මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට තදවැසි… ජලාශ පිරී යමින්…

May 12, 2022 at 2:16 am | lanka C news
මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට තදවැසි… ජලාශ පිරී යමින්…

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවල (10) දින රාත්‍රියේ සිට (11) දින තෙක් තද සුලං සමග අධික වර්ෂාවක් පතිත විය.

පවතින අධික වර්ෂාවත් සමග කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති අතර , ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුලගකින් අධි බලැති විදුලි රැහන් පද්ධතියට අලාභ හානි සිදු වි ඇති නිසා මස්කෙලිය විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය යටතේ පාලනය වන ප්‍රදේශ රැසකට විදුලි බලය (10) දින රාත්‍රියේ සිට ඇණ හිට ඇත.

පවතින වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහල යමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

29,139 views

4 Comments to “මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට තදවැසි… ජලාශ පිරී යමින්…”

  1. Nihal says:

    දේවෝ වස්තු කාලේන…
    මහ එකා ගියාම තව හොඳ වෙයි

  2. Alapaluwa says:

    දැන්වත් මේ ජල පෝෂක ඉස්තාන වලට ඇදහැලෙන වතුර රඳා පවත්වාගන්න කටයුතු කරපල්ලා නිකම් බොරුවට වාන් දමන්නේ නැතිව.තෝපි කළේ එදාසිටම තොපේ සාක්කුවලට කොමිෂන් ගන්න පිටින් තෙල්ගේන්විමට කටයුතු කල එකපමණයි. .යකෝ මේකද මෙතරම් කාලයක් තෝපි සියලුමදෙනා කළේ උඩ බලාගෙන සිටිනවා වහිනකම් අපිට විදුලිය දේන්න තෝපි ලජ්ජවෙන්න ඕනේ ඉන්ජිනියර්ලා විදියට ඔතන හිඳගෙන…මෙන්න මේවා දැන්වත් නතර කරපල්ලා නැතිනම් වෙන්නේ රටේ මුදලුත් රටේ ජනතාවත් දුකට පත්වී තව තවත් අපි ගල්යුගයකට තල්ලු වීම පමණි නෝවේද???!!Alapaluwa from**

  3. පුරවැසියා says:

    මයින සාපයෙන් මිදීමේ ප්‍රතිලාභ.

    අර අයියො මට වැරදුනා කිය කියා එහෙ මෙහෙ දුවන කෙස් පැහිච්ච පිස්සා යි කසිප්පු ජොනියා යි අනික් බල්ලො ටිකයි ත් එලෙව්වනං රටට තව සුබ වෙයි.

  4. පිස්සු පූසා says:

    පොහොට්ටුවේ ආන්ඩුවෙ කරුමෙට වැස්සත් නැති උන නිසා මිනිසුන් පාරට බැහැලා උද්ඝෝෂණ කරා. පොහොර තහනම, අනවශ්‍ය විදිහට කොරෝනා එන්නත් ගෙන්නීමට ඩොලර් මිලියන ගානක් වියදම් කිරීම ආන්ඩුව කෙලවාගත් හේතු කීපයක්. කොරෝනා එන්නත් නොකරපු රටවල් වල ලෙඩ ඇත්තටම නැහැ නමුත් සල්ලි ඉතුරු උනා. ඔවුන් බටහිර කුමන්ත්‍රණයට අහු උනේ නැහැ