මධ්‍යම කදුකරයට අධික සුලං සහ තද වැසි… ජන ජිවිතයට බාධා…

July 27, 2021 at 2:10 am | lanka C news
මධ්‍යම කදුකරයට අධික සුලං සහ තද වැසි… ජන ජිවිතයට බාධා…

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට (25) දින සිට අධික සුලං සහ  තද වැසි තත්ත්වයක් පැවතිම හේතුවෙන් ජන ජිවිතයට ගැටළු රැසක් මතු වි ඇත.

අධික වර්ෂාව හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇති අතර , අධික වර්ෂාව සහ තද සුලං තත්ත්වයට අමතරව වරින් වර ඝන මිදුම් තත්ත්වයක්ද ප්‍රදේශය පුරා පවති.

පවතින වර්ෂාවත් සමග හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයෙත් , හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයෙත් රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙසත් එම මාර්ගයට පස් කදු කඩා වැටිමේ අවධානමක්ද පවතින බව හැටන් රථ වාහන පොලිසිය පවසයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

10,099 views
Main News