මධ්‍යම ආණ්ඩුකාර ආරක්ෂක කමිටුව රැස් කරයි..

August 24, 2019 at 8:02 am | lanka C news
මධ්‍යම ආණ්ඩුකාර ආරක්ෂක කමිටුව රැස් කරයි..

මධ්‍යම පළාතේ ආරක්ෂාව තහවුරු කර ගැනීමේ අරමුණින් යුතුව මධ්‍යම ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ඊයේ (23)මධ්‍යම පළාත් ආරක්ෂක කමිටුව රැස්කිරීමට පියවර ගෙන තිබිණි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවති මෙම කමිටු රැස්වීමේදී අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා,

මහජන ආරක්ෂාව යනු රටක් වශයෙන් මෙන්ම පළාතක් වශයෙන් අප අවධානය යොමු කළ යුතු ප්‍රධානතම කරුණක්. එහි හිදැස් ඇති වීමට අප කිසිසේත් ඉඩ නොතැබිය යුතුයි. එසේ හිදැස් තිබීමෙන් පසුගිය කාලවකානුවේදි ඇති ‍වු ශෝකනීය තත්වය අදටත් අප සිත් තුල රිදුම් දෙනු ලබනවා. කෙසේවෙතත්, සාමුහික වගකීමක් වශයෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීම තුලින් අපට මධ්‍යම පළාතේ, රටේ ආරක්ෂක තහවුරු කිරීමට හැකියාවක් ලැබෙනවා. ඇසල පෙරහර සමයේදී අපගේ ආරක්ෂක අංශ වල නිලධාරීන් සිදුකළ මෙහෙය අගය කිරීමටද මා මෙය අවස්ථාවක් කර ගන්නවා. දහස් ගණනින් මහනුවරට එක් රැස් වූ ජනතාව අප රටේ ආරක්ෂක අංශ කෙරෙහි ඇති විශ්වාසය තහවුරු කළා.

මෙම කමිටු රැස්වීමට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් එම්.එස් ප්‍රේමවංශ මහතා, ආණ්ඩුකාර ලේකම් කේ.ජී. උපාලි රණවක මහතා , මධ්‍යම පළාතේ සියලු අමාත්‍යාංශ වල ලේකම්වරුන්, ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරී මහත්ම මහත්මීන් සහභාගී විය.

– රුක්මල් දුෂාන්ත

12,133 Viewers

2 Comments to “මධ්‍යම ආණ්ඩුකාර ආරක්ෂක කමිටුව රැස් කරයි..”

  1. Sadda says:

    මධ්‍යම පලාතේ විතරක් ආරක්ශාව තහවුරු කලාට ඇති පලය මොකක්ද ?. ඕක උඩම ඉදන් ගමට යනකන් රටේම තියෙන්න ඕනෑ වැඩ පිලිවෙලක් . අපේ මහින්ද ජනාධිපති තුමා ගෝඨාභය මැතිදුන් එක්ක ඕක නියම පිලිවෙලට කලා. එයාල ලගදීම ඇවිත් ඒක නිවැරදිව.කරයි.

  2. paparal says:

    oya issara arksaka ansa wiwechanya kara neda

Main News