මධ්‍යම අධිවේගය කියන්නේ දලදා වහන්සේ වදින්න යන පාරයි.. එය විනාශ කරන්න හදන්නේ පවුකාරයින්..
October 10, 2017 at 11:20 am | lanka C news
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය විනාශ කරන්න හදන්නෙ පව්කාරයන් බව මහා මාර්ග හා උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.
‘මේ පවුකාරයන් කඩාකප්පල් කරන්න යන්නේ දළදා වහන්සේ වදින්න යන මාර්ගයයි. වසර 2000දී හදන්න තිබූ මේ පාර පව්කාරයන් නිසා තවදුරටත් කඩාකප්පල් කරන්න ඉඩ දිය නොහැකියි.
මෙහි පළමු කොටස චීන සමාගමකට දී තිබෙනවා. එය පාර්ලිමේන්තුවේ කැබිනට් පත්‍රිකාවක් මගින් දුන්නේ. දෙවැනි කොටසත් කැබිනට් පත්‍රිකාව මගින් දේශීය කොන්ත්‍රාත්කරුවෙකුට දී දී තිබෙනවා. තුන්වන කොටසත් ඒ ආකාරයටම චීන සමාගමකට දී තිබෙනවා. එහි කිසිදු අර්බුදයක් නෑ’ යයිද ඇමතිවරයා පැවසීය.
Thawa tika kaaalekin oke Hamba palliyak hadanawa.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකට සහභාගි වූ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් ජනතාවගෙන් එල්ල වූ විරෝධය හමුවේ, හූ සංග්‍රහයක් මධ්‍යයේ පළායාමට සිදුවිය.
මේක තමා ලංකාවේ මුලින්ම හැදිය යුතු අදිවේගය.
ඇයි උඹට ගෙදරට යන්න තියෙන්නෙත් ඔය පාරෙන්ම නේද ?
Why highways you can’t eat Kirialla