මධ්‍යම අධිවේගය ඉක්මනින්ම ඕනෑ.. ඒක අපේ අයිතිවාසිකමක්..- මල්වතු පාර්ශවය

September 24, 2017 at 4:40 pm | lanka C news
මධ්‍යම අධිවේගය ඉක්මනින්ම  ඕනෑ.. ඒක අපේ අයිතිවාසිකමක්..- මල්වතු පාර්ශවය

මධ්‍යම අධිවේගී මාර්ග සම්බන්ධයෙන් මල්වතු පාර්ශවයේ අනුනායක ඉඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියණ් මෙසේ අදහස් පල කලහ

ෙඓතිහාසික මහනුවර නගරය කියන්නේ ලංකාවේ දෙවනි අගනගරයයි. මේ නගරයට කොළඹ සිට පැමිණෙන්න පැය 4 1/2 දැනට ගතවෙනවා. මේ ගත වීම මහා අපරාධයක් හැටියටයි කාලය ගැන සිතීමේ දී මම දකින්නේ. ඒ අනුව වර්ථමාන කාලයේ හැටියට ගමන්බිමන් පහසුව අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඒ අනුව කොළඹ සිට මහනුවරට අධිවේගී මාර්ගය තිබිය යුතුයි. මේ මාර්ගය පුළුවන් ඉක්මනින් ඉදි කර යුතුව පවතිනවා. මම නැවත මතක් කරනවා මහනුවර කියන්නේ ශ‍්‍රී ලංකාවේ දෙවනි අගනගරයයි. මේ අගනගරය දළදා හාමුදුරුවෝ වැඩ සිටින පිම්බිම , ඒ වගේම මල්වතු මහා විහාරය , අස්ගිරි මහාවිහාරය , පේරාදෙණිය පුෂ්ප උද්‍යානය , ඒවගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලය වැනි වටිනා ස්ථාන රැසක් තිබෙන නගරයක් තමයි මේ මහනුවර නගරය. කොළඹ සිට මහනුවරට පැමිණෙන්න පැය 4 1/2 ක් ගත වෙනව නම් ඒක මහා අපරාධයක් . මේ වගේම පහසුකම් ඇති කාලයක මේ අධිවේගී මාර්ගය කඩාකප්පල් කරන්න , මේ අධිවේගී මාර්ගයට විරුද්ධ වෙන්න කිසිම කෙනෙක් ඉදිරිපත් වෙන්න එපා. මේක අපේ අයිතිවාසිකමක් . මේ අධිවේගී මාර්ගය අපේ රටට තිබිය යුතු දෙයක්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ අධිවේගී මාර්ගය සෑදිය යුතුයි. ඒ වගේම ඉදිරියේ දී මහනුවර කර්මාන්තශාලා ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ කර්මාන්තශාලාවට මාර්ග පහසුකම් තිබිය යුතුයි. ඒවායේ නිෂ්පාදන ආපසු කොළඹ වරායට ගෙන යාමට මාර්ග පහසුකම් තිබිය යුතුයි. ඒ නිසා මේ මාර්ග සංවර්ධනය කර දෙන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ඒකට කවුරුවත් විරුද්ධ වෙන්න එපා. ඒ නිසා මෙම මාර්ගය අනිවාර්යයෙන්ම සිදු විය යුතුයි.

මාධ්‍යවේදියාගේ ප‍්‍රශ්ණය : රටේ ප‍්‍රධාන පක්ෂ දේශපාලන පිල්වලට බෙදී තමන්ගේ මත ප‍්‍රකාශ කරමින් රටේ සංවර්ධනයට බාධා කරනවා ?

නායක ස්වාමින්වහන්සේගේ පිළිතුර : මේ රටේ බලයේ සිටින තිබෙන දේශපාලනය පක්ෂයට තිබෙන්නේ අවුරුදු 5යි. ඒ අය මේ අවුරුදු 5 තුල රටට හොඳ දෙයක් කරන්න ඕනා. ඒවට විරුද්ධ නොවී සිටිය යුතුයි. ඒ අයට නැවත වාරයක් බලය ලැබෙන්නේ එතකොටයි. එසේ නොමැතිනම් ජනතාව ඔවුනව ප‍්‍රතික්ශේප කරනවා. එම නිසා මේ දේවල් රටේ අභිවෘද්ධිය සඳහා සිදු විය යුතුයි.

– මහේෂ් සංජිව

187 views

19 Comments to “මධ්‍යම අධිවේගය ඉක්මනින්ම ඕනෑ.. ඒක අපේ අයිතිවාසිකමක්..- මල්වතු පාර්ශවය”

  1. පොඩි නිළමේ says:

    අධිවෙගේ මහින්ද හදයි කියලද එයාට වල කැපුවේ අපේ හාන්දුරෝ?

  2. Junda says:

    මෙයාගේ මුණ දකිද්දීත් අප්‍රසන්නයි .

Main News