මධ්‍ය කදුකරයට මහ වැසි ඇද හැලේ..
March 26, 2022 at 6:20 pm | lanka C news
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට (26) දින පස්වරු 4.30 සිට 5 දක්වා ගිගුරුම් සහිත තද වැසි පතිත විය.
හැටන් ප්‍රදේශයට මෙම වර්ෂාව පතිත වු අතර , අධික වර්ෂාවත් සමග හැටන් නගරයේ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක් වැසි ජලයෙන් යට විය.
මාස දෙකකට අධික කාලයක් ප්‍රදේශයේ පැවති අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ පානිය ජල ගැටළුවක්ද මතු වි තිබුණි.
– හැටන් රංජිත් රාජපක්ෂ