිරීක්ෂණය කරන්නේ? තනිකරම රටම රැවටීමක්. රටක අනාගතය තීරණය වෙන්නේ අද්‍යාපනය මත.

  7. Gonsun says:

    Siyaluma Deviyanvahanse Lokaya mewuwa yai kiyana aagam moda agamya.
    Meveema modathama visvashayai.
    Islam dahama me athun darunuma mee harak aagamaki.

    Parinamaya Sathyai
    Anithva Siyallama Mithyai

  8. kumara says:

    කිව්වේ කොහොමද​?.. තහනම් කරලා දාන්න තරම් කොන්ද පන නැහැ.

Main News